Showing posts with label R D Burman. Show all posts
Showing posts with label R D Burman. Show all posts

Thursday, June 16, 2016

yeh zameen gaa rahi hai

මේ පොලවද ගයයි
අහසද ගයයි
මා සමගින් සොබාදමම ගයයි

ප‍්‍රියවූ මල්කැකුලූ සලූ මුදමින් පිපෙන්නේය
මත්වූ පිපුණු කුසුම් හදවත්ද රිද්මයට ගැහෙනු දැනෙයි

මේ වසන්ත ඍතුවම ගයනු ලබයි
වලාවන් ඇදී අවුත් ගිරි ශිඛරයන්හි පැටලෙයි
ආදරයේ සිතැත්තියක් අසළට පැමිනේවි
මේ මහද ගයන්නේ ආදරයේ ගීතයයි

යන මං අසාදැනගන්නට මංගල වේල් පටින් වහංවී ආදරියක් මා වෙත ඒවිද
ඒ ලෙසින් ගැයෙන්නේ මේ යව්වනයේ සුන්දර ආදර ගීතයයි