ruhunuyaka
Sinhala translations of Lyrics from Other Countries.
Monday, February 04, 2019
Hum Ne Sanam Ko Khat Likha
එහෙත් ඔහුට යවන ලිපියට ලිපිනයක් අවශ්‍ය නොවෙද)
මම පෙම්වතාට ලිපියක් ලිවීමි
ආදර පෙම්වතා, හදවතේ වීදිය, විශ්වාසයේ නගරය
මගේ ලිපිය කොහි යාවිද, මොනවා වේවිද
වැරදි පුද්ගලයෙකුගේ අතට ගියහොත් මොන කරදරයක් වේවිද
අනේ දෙවියනි එහෙම නම් වෙන්න එපා
මේ නිකම් ගසක කොලයක් නොවෙයි
නිකම්ම කඩදාසි කැබැල්ලක්ද නොවෙයි
මේ හදවතේ බලාපොරොත්තුවයි
මේ මගේ ප‍්‍රාණයයි
මොන තරම් හදගැස්මකින්ද මේ ලිපිය පෙට්ටියට දැමූයේ
මගදි නැතිවෙන්න නම් එපා
වසර ගණනක් බලා සිටියෙමි
මා ලිවූ ලිපිය නැවත මටම දෙමින්
ලියුම්බෙදන්නා මට මෙසේ පැවසීය
මේ නමින් කිසිවෙක් නැත
මේ නමින් වීදියක් නැත
මේ නමින් නගරයක්ද නැත
මෙහි නොව ලොව කොතැනකවත්
Wednesday, October 25, 2017
Fasle gul hai saja hai maikhaana
මේ මල් සමයයි, අවන්හලද සැරසී ඇත
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
මළහිරු බැස යන කාලය එළඹ ඇත
ඉදින් අවන්හල නොවෙද අසුන්ගන්නට කදිම තැන
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
කවුරුන් හෝ මත්වූවෙකුගේ ලිපියක් වේ
එහි යායුතු ලිපිනය ලෙසින් ඇත්තේ අවන්හල නොවෙද
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
මගෙන් නොයදින්න ඉවත්ව යන්න කියා ඉන්
කෙතරම් අපහසුවෙන්ද අවන්හල වෙත පිවිසෙන්නට ඉඩ ලැබෙනුයේ
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
විටෙක ජීවිතය කොතැනකටවී හෝ ගෙවා දමන්නට සිදුවෙයි
සකිය, එයට අවන්හල නරක තැනක්දැයි කියව මට
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
ඒ දෙනෙත කෝපයෙන් මදෙස බලනවා නම්
අවන්හලම කෝපයට පත්වූවා වැනිය
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය
Monday, October 16, 2017
Timbuktu Fasso
මේ මගේ දේශයයි
ටිම්බුක්ටු, මා උපන් දේශයයි
ආදරයේ දේශයයි
උණුහුමේ බිමයි
වංශවත් බවේ උරුමයයි
අහා මේ මගේ ජාතියයි
එහෙත් අප හඬා වැටෙන්නේ ඇයි?
දරුවන් හඬන්නේ ඇයි?
තරුණ අසහනය ඇයි
ඒ අකරුණාව නිසයි
සාපරාධි ක‍්‍රියා නිසයි
අනාගතයට ඇති බිය නිසයි
මේ මගේ දේශයයි
ඉදින් නොහඬන්න
කුමක් වුවත් ටිම්බුක්ටු අනාගතයෙත්
අද මෙන්ම නොනැසී පවතීවි
ඉදින් නොහඬන්න
Thursday, April 27, 2017
Johar Mai Baap Johar- Kumar Ghandarva
ලොකු හෝටලයක ආහාරවේලක් ගෙන, ලොකු සවාරියක් යමින් ලබාගන්නා සෙල්ෆියකින් කියන්නේ එය නොවේද?
කමක් නෑ එය මනුස්ස ස්වභාවයයි අපි නැවත සිත හදාගනිමු.
එහෙත් මේ ගීතය අපට එහෙම ලේසියෙන් හිත හදාගන්නට ඉඩ නොදෙයි.
කුමාර් ගාන්ධර්වා මේ ගීතය ගයා එයට ලබාදී ඇත්තේ එසේ මෙසේ වටිනාකමක් නම් නොවේ. එහි සංකීර්ණ අරුත හැකි ලෙසින් මෙලෙසින් ලඝුකොට දක්වමි.
ප‍්‍රණාම වේවා අම්මේ තාත්තේ
දෙවියනි, මම ඔබට අම්මේ කියාද තාත්තේ කියාද අමතමි
ඒ මට සිටිනා දෙදෙනාම ඔබම පමණක් වන නිසා
අන් රැකවරණයක් නැති නිසා
මම කුලහීන දිලින්දෙකු වෙමි,
ඔබගේ ක්ෂුද්‍රයන්ගෙනුත් පීඩා ලබන්නට ඉපදුනු
මම ආදරය, රැකවරණය, මනුසත්බව ආදිය නැතිව
දැඩිසේ හිස් කුසින් ඔබ අසළට පැමිණ සිටිමි
ඔබ කා බී ඉතිරි දෙයක්වත් ලබාගන්නට
මම එද්දී කූඩයක් රැගෙන ආවෙමි
ඔබ ඉවත දමන රොඞ්ඩක් හෝ ඇහිඳ එකතුකරගෙන යන්නට
Wednesday, December 21, 2016
Dreamum Wakeupum
ඞී‍්‍රමම් වේකපම් ක‍්‍රිටිකල් කන්ඞීෂනම්
අර්තම් ක්වේකපම් හිලඩුල සබ ශේකපම්
ෆේසටුෆේසම් ධරතිපූතරම්
ටෝපටුබේසම් කාමසූතරම්
තයිසම් තන්ඩරම් ඩවුනම් අන්ඩරම්
සයිසම් මැටරම් තින්කම් වන්ඩරම්
ජම්පින්ගම් පම්පින්ගම්
ත්‍රෝබින්ගම් තම්පිංගම්
ඔන්ඩෘ රෙන්ඩූ මූණු නාල
හාටබීටනම් ඩෝල පීටනම්
ලව් ලස්ට ඩබල් කෂ්ට බඩා ඞීටනම්
බෝඩිහීටනම් හෝටසීටනම්
කෝලිං ෆයර්බි‍්‍රගේඩ භී ඩිෆීටනම්
සේමටුසේමම් දිල් මේ ඌතරම්
ටෝපටුබේසම් කාමසූතරම්
තයිසම් තන්ඩරම් ඩවුනම් අන්ඩරම්
සයිසම් මැටරම් තින්කම් වන්ඩරම්
ජම්පින්ගම් පම්පින්ගම්
ස්ත‍්‍රීලිංගම් පුල්ලිංගම්
ඔන්ඩෘ රෙන්ඩූ මූණු නාල
Oh My!
Dreaming and Waking up, it's a critical condition
There's an earthquake, everything is shaking
Face to face, son of the Earth
Top to bottom, it's like Kama Sutra
Thighs and thundering, down and under
Size does matter
Thinking and wondering
Jumping
Pumping
Throbbing
Thumping
One, two, three, four
Heart is beating, the drums are hitting
Love and lust, it's double problem
Very arrogant
Body is heating up
The seat is getting hot
Even calling the fire-brigade is useless as it's getting defeated
It's same to same
You're going into my heart
Thighs and thundering, down and under
Size does matter
Thinking and wondering
Jumping
Pumping
The female gender
The male gender
One, two, three, four
Monday, October 24, 2016
Karna fkiri phir kya dilgiri
යමෙකු තපස්‍ය දිවියට නැඹුරුවූ විට කවරවූ නින්දාවක්ද
සතුටින් යෝගාසනයෙහි දැහැන්ගතවන්න
දිනෙක යන්නට අසුන් බැඳි රථ විය
දිනෙක ඉන්නට මාළිගා විය
දිනෙක සියල්ල අහිමිව වනවාසීවන්නට සිදුවේ
දිනක ඇතුන් පිට ගියේය
දිනෙක අසුන් පිට ගියේය
දිනෙක පයින්ම ඇවිදින්නට සිදුව ඇත
දිනෙක රසමසවුලූ ලැබුණි
දිනෙක ප‍්‍රණීත අතුරුපස ලැබුණි
දිනෙක කුසගින්නේ වසන්නට සිදුව ඇත
දිනෙක විල්ලූද පලස් විය
දිනෙක සුවපහසු සහන විය
දිනෙක ඇතිරිල්ලක් හෝ නැතිව නිකම්ම බිම සැතපෙන්නට සිදුව ඇත
දිනෙක මීට වඩා දේ කරන්නෙමි
භගවත නුඹ හා දැහැනින් බැඳෙන්නට හැකිනම්
Thursday, June 16, 2016
yeh zameen gaa rahi hai
අහසද ගයයි
මා සමගින් සොබාදමම ගයයි
ප‍්‍රියවූ මල්කැකුලූ සලූ මුදමින් පිපෙන්නේය
මත්වූ පිපුණු කුසුම් හදවත්ද රිද්මයට ගැහෙනු දැනෙයි
මේ වසන්ත ඍතුවම ගයනු ලබයි
වලාවන් ඇදී අවුත් ගිරි ශිඛරයන්හි පැටලෙයි
ආදරයේ සිතැත්තියක් අසළට පැමිනේවි
මේ මහද ගයන්නේ ආදරයේ ගීතයයි
යන මං අසාදැනගන්නට මංගල වේල් පටින් වහංවී ආදරියක් මා වෙත ඒවිද
ඒ ලෙසින් ගැයෙන්නේ මේ යව්වනයේ සුන්දර ආදර ගීතයයි
Thursday, January 07, 2016
Saathi Re Bhool Na Jana Mera Pyar Asha Bhosle
මා ජීවිතයේ අසා තිබෙන හින්දි ගීතවලින් ඉතාමත්ම සුන්දර සංගීත රචනාවකි මෙය. එසේම එය ගායනය ඉතාම සංකීර්ණ බව නම් අසන සැම විටම දැනේ. ආශා භෝංස්ලේ මේ ගීතයට පන දෙන ආකාරය කිසි දිනෙක අමතක කල නොහැකිය. ඇගෙන් පසු මේ ගීතය කවරෙකු හෝ කොතැනකදී හෝ ගැයුවානම් ඇය තරම් සාර්ථකව ගයන්නට නොහැකිවූ බව මම සෑම තැනකදීම දුටුවෙමි.
අරුතට පනදෙන මෙවැනි සංගීත රචනයක් කල හැක්කේ කෙසේද? මම බොහෝ විට සිතමි. රවීණ්ද්‍ර ජෛන් අන්ධ කලාකරුවෙකි. ඔහුගේ නොපෙනෙන දෙනෙතට කෙතරම් සුන්දර තැන් සොයා ගිය හැකිද? පදරචනයද සංගීත රචනයද ඔහුගේමය.
ගීතය පටිගත කරන්නට ගිය විට ඒ ගායනය සංකීර්ණ බව ආශා භෝංස්ලේ අවබෝධ කොට ගත්තාය. රවීන්ද්‍ර ජෛන් විමසා ඇත්තේ එක් දෙයකි.
මෙය ගයන්නට බැරි නම් නුඹත් ගායිකාවක්ද?
ඉන් ලද පන්නරය නිසා ඇය බොහෝ පුහුණුවී මෙය ගායනා කොට ඇත.
ඇගේ හැකියාවෙහි අගය ඇත්තේ එවකට මේ ගීත පටිගත කරන්නේ එක්වරම වන නිසාය. අද මෙන් පේලියෙන් පේලිය කොටසින් කොටස ගයා නොවේ. ඉන් වැටහෙන්නේ ඇය කෙතරම් දක්ෂද කියාය.
