Wednesday, December 21, 2016

Dreamum Wakeupum

සංගීතවත් කල ආකාරය, ගායනා කල ආකාරය අපූරුය. ගීතය නම් තුට්ටු දෙකක වටිනාකමක් නැති ගීතයක් ලෙසින්ද නම් කල හැකිය. එහෙත් ගේයපද රචනයේදී කර ඇති තක්කඩිකම අපූරු දක්ෂකමකි. මෙහි උත්තරභාරතීය පද සහ ඉංග‍්‍රීසි පද දකුණු ඉන්දියානු ශබ්ද කරන ආකාරයටම සිංහලෙන් ලියමි.

ඞී‍්‍රමම් වේකපම් ක‍්‍රිටිකල් කන්ඞීෂනම්
අර්තම් ක්වේකපම් හිලඩුල සබ ශේකපම්
ෆේසටුෆේසම් ධරතිපූතරම්
ටෝපටුබේසම් කාමසූතරම්
තයිසම් තන්ඩරම් ඩවුනම් අන්ඩරම්
සයිසම් මැටරම් තින්කම් වන්ඩරම්
ජම්පින්ගම් පම්පින්ගම්
ත්‍රෝබින්ගම් තම්පිංගම්
ඔන්ඩෘ රෙන්ඩූ මූණු නාල

හාටබීටනම් ඩෝල පීටනම්
ලව් ලස්ට ඩබල් කෂ්ට බඩා ඞීටනම්
බෝඩිහීටනම් හෝටසීටනම්
කෝලිං ෆයර්බි‍්‍රගේඩ භී ඩිෆීටනම්
සේමටුසේමම් දිල් මේ ඌතරම්
ටෝපටුබේසම් කාමසූතරම්
තයිසම් තන්ඩරම් ඩවුනම් අන්ඩරම්
සයිසම් මැටරම් තින්කම් වන්ඩරම්
ජම්පින්ගම් පම්පින්ගම්
ස්ත‍්‍රීලිංගම් පුල්ලිංගම්
ඔන්ඩෘ රෙන්ඩූ මූණු නාල


Oh My!
Dreaming and Waking up, it's a critical condition
There's an earthquake, everything is shaking
Face to face, son of the Earth
Top to bottom, it's like Kama Sutra
Thighs and thundering, down and under
Size does matter
Thinking and wondering
Jumping
Pumping
Throbbing
Thumping
One, two, three, four

Heart is beating, the drums are hitting
Love and lust, it's double problem
Very arrogant
Body is heating up
The seat is getting hot
Even calling the fire-brigade is useless as it's getting defeated
It's same to same
You're going into my heart
Thighs and thundering, down and under
Size does matter
Thinking and wondering
Jumping
Pumping
The female gender
The male gender
One, two, three, four

Monday, October 24, 2016

Karna fkiri phir kya dilgiri


 
යමෙකු තපස්‍ය දිවියට නැඹුරුවූ විට කවරවූ නින්දාවක්ද
සතුටින් යෝගාසනයෙහි දැහැන්ගතවන්න
දිනෙක යන්නට අසුන් බැඳි රථ විය
දිනෙක ඉන්නට මාළිගා විය
දිනෙක සියල්ල අහිමිව වනවාසීවන්නට සිදුවේ

දිනක ඇතුන් පිට ගියේය
දිනෙක අසුන් පිට ගියේය
දිනෙක පයින්ම ඇවිදින්නට සිදුව ඇත

දිනෙක රසමසවුලූ ලැබුණි
දිනෙක ප‍්‍රණීත අතුරුපස ලැබුණි
දිනෙක කුසගින්නේ වසන්නට සිදුව ඇත

දිනෙක විල්ලූද පලස් විය
දිනෙක සුවපහසු සහන විය
දිනෙක ඇතිරිල්ලක් හෝ නැතිව නිකම්ම බිම සැතපෙන්නට සිදුව ඇත
දිනෙක මීට වඩා දේ කරන්නෙමි
භගවත නුඹ හා දැහැනින් බැඳෙන්නට හැකිනම්

