Thursday, December 09, 2010

Mora sajan sautan ghar jaye

ඉතාම සුන්දර ඨුම්රි ගායනයක් වූ මෙම ගීතය අයත් වූයේ 1972 තිරගතවූ පාකීසා චිත‍්‍රපටයටය. ගායනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ සිට උතුරු ඉන්දියාව තෙක් තම සුමිහිරි හඬින් සරළ ශාස්ත‍්‍රීය සංගීත රසිකයන් පිනවූ වාණි ජෙයරාම්ය. කෙටි ගායනයක් වූ මෙය අසා රස විඳින්න. ඉතාම මිහිරි සංගීත ශෛලියකි.

මෙය නෞෂාඞ් සහ ගුලාම් මොහොමඞ් යන සංගීත අධ්‍යක්ධකවරුන් දෙදෙනාම සංගීතය සැපයූ චිත‍්‍රපටයකි.

තවත් අතිවිශේෂත්වයක් වන්නේ එවකට ඨුම්රි සහ සරළ ශාස්ත‍්‍රීය ගායනයේ ඉහළම නමක් දිනා සිටි ශෝභා ගුර්තු, වාණි ජෙයරාම්, පර්වීන් සුල්තානා, රාජ් කුමාරි, නසීම් බනෝ සමගින් ලතා මංගේෂ්කාර්වද ගායනයට යොදා ගැනීමය.

මගේ සැමියා නගරසෝබනියන් වෙත යන බව
මම ලොවට කෙසේ කියම්ද

මා විමසුවහොත් ඔහු සත්‍ය නොපවසයි
දිව්ර දිව්රා පවසන්නේ මුසාවන්මයැ
මම ලොවට කෙසේ කියම්ද

Sunday, December 05, 2010

Aahun Aahun

ගීතය- අහූන් අහූන්
ගායනය- නීරජ් ශ‍්‍රීධර්
සංගීතය- ප‍්‍රීතම්
පද රචනය- ඉර්ෂාද් කාමිල්
චිත‍්‍රපටය- ලව් ආජ් කල්
මෙම ගීතය වැඩි වශයෙන් ලියැවී ඇත්තේ පංජාබි බසිනි.


කතා කරන්න, සිනහවන්න මා සමග
මවෙත එන්න, මඳක් ආදරය පෙන්වන්න
මට ඔබේ වන්නට ඉඩ දෙන්න
මා තුළ ඊර්ෂ්‍යාව ඇති නොකරන්න

ආදරය අති දුෂ්කරය,
නමුදු අතිශය මිහිරි රෝගී බවෙකි
you wanna let it going on
ආදරය බොහෝ දිගු ගමනකි
අනවසරයෙන් පවා යා හැකි ගමනකි
but get you ride it on yeah come on
හදවත හදවතක් පතයි
ආදරයෙහි දැවටෙයි දැවටෙයි
එහි ජීවත්වීමෙන්ම දෙවියන් පවා දැකිය හැකිය
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්

ආදරය හදවත්හි තරඟයයි
ඒ තරඟය පැරණිය එහෙත් නැවුම්ය
you never see it going old
දෙවියන් පවා ආදරයට අනුමැතිය දී ඇත
එය හදවත්හි ව්‍යාපාරයයි
before you know it your heart is sold

දෑස් සටන් කිරීම ඇරඹෙනු ඇත එය කෙමෙන් වැඩිවනු ඇත
දෑසෙහි සටන් අතර හදවත සොරකම් කෙරෙනු ඇත
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්

මතකය අමතක කරන්නට වුවමනා නැත
මගේ සුසුමෙහි පවා ඔබ ගැන මතකයන් රඳවා ගනිමි
ඔබ සමග ගතකල නිමේශයන්, සුන්දර රාත‍්‍රී, ඔබ මුණගැහුණු අවස්ථා
කතාකරමින් සිටියහොත් රැයද නොදැනී ගෙවී යයි
ආදරයෙන් දැවී ගොස් නැවතත් ඇරඹුමකි
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්