Wednesday, October 21, 2009

hum dono do premee

හින්දි සිනමාවේ මෙතෙක් ඇසුණු පේ‍්‍රමගීත වලින් සුන්දර පේ‍්‍රම ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය. ගායනය කිශෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර්ගෙනි. සංගීතය ආර්.ඞී.බර්මන්ගෙන් වන අතර චිත‍්‍රපටය අජනබී ය.

පි- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
   අපි ලොවෙන් සැඟවී යන්නෙමු
   අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු


-ඒයි සහෝදරයා කොහෙද මේ යන්නේ?-

ගැ- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
     අපි ලොවෙන් සැඟවී යන්නෙමු
පි-අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු
ගැ-මට නම් මගේ පියාව මතකයට නැගේ
    නොදනිමි මින් ඉදිරියට කුමක් වේදැයි
දෙ- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
     අපි ලොවෙන් සැඟවී යන්නෙමු
     අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු   

ගැ-ටිකක් වාහනේ ඉක්මනට යං කියන්න, අපට බොහෝ දුර යන්නට ඇත
පි- යන ටිකට ගමනෙදි පොඞ්ඩක් සතුටින් ඉන්න
ගැ-විකාර කතා කියන්න එපා,
පි-ගමනෙ දුර අඩු නොවෙයි මොනවා කෙරුවත්
පි- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු. අපි ලොවෙන් සැඟවී යන්නෙමු
ගැ- අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු 
පි-  මට නම් මගේ පියාව මතකයට නැගේ  

පි- අප දෙදෙනා යන්නේ කොහිද? කුමක්ද ඒ නගරයේ නම?
ගැ- ඔබට කැමති තැනකට මාව රැගෙන යන්න එය දැන් ඔබට අයිති දෙයකි.
පි- මා ගැන ඔබේ එතරම් විශ්වාසයක්?
ගැ- මම ඔයාට ආදරය කලානෙ....
ගැ- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
     අපි ලොවෙන් සැඟවී යන්නෙමු
පි-අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු

පි-මොනවද කල්පනා කරන්නෙ
ගැ-මම?  නෑ....මුකුත් නෑ

ගැ- මාව කවදාවත් අතහැර දමල යන්න එපා
පි- ඒ වගේ හිත රිදෙන කතා ආයෙත් කියන්න එපා
ගැ- මට නිකම් හිතට ආවදේ විහිලූවට කිව්වෙ
පි- ඇත්තද මාත් විහිලූවට කිව්වෙ

Monday, October 19, 2009

Mastaana Piye Jaa

මත්වූ මිතුර තවත් මධුපැන් පානය කරන්න
මධුපැන් වීදුරුවක් පානය කොට කුමටද
මුළු අවන්හලේම මධුපැන් පානය කරන්න

දිවියේ සුපුරුදු වේදනාව
මධුපැන් කුසලානයෙහි ගිල්වා දමන්න
ඉදින් දුබල හදවත දැන්වත්
වීරියෙන් යුතුව මධුපැන් පානය කරන්න

මධුපැන් තොලගෑමේ වටිනා පුරුද්ද ගැන
ඔබට නම් කිසි දැනීමක් නැත
අවන්හලෙහි මිතුරන් එසේ පවසත්
ඉදින් මධුපැන් පානය කරන්න

මේ දුර්ජන සමාජයෙහි ජීවිතයක් ලබන්නට නම්
මත් විය යුතුය
ආදරයෙන් උමතුවන්න
ඉදින් හදවතක් ඇති උන්මත්තකය, මධුපැන් පානය කරන්න

අවන්හලෙහි කලබගෑනි වේවි ටික වෙලාවකින්
අවන්හල නුපුරුදු අය නිසා
එළිවෙන්නටත් ලංව ඇත
තවත් මධුපැන් පානය කරන්න

Chane ke khet main

මම අවුරුදු දහඅටක නව යොවුන් තරුණියක් වීමි
වේල්පොටින් හිස වසාගෙන ගියෙමි
අහෝ මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ තරුණකම සොරකම් කරන ලද්දේ විය