Thursday, June 16, 2016

yeh zameen gaa rahi hai

මේ පොලවද ගයයි
අහසද ගයයි
මා සමගින් සොබාදමම ගයයි

ප‍්‍රියවූ මල්කැකුලූ සලූ මුදමින් පිපෙන්නේය
මත්වූ පිපුණු කුසුම් හදවත්ද රිද්මයට ගැහෙනු දැනෙයි

මේ වසන්ත ඍතුවම ගයනු ලබයි
වලාවන් ඇදී අවුත් ගිරි ශිඛරයන්හි පැටලෙයි
ආදරයේ සිතැත්තියක් අසළට පැමිනේවි
මේ මහද ගයන්නේ ආදරයේ ගීතයයි

යන මං අසාදැනගන්නට මංගල වේල් පටින් වහංවී ආදරියක් මා වෙත ඒවිද
ඒ ලෙසින් ගැයෙන්නේ මේ යව්වනයේ සුන්දර ආදර ගීතයයි


Thursday, January 07, 2016

Saathi Re Bhool Na Jana Mera Pyar Asha Bhosle

මා ජීවිතයේ අසා තිබෙන හින්දි ගීතවලින් ඉතාමත්ම සුන්දර සංගීත රචනාවකි මෙය. එසේම එය ගායනය ඉතාම සංකීර්ණ බව නම් අසන සැම විටම දැනේ. ආශා භෝංස්ලේ මේ ගීතයට පන දෙන ආකාරය කිසි දිනෙක අමතක කල නොහැකිය. ඇගෙන් පසු මේ ගීතය කවරෙකු හෝ කොතැනකදී හෝ ගැයුවානම් ඇය තරම් සාර්ථකව ගයන්නට නොහැකිවූ බව මම සෑම තැනකදීම දුටුවෙමි.

අරුතට පනදෙන මෙවැනි සංගීත රචනයක් කල හැක්කේ කෙසේද? මම බොහෝ විට සිතමි. රවීණ්ද්‍ර ජෛන් අන්ධ කලාකරුවෙකි. ඔහුගේ නොපෙනෙන දෙනෙතට කෙතරම් සුන්දර තැන් සොයා ගිය හැකිද? පදරචනයද සංගීත රචනයද ඔහුගේමය.

ගීතය පටිගත කරන්නට ගිය විට ඒ ගායනය සංකීර්ණ බව ආශා භෝංස්ලේ අවබෝධ කොට ගත්තාය. රවීන්ද්‍ර ජෛන් විමසා ඇත්තේ එක් දෙයකි.

මෙය ගයන්නට බැරි නම් නුඹත් ගායිකාවක්ද?

ඉන් ලද පන්නරය නිසා ඇය බොහෝ පුහුණුවී මෙය ගායනා කොට ඇත.

ඇගේ හැකියාවෙහි අගය ඇත්තේ එවකට මේ ගීත පටිගත කරන්නේ එක්වරම වන නිසාය. අද මෙන් පේලියෙන් පේලිය කොටසින් කොටස ගයා නොවේ. ඉන් වැටහෙන්නේ ඇය කෙතරම් දක්ෂද කියාය.

ගීතය මා තනිවූ සැම අවස්ථාවකම රස විඳින සදා ප‍්‍රිය කරන ගීතයකි. මේ සංගීත රචනය අප කෙතරම් දුර ගෙනියනවාද කියා සොයා බලන්න.

සුපෙම්වත
මගෙ ආදරය අමතක නොකරන්න
මා කළ කැපවීම කෙතරම්දැයි මඳකට සිතන්න

ඔබට මා දුරස් කළයුතුම වේ නම්
ඒ දුර නෙතු මානයම සීමාව කරගන්න
ඔබ හා බැඳීම ඇත්නම් එපමණයි ඒ මගේ ජීවිතයේ වසන්තය ළගාවීමයි

ඇතැම් විට මේ රාත‍්‍රිය කවදාකවත් නිමා නොවනු ඇත
සතුටෙහි මේ මධු කුසලානය කිසිදිනෙක නොසිඳෙනු ඇත
නමුදු එළැඹෙන අරුණෝදය ගැන හදෙහි කොතැනක හෝ සැමවිටම බයක් ඇත
එබැවින් සුපමේවත, මා තනි නොකරන්න