ගීතය මා තනිවූ සැම අවස්ථාවකම රස විඳින සදා ප‍්‍රිය කරන ගීතයකි. මේ සංගීත රචනය අප කෙතරම් දුර ගෙනියනවාද කියා සොයා බලන්න.
සුපෙම්වත
මගෙ ආදරය අමතක නොකරන්න
මා කළ කැපවීම කෙතරම්දැයි මඳකට සිතන්න
ඔබට මා දුරස් කළයුතුම වේ නම්
ඒ දුර නෙතු මානයම සීමාව කරගන්න
ඔබ හා බැඳීම ඇත්නම් එපමණයි ඒ මගේ ජීවිතයේ වසන්තය ළගාවීමයි
ඇතැම් විට මේ රාත‍්‍රිය කවදාකවත් නිමා නොවනු ඇත
සතුටෙහි මේ මධු කුසලානය කිසිදිනෙක නොසිඳෙනු ඇත
නමුදු එළැඹෙන අරුණෝදය ගැන හදෙහි කොතැනක හෝ සැමවිටම බයක් ඇත
එබැවින් සුපමේවත, මා තනි නොකරන්න
Saturday, October 24, 2015
Creep Qawaali
ප‍්‍රහසනය සමගින් අද තරුණියන්ට පොඩි පණිවුඩයක් දෙන අපූරු ගීතයකි මේ. ගීතයේ රසය එලෙසින්ම තබාගැනීමට හින්දි පද පමණක් සිංහළයට පරිවර්තනය කලෙමි.
There was one thing he forgot to mention
එකක friendsලා එවපු message තිබෙයි
And other folder එකේ creeeeeeeeps වෙයි
අපූරුයි
Couldn’t believe my eyes
එහෙම පිටින් පනහක් message
From all the පිස්සු guys
It was a revelation
Hey thr u lukn gr88888!!!!!
අයියෝ නොදන්න පොඩි එකෙක්, පිස්සු කොල්ලෙක්
Who the hell are you
ඔයා කවුද? ඔයා කවුද?
He is typing…
(oh beb ur really kewt..handsome කෙනා ගාවට එන්නකෝ)
ROFl, ROFL, ROFL, ROFL, LMAO
ROFl, ROFL, ROFL, ROFL, LMAO
මට හිතුනේ
Internet එකේ.. internet එකේ පෙම්වතුන්ගෙන් නම් අඩුවක් නෑ කියලයි
මගේ creepට වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ කියලයි
Isn’t even a legit creep
For my මංගල්ලෙ he is someone
My moooooooom would like to meet
මොන burn එකක්ද?
ගිනි තිබ්බා.. By God
හැන්දෑවෙ මං ගෙදර ආවා
After a long day at work, ඇත්තද?
හිටං හිටියා ඒ jerk.. oh
පහුවෙන්දා ආයෙ මුණ ගැහුනා
Watchmen වගේ වෙලා මුණ ගැහුනා whaaat?
Liftman වගේ වෙලා මුණ ගැහුනා
පහුවෙනිදා pizza ගෙනාවා
Said something really shady
Really shady..really shady..
What he said was really shady
Will you deliver my baby
I can bet you මගේ creep මෙතන කොහෙ හරි හැංගිලා ඇති
මං ඉන්න තැනක පෙම්වතුන් නම් අඩුවක් නැතිව ඉන්නවා
මගේ creep එයාගෙ අත අනිත් පැත්තට කරකෝගත්තා
එයා අපේ වෙඩින් එකේ කාර්ඩ් හිටන් බෙදුවා
එයා අපේ පොඩි එකාට නමත් දුන්නා
මගේ creep whatsapp එකෙන් එයාගෙ **** එව්වා
එයා එයාගෙ photos වලට මාව tag කරනවා
එයත් එයාගෙ photos වලට මාව tag කරනවා
මගේ creep මට ආදරේට කෝකිලාවිය කියල කතාකරනවා
සුරේශ් ? කුමාර්?
මේ ලෝකේ පෙම්වතුන්ගෙන් නම් අඩුවක් නෑ
අපි දෙන්නගෙ creepට වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