Wednesday, October 28, 2009

kehna hai kya

පිරිස-හෙමින් සැරේ රහසින්
ඔබ කලබලයට පත්ව ඇතත් ඔබේ දෙතොල් නිහඬය
කෙතරම් කලබල මැද්දේද ඔබ නිහඬව හිඳගෙන හිඳී
ඔබේ සුන්දර වතකමලින් අපට යමක් පවසයි
ඔබේ දෑසෙහි පේ‍්‍රමයේ සිහිනයක් ඇතැයි අපි දකිමු
කවර කරුණකට අප හා ලජ්ජාවන්නද
සුන්දරියේ අපටත් මඳක් පවසන්න

ගැ-මොනවා කියන්නද? මගේ දෑස ආගන්තුකයෙකුගේ නෙතු ගැටුණි
එය ආදරය පිළිබඳ හැඟීමක්ද ඇති කලේය
මින් පෙර අත් නොදුටු සිතුවිලි හදවතෙහි පිබිදෙන්නට විය
අප දෙදෙන කිසිදිනෙක මුණ ගැසී නැතිවද හදවත් මුණගැසුනේ කෙලෙසකදැයි නොදනිමි
මම දැන් කුමක් කරන්නද?
ඔහුගේ නම කුමක්ද?
මා කුමක් කියා අමතන්නද?

පළමු බැල්මෙන්ම අපි දෙදෙනා අතරමංවීමු
අපේ දෑස්වලින් ආදරයේ වර්ෂාව ඇදහැලෙන්නට විය
ලජ්ජාව කෙමෙන් දැනෙන විට මම හිස පහත් කරගතිමි
සීතල සුළඟද මට පීඩා කරන්නට විය
ඇඳ සිටි සළු පවා සුළෙඟහි ලෙල දෙවමින්
මගේ හදවතෙහි මහා කුණාටුවක් ඇති විය
මා උන් තැන එසේ සිටියදීම ඔහුට වසඟවීමි

මගේ දෙතොල් ඔබ ගැනත් ඔබේ ආදරය ගැනත් ගී ඉල්ලා සිටී
ගතවන හැම මොහොතකම මගේ දෑස ඔබවද ඔබේ ආදරයද සොයයි
මෙතරම් පිරිසක් මැදද මගේ හදට තනිකම දැනේ
ඔබ නොපෙනී යාදැයි මගේ හදවත බියෙන් ගැහෙයි
අද මා කෙතරම් සතුටට පත්ව ඇත්දැයි කිවහොත් මගේ මුළු ලෝකයම රඟදෙයි
ඔබ ලදොත් මට ජීවිතය ලැබුණා වැනිය


Tuesday, October 27, 2009

Meri Zindagi Mein Ajnabee Ka Intezar Hai

ගැ- සඳ වෙනුවෙන් නොවේ තරු වෙනුවෙන්ද නොවේ
මල් වෙනුවෙන් නොවේ වසන්තය වෙනුවෙන්ද නොවේ
බැල්මන් වෙනුවෙන්ද ඉඟිබිඟි වෙනුවෙන්ද නොවේ
දන්නා කියන අයෙකු වෙනුවෙන් නොව නොදන්නා අයෙකු වෙනුවෙන්ද නොවේ

ගැ- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුකයෙකු වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඔහුට ආදරය කරමි
මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි
අහෝ ආගන්තුකය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත

පි- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුක තරුණියක වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඇයට ආදරය කරමි
මම ඒ ආගන්තුක තරුණියව හඳුනමි
ඇය මගේ සිහිනයට නිතර පැමිණෙන්නියකි
අහෝ සුන්දරිය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත

පි- සුගන්ධය පිරි වීදියේ හමන සුළෙඟහි දුටිමි මම
ඒ මුහුණ මම සුන්දර මොහොතකදී දුටිමි

ගැ- මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි
ආදරයේ උන්මත්තකයෙකි ඔහු
මගෙ දෙතොල පිපාසාවෙනි මහද නොඉවසිලිමත්ය
මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි

ගැ-දැන් මම ඔහු වෙනුවෙන් රැයම නිදිවරා බලා සිටිමි
අප දෙදෙනා මුණගැසෙන මොහොත ලඟා කරන්නැයි මම දෙවියන්ගෙන් යදිමි

පි- අනේ මගේ හද, ආදරය වෙනුවෙන් දුරස්ථවීමද අවශ්‍යය
මගෙ හද ගැස්ම කියන්නේ ඒ දුරස්ථ බව ඉතා ටික කලක් බවය

ගැ- මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි

www.songs.pk - Meri Zindagi Mein Ajnabee .mp3
Found at bee mp3 search engine