Showing posts with label Lata Mangeshkar. Show all posts
Showing posts with label Lata Mangeshkar. Show all posts

Monday, February 04, 2019

Hum Ne Sanam Ko Khat Likha

(මා දන්නේ ඔහු බොහෝ කඩවසම් බව පමණකි
එහෙත් ඔහුට යවන ලිපියට ලිපිනයක් අවශ්‍ය නොවෙද)

මම පෙම්වතාට ලිපියක් ලිවීමි
ආදර පෙම්වතා, හදවතේ වීදිය, විශ්වාසයේ නගරය

මගේ ලිපිය කොහි යාවිද, මොනවා වේවිද
වැරදි පුද්ගලයෙකුගේ අතට ගියහොත් මොන කරදරයක් වේවිද
අනේ දෙවියනි එහෙම නම් වෙන්න එපා

මේ නිකම් ගසක කොලයක් නොවෙයි
නිකම්ම කඩදාසි කැබැල්ලක්ද නොවෙයි
මේ හදවතේ බලාපොරොත්තුවයි
මේ මගේ ප‍්‍රාණයයි
මොන තරම් හදගැස්මකින්ද මේ ලිපිය පෙට්ටියට දැමූයේ
මගදි නැතිවෙන්න නම් එපා

වසර ගණනක් බලා සිටියෙමි
මා ලිවූ ලිපිය නැවත මටම දෙමින්
ලියුම්බෙදන්නා මට මෙසේ පැවසීය
මේ නමින් කිසිවෙක් නැත
මේ නමින් වීදියක් නැත
මේ නමින් නගරයක්ද නැත
මෙහි නොව ලොව කොතැනකවත්



Friday, May 15, 2015

Ae Ri Pawan

ලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි.

හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි

හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර හඬයි සන සන සන් නදින්
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද

තනිව හමා යන්නී
නුඹය මාගේ එකම මිතුරිය
පවසන්න, කිසිවෙකු නැති ජීවන ගමනේ
තනිවූවෙකුට ජීවිතයක් කියා දෙයක් තිබේද?
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද