Showing posts with label rahi manwa. Show all posts
Showing posts with label rahi manwa. Show all posts

Monday, June 29, 2009

rahi manwa

ගමන් සගය දුක දරාගත නොහී කුමට තැවෙනුද
දුක අපේ මිතුරෙක් නොවෙද?
සැප යනු පෙනී නොපෙනී යන මායාවක් නොවෙද?
ඉදින් දුක මිතුරෙක් ලෙසින් සිතනුව

ගමනේ නිමාව තව බොහෝ දුර වුවත්
ඒ මග දහසක් කටු අකුල් වුවත්
අප අතර බැඳීම සවිබල නම්
කුමට කම්පා වන්නද?

නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න

දුක පමණක්ම ඇති විටෙක
ගමනෙහි බලාපොරොත්තු පහන් දල්වා ගන්න
මෙතරම් දිගු ගමනක තනිව යෙදෙන විට
නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න
ඉතින් කුමට කම්පා වන්නද?


Get this widget | Track details | eSnips Social DNA