පළමුව හේ සලෙලෙකු මෙන් මගේ අතින් අල්ලා ගත්තේය
දෙවනුව ඔහු සෙමින් මගේ ඇඟිල්ල මිරිකුවේය
බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ තරුණකම සොරකම් කරන ලද්දේ විය

මා අවට සැම තැනම ඇත්තේ සලෙල දඩයක්කරුවන් ඇටවූ උගුල්ය
මා අවට සැමතැනම සිටින්නේ තරුණියන්ගේ තාරුණ්‍ය සොරකම් කරන සලෙලූන්ය
‘‘අහෝ මා පැරදුණි, අහෝ මා පැරදුණි’’ මම අවට නෙත් යොමු කරමින් මුර ගෑවෙමි
මා ගියේ මගේ සුන්දරත්වය නොපෙනෙන්නට හිස වසාගෙනය
මා ගියේ දෑත වළළුවලින් පුරවාගෙනය
වළලූ බිඳී ගියේය
හේනෙදි මගේ වළළු බිඳී ගියේය
හේනෙදි බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය

දෙවියනි මගේ ඉරණමක අරුම,
මම දැන් කාටවත් මුහුණ දෙන්නේ කොහොමද?
මට වුණ දේ කාටවත් කොහොම කියන්නද?
දෙවියනි මට මොන මොනවා වුණාද?
කිසිවෙකුත් මගේ උදව්වට නාවේය
මගේ මංගල ඇඳුමින් මම සිටියෙමි
හිසෙහි මල් ගවසාගෙන සිටියෙමි
කනෙහි රන් තෝඩු ගැලවී ගියේය
හේනෙදි කනෙහි රන් තෝඩු ගැලවී ගියේය
හේනෙදි බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය


Tumne Dil Ki Baat Keh Di

ඔබ අද ඔබේ හිතේ ඇති දෙය පැවසීය
ඉන් මා බොහෝ රැවටී ඇති බව වටහා ගතිමි
මා සිතුයේ ඔබ මගේ කියාය

මා ඔබට යමක් කීවේ නම් ඉන් සිදුවූයේ බලාපොරොත්තුවූ දෙය නොවේ
මා කී දෙය සමහර විට ඔබ අමතක කර දමන්නට ඇත
එහෙත් නැවත නැවතත් සිදුවූයේ එයමයැ

ඔබේ දෑසට මේ කඳුලූ ආවේ කොහෙන්ද?
මා ආදරයෙන් උමතුව සිටියද එසේ නොවීය
ඉදින් ඔබට කුමක් සිදුවීද?

දැන් මා කාට කවර ලෙසකින් මගේ කතාව කියන්නද?
දෙවියන්ට පින් සිදුවන්නට මේ හැමදේම මෙලෙසින් සිද්දවුනේ හොඳටයැයි සිතා සිත හදාගනිමි.

Khanjar hain Teri aankhen Talwar teri aankhen

කැපෙන පිහිතලයක් වැනි කගපතක් වැනි නුඹේ දෑස
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

මත් කරවන බැල්මෙන් පිරි දෑස හිමි නුඹව
දෙවියෝම සුරකිත්වා
මගේ මතකයේ සැමවිටම රැඳී ඇත්තේ නුඹේ දෑසමය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

නුඹේ කතාකරන දෑස මහා දිගු කතාවක් පවසයි
නුඹේ දෑසටම වෙන්වුණු භාෂාවක් ඇත්තා සේය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

මම නුඹේ දෑසින් දෙවියන්වද දකිමි
මෙහා ඉවුරෙත් නුඹේ දෑසය එහා ඉවුරෙත් නුඹේ දෑසය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

නුඹ දහස් ප‍්‍රයෝග දමමින් සඟවන්නට උත්සාහ දැරුවත්
ආදරය සැඟවිය නොහැකිය
නුඹේ දෑස ආදරය පිළිබඳ බලාපොරොත්තු නෙතු දල්වා සිටී
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස