Showing posts with label Ustad Mohammad Hussain. Show all posts
Showing posts with label Ustad Mohammad Hussain. Show all posts

Tuesday, November 13, 2012

Nazar mujhse milati ho

මා දෙස බලන නුඹ දෙස
මා බැලූවහොත්
ලජ්ජාවෙන් බිම බලාගනී
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

මුවින් කිසිවක් නොපවසන්නී
දෙනෙතින් බොහෝ දේ කතා කරන්නීය
බොහෝ දේ නොකියන්නට වෙර දැරුවත්
ඉඟිබිඟියෙන් ඒ සියල්ල කියැවෙයි
බිම බලාගෙන ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන කල්පනාවක ගැලෙන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

සඟවාගැනීමට තැත් කිරීමෙන් මා සුන්දරියේ
කා වෙනුවෙන් හෝ ඇති ආදරයක් නොවෙද සැඟව යන්නේ
එහෙත් නුඹ නොදන්නේද මේ කස්තූරි මෙන් වූ ආදරයකි.
සඟවා තැබුවත් සැමදා දසත සුවඳ විහිදුවයි.
ඔබ සියල්ලදනී. එසේ දැනගෙනද මා පීඩාවට පත්කරයි
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

නුඹ මට දක්වන ආදරයට කදිම සාධකය අන් කිසිවක් නොව
මාගේ නම ඇසුණු මොහොතේදී නුඹේ මුහුණ ලජ්ජාවෙන් රතුවී යාමයි
ඉතින් තවද මේ සංගීතවත් හදවත පුරා නුඹ ගයනුයේ මා ගැනම ගී නොවෙද
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

නුඹේ නිවසට මා ආවහොත් වහා මට නොපෙනෙන්නට මුවාවී සැඟව යන්නීය
දක්නට රිසිවූ විට සැඟවී බියෙන් සැලෙන්නීය
එහෙත් මා දනිමි ඉන්පසු නුඹ පැලැල්ල අතරින් අන් අයට හොරා මා දෙස එබී ඉඟිබිඟි පාන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.

Tuesday, August 04, 2009

Jab Pyar Nahi Hai Toh Bhula Kyun Nahi Dete

මෙම ගසල් ගායනය ශ්‍රවණය සඳහා උචිත වීඩියෝ ගීතයක් සොයාගත නොහැකි බැවින් යූටියුබ් හි ඇති වීඩියෝ එකක් මේ සමග ඇමිණුවද එහි දර්ශණ මගින් ගීතයට කිසිදු සාධාරණයක් ඉටු නොවී ඇති බැවින් එය හුදෙක් ගීතය ඇසීම සඳහා පමණක් භාවිතා කරන මෙන් ඉල්ලමි.

ආදරයක් නැත්නම් අමතක නොකරන්නේ මන්ද
ලිවූ පෙම්පත් ගිනි නොතියා කා වෙනුවෙන් රැකගන්නේද

අත්ලෙහි මගේ නම ලියා ඇත්තේ කවර කරුණකටද?
මට එය කියවිය නොහැකිනම් මකා නොදමන්නේ මන්ද?

දෙවියන්ගෙ නාමෙට වෙලාවක් අවේලාවක් නැති මේ කරදරයෙන් ගැලවිලා යන්න
ඔයා මගේ නොවෙයි නම් එලෙසින් නොකියා ඉන්නේ ඇයි?

හැඟීමක් නැති දෙවියනි
ඔබේ දෑතින්ම මට වස පොවන්නේ නැතිව
ජීවත් කරවමින් මෙලෙස දුක්විඳින්නට ඉඩ අරින්නේ මන්ද

මේ සිදුවීමෙදි නම් මට ඔබ කෙරෙහි විශ්වාසයක් නැත
ඉදින් තවත් මා දෙස නොබලා ඔබ නොසිටින්නේ ඇයි