Showing posts with label mukesh. Show all posts
Showing posts with label mukesh. Show all posts

Wednesday, April 27, 2011

Ruk Jaa O Jaanewali Ruk Jaa

නික්ම යන්නියේ නවතින්න
ඔබ දක්නා රිසියෙන් ආ මගියෙකි මම
ඔබ මා දුටු පමණින් නරක අයෙකුයැයි සිතුවද
හදවතින් මම නරක අයෙකු නොවෙමි

මෙතුවක් මම ඔබව දැක නැත්තෙමි
ඔබේ රුව පවා නොහඳුනමි
ඔබ පැමිණ සැණින් නික්ම යන්නීය
හිරු නොදුටු ගලන දිය පහරක් මෙන්

බොහෝ කලක සිට මහද සිහිනයෙහි
මහරැජිණ නුඹය
මෙතුවක් මුණ නොගැසුණත්
මේ පැරණි ඇඳුනුම්කමකි

ආදරයේ මාවතට පිවිසෙන්න
දෑත් පටලවාගෙන පියවර නගමු
ලොවක්  ගයන
ආදරයේ සුන්දර ගීතය ගයමින්

ගායනය- මුකේශ්
සිනමා පටය- කන්හෙයියා
සංගීතය- ශන්කර් ජෙයකිශන්
පද රචනය- ශෛලේන්ද්‍ර සිංග්


Tuesday, September 15, 2009

Aa Laut Ke Aaja Mere Meet

නැවත හැරී එන්න
නැවත හැරී එන්න මගෙ සොඳුරිය
මගේ ගීතය ඔබට අඬගසයි
මගේ දිවිය ඔබ නැතිව සංගීතවත් නැත

අහසෙත් වැස්ස දෑසෙත් වැස්ස
හදවතෙහි මහා වේදනාවකි
සීතල සුළඟ මා වෙවුළුවයි
අහෝ සොඳුරිය දැන්වත්
මා ඉදිරියෙ පෙනී සිටින්න
කෙසේ ඔබ රැක සිටීද ආදරයේ පොරොන්දු
නැවත හැරී එන්න මගෙ සොඳුරිය
මගේ ගීතය ඔබට අඬගසයි


වරෙක සිනාව වරෙක වේදනාව
මේ කවර ජීවන ක්‍රීඩාවක්ද
මොහොතක හමුවීම මොහොතින් වෙන්ව යාම
දින දෙකක සැණකෙලියකි මේ දිවිය
මේ මොහොත ගෙවී යන්නට ඉඩ නොදෙන්න
මගේ ගීතය ඔබට අඬගසයි
නැවත හැරී එන්න මගෙ සොඳුරිය
මගේ ගීතය ඔබට අඬගසයි