Wednesday, April 27, 2011

Ruk Jaa O Jaanewali Ruk Jaa

නික්ම යන්නියේ නවතින්න
ඔබ දක්නා රිසියෙන් ආ මගියෙකි මම
ඔබ මා දුටු පමණින් නරක අයෙකුයැයි සිතුවද
හදවතින් මම නරක අයෙකු නොවෙමි

මෙතුවක් මම ඔබව දැක නැත්තෙමි
ඔබේ රුව පවා නොහඳුනමි
ඔබ පැමිණ සැණින් නික්ම යන්නීය
හිරු නොදුටු ගලන දිය පහරක් මෙන්

බොහෝ කලක සිට මහද සිහිනයෙහි
මහරැජිණ නුඹය
මෙතුවක් මුණ නොගැසුණත්
මේ පැරණි ඇඳුනුම්කමකි

ආදරයේ මාවතට පිවිසෙන්න
දෑත් පටලවාගෙන පියවර නගමු
ලොවක්  ගයන
ආදරයේ සුන්දර ගීතය ගයමින්

ගායනය- මුකේශ්
සිනමා පටය- කන්හෙයියා
සංගීතය- ශන්කර් ජෙයකිශන්
පද රචනය- ශෛලේන්ද්‍ර සිංග්