Wednesday, October 12, 2011

Bakkamma Bakkamma - Shatranj [1969]

1969 වසරේදී තිරගතවූ ශත්රන්ජ් චිත‍්‍රපටයේ රාෆි ශාරදා යුවළ ගැයූ මෙම ගීතය ඉමහත් ජනප‍්‍රියත්වයට පත්විය. මෙම ගීතයේ විශේෂත්වය හින්දි සහ තෙළිඟු ද්වි භාෂාවෙහිම වචන ගීතයට යොදාගෙන තිබීමය. රාෆිට එය ගැයීම නුහුරු අත්දැකීමක් වුවත් ශාරදාට එය පහසුවී ඇති බව ගීතය ශ‍්‍රවණය කරන විට අපට වැටහේ.

ලංකාවේද මෙම ගීතය කෙතරම් ජනප‍්‍රියවීද කිවහොත් සතියට කිහිප වතාවක් ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රචාරය කරන ලද්දේ විය. මෙය ලංකාවේ ජනතාව අතර පැතිර ගිය තරමට මෙහි වචන නොදත් නිසා විවිධ වචන ඇසෙන ලෙසින් යොදාගෙන ගයන්නට ගීතලෝලීහු පෙළඹී සිටියහ.

එච්ආර්ජෝතිපාල විසින් මෙය සැලෙන ලෙලෙන දළුව විළස නිතඹ නලෝලා නමින් පද යොදා ගැයුව අතර එයද ලංකාවේ ජනප‍්‍රිය විය. එය ජනප‍්‍රියවුවද පෙර මුල් ගීතයට වෙනම ඇළුම් කිරීමක් අප අතර තිබූ බව අදටත් අසද්දී අපට අවබෝධ වෙයි.

බක්කම්මා බක්කම්මා බක්කම්මා බක්කම්මා
කොහෙද යන්නෙ, මෙහෙ එන්න

යෙන්ගන්නා යෙන්ගන්නා යෙන්ගන්නා යෙන්ගන්නා
කොහෙද යන්නෙ මෙහෙ එන්න

චින්නම්මා චින්නම්මා චින්නම්මා චින්නම්මා
කොහෙද යන්නෙ මෙහෙ එන්න

අහෝ මගෙ පන බක්කම්මා බක්කම්මා මා අසළට එන්න
දෙවියන්ගෙ නාමෙට මා අසළට එන්න බක්කම්මා බක්කම්මා
අද මම ඔබගේ හදවතෙහි බෙරය වයන්නෙමි බක්කම්මා

යෙන්ගන්නා යෙන්ගන්නා
බක්කම්මා බක්කම්මා

මා මුසපත් කරන්න යෙන්ගන්නා යෙන්ගන්නා
දෑසින් මා මත් කරවන්න යෙන්ගන්නා යෙන්ගන්නා
මත්බවින් මා අල්ලාගෙන මා උමතු කරන්න යෙන්ගන්නා

මම ඔබ සමගින් එන්නෙමි බක්කම්මා බක්කම්මා
මම ඔබව මගේම කරගමි බක්කම්මා බක්කම්මා

මාව ආදරයෙන් ඔබගේ ලෝකයට රැගෙන යන්න යෙන්ගන්නා

Titli Udi Ud Jo Chali - Suraj [1966]

අප කුඩාකල ගැයූ ‘‘රන්වන්පාටයි සමනලයා’’ වැනි භාරතයේ ජනප‍්‍රිය ලමා කවියක් ඇසුරුකොට ලියන ලද අපූරු සුන්දර ගීතයකි. මෙහි ගායිකාව වූ ශර්දා නම් දමිළ ගායිකාවගේ හින්දි සිනමාගමනය සිදුවූ මෙම ගීතය නොසිතූ ලෙසින් හැටේ දශකයේ භාරතය පුරා ජනප‍්‍රිය විය. එය ලංකාවේද ජනප‍්‍රියවූ ගීතයකි. සරළ සුන්දර ගීතයකි.

සමනලිය තටු සැලීය
තටු සලා පියඹා යන්නීය
මල ‘‘ඉදින් මා අසළට එන්න’’යැයි අඬ ගැසීය
‘‘මම අහසට පියඹමි’’ සමනලිය කීවාය

අහසෙහි තරුමල් පිබිදෙයි
ඒ මාගේ ජීවන උයනය
එය මා කෙසේ අමතක කරන්නද
එහි කිසිදු බැඳීමක් නැත
එහි කිසිදු සීමාවක්ද නැත
වලා පසුකර මා යායුත්තේ එහියැ

මල මෙසේ පවසයි ‘‘ඔය ගමනෙන් පලක් නැත,
නුඹ එනතුරු එහි කවුරුත් බලා නොසිටී’’
සමනලිය තටු විහිදා මෙසේ පැවසුවාය
‘‘මගේ රජකුමරා සිටිනුයේ එහිය’’

සමනලිය පියඹා පියඹා
සිහින මැවූ තැනට ගියාය
අළුත් ලොවකට ඇය පිවිසියාය
ඇයට සිහින කුමරාත්
සිහින මැවූ ආදරයත් එහිදී සමුවිය