Showing posts with label shamshad begum. Show all posts
Showing posts with label shamshad begum. Show all posts

Friday, October 29, 2010

Mere piya gaye Rangoon

(දුරකතනයෙන්)-
හෙලෝ හින්දුස්ථානයේ දෙහරාදුනයද මේ?
මං මේ රැන්ගුන් නුවර ඉඳන් කතා කරන්නේ
මට මගේ බිරිඳ රේණුකාදේවිට කතා කරන්න  ඕනෑ
ඔව් ඔව්


ගීතය
ගැ- මගෙ පෙම්වතා රැන්ගුන් ගොසිනි
එහි සිට දුරකතනