Showing posts with label Meera Bhajan. Show all posts
Showing posts with label Meera Bhajan. Show all posts

Monday, October 24, 2016

Karna fkiri phir kya dilgiri


 
යමෙකු තපස්‍ය දිවියට නැඹුරුවූ විට කවරවූ නින්දාවක්ද
සතුටින් යෝගාසනයෙහි දැහැන්ගතවන්න
දිනෙක යන්නට අසුන් බැඳි රථ විය
දිනෙක ඉන්නට මාළිගා විය
දිනෙක සියල්ල අහිමිව වනවාසීවන්නට සිදුවේ

දිනක ඇතුන් පිට ගියේය
දිනෙක අසුන් පිට ගියේය
දිනෙක පයින්ම ඇවිදින්නට සිදුව ඇත

දිනෙක රසමසවුලූ ලැබුණි
දිනෙක ප‍්‍රණීත අතුරුපස ලැබුණි
දිනෙක කුසගින්නේ වසන්නට සිදුව ඇත

දිනෙක විල්ලූද පලස් විය
දිනෙක සුවපහසු සහන විය
දිනෙක ඇතිරිල්ලක් හෝ නැතිව නිකම්ම බිම සැතපෙන්නට සිදුව ඇත
දිනෙක මීට වඩා දේ කරන්නෙමි
භගවත නුඹ හා දැහැනින් බැඳෙන්නට හැකිනම්