Saturday, September 04, 2010

Pyar Hua Hai Jabse

අභිලාෂා චිත‍්‍රපටයට මජ්රූහ් සුල්තාන්පුරි ලිවූ, ආර්ඞී බර්මන් සංගීතය සැපයූ මෙම ගීතය කිශෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර් ගයන ලදි. මෙහි සිංහළ අනුකරණ ගීතය ලංකාවේ අතිශය ජනප‍්‍රිය විය. එය මෑතකදී නැවත ගායනය කෙරුණි. එයද ජනප‍්‍රිය විය. මා ඒ ගීතය ගැන සඳහන් නොකලේ මෙම ගීතය අසන විට ඔබට එය මොනවට මතක් වන බැවිනි.

ගැ-සිතෙහි ආදර හැඟුම් ඇතිවුණා පමණි
කිසිදු අස්වැසිල්ලක් නැතිවිය
දෑස තදින් වසාගත්තත්
නුඹ හදවතින් නික්ම නොයයි

පි- නුඹ මගෙ තුරුල්ලේ සැතපෙයි
ගැ- ඉතින් පෙම්වත නුඹ තවමත් මගේ බැල්මට හසු නොවී
සැඟව සිටින්නේ ඇයි?
පි- අනේ මගේ පණ, මා සිටින්නේ ඔබෙ හදවත තුළය
තවමත් ඔබ මා දැක නැත්නම්
අපොයි ඉතින් මං මොනව කරන්නද?

ගැ- මේ ඔබේ දෑතට මගේ හදවත ගෙන රැකගන්න
පි- හදවත ආදරයෙන් දැන්නම් උමතුව ඇත එබැවින් නොඑන්න මවෙත
ගැ- එහෙත් මේ හදවතෙහි ඉපදෙන සිහින කා ගැනද
අහෝ ආදර උන්මත්තකය, ඒ සිහින ඔබ ගැනය.
අපොයි ඉතින් මං මොනව කරන්නද?

ඔබේ වරල මුදා හැර සොරකමකි කලේ
අනේ නපුරෝ මා සිත රිදවා ඔබට ලැබෙන්නේ කුමක්ද?
මගේ පණ, ඔයාව කේන්ති ගැස්සුවහම
ඔයා හරිම ලස්සනයි
අපොයි ඉතින් මං මොනව කරන්නද?