Friday, September 10, 2010

Maine Poocha chand se

තරුණියකගේ සුන්දරත්වය එමට වනමින් ලියැවී ඇති මෙම ගේය පද්‍යය රචනා කොට ඇත්තේ ආනන්ද් බක්ෂිය. අබ්දුල්ලා චිත‍්‍රපටයට රාෆි මෙය ගයන ලද්දේ ආර්ඞී බර්මන්ගේ සංගීතයටය.

මම සඳෙන් විමසුවෙමි
කොතැනකවත් දුටුවෙද කියා
මගේ පෙම්වතියගේ මෙන් සුන්දර සිනහවක්
‘‘සඳකිරණ පල්ලා කොතැනකදීවත් නොදුටුවෙමි’’යැයි
සඳ දිවුර දිවුරා පැවසීය

මම ඔබ ගැන සෙවීමි
මම සැම තැනකම ඔබගේ මේ සුන්දරත්වය සෙවීමි
අළුතින් පුබුදින පොහොට්ටු වලින් ඔබට සමවූ යමක් විමසීමි
පිපුණු මල් අතර ඔබ වැන්නියක සෙවීමි
මල් උයනෙන්ද විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘උයනෙහි සෑම පූදින මලක් පල්ලා මම නම් නොදුටුවෙමි’’යැයි
මල් උයන දිවුර දිවුරා පැවසීය

ඔබේ ලැසි ගමන තරඟ රළ මෙනි
ඔබේ දිගු වරළ රාත‍්‍රියක දිගු කතාවකි
දෙතොල නෙළුම් පෙත්තක කැඩපතක් බඳුය
දෑස මත්බවෙහි රුජිණකි
මම මධු ශරාවෙන් විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘මත්බව පල්ලා මම නම් නුදුටුවෙමි’’යැයි
මධුශරාව දිවුර දිවුරා පැවසීය

ඔබගේ සුන්දරත්වය දෙව්ලොවින් පහළවූ විස්කමකි
මීරාගේ ගසල් ගීතයකැයි මම ඔබට අමතම්ද
නැතහොත්  ඕමර් ඛයියාම්ගේ රුබයියාට් කවියකැයි පවසම්ද
මම කවියන්ගෙන් විමසීමි
ඔබට සමවූ ශෘංගාරාත්මක කවි සිතුවිල්ලක්
අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘කවීත්වය පල්ලා අප නම් නොදුටුවෙමු’’යැයි
කිවියෝ දිවුර දිවුරා පැවසූහ


Sunday, September 05, 2010

I don't know what to do

මෙය ප‍්‍රහසනාත්මක පෙම් ගීයකි. චිත‍්‍රපටය හවුස් ෆුල් වෙත්. සුනිධි චෞහාන් සමගින් කලකින් ගායනයට යලි පැමිණි ශබ්බීර් කුමාර් ගයන්නේ ශන්කර්, එහෙසාන්, සහ ලෝයි ගේ සංගීතයට අනුවය.

ගැ- සෙමින් සෙමින් ටිකෙන් ටික
මගෙ තුරුල්ලට එන්න. ඉතින් එන්නකෝ
පිපාසයෙන් මට මියයන්නට දෙන්න එපා
පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

ගැ- සුමටව මෘදුව විසිරෙන මගේ වරළ පිරිමදින්න
මා නොරිදවන්න
මට වැඩිවෙලාවක් දරාගත නොහැක
මත්බවින් මා පිරී යාවි
බොහෝ සැනහෙන්නට හැකිය
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්

පි- බියට පත්ව සිටිමි ගැස්මෙන් කම්පිතව සිටිමි
නොදන්නා මගක ගිරිහිසක් නගින්නේ කෙලෙසින්ද?

ගැ- පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්

පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්