සැම විටම
එහෙත් මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මම සියල්ල දනිමි
නුඹ නුඹේම හදවතට හැමදාම සවන් දෙයි
මිතුර
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මගේ වේදනාව වූයේද නුඹය
මට වූ අස්වැසිල්ලද නුඹම විය
දැක්ම පමණක් නොව මගේ ඇස් දෙක වූයේද නුඹමය
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
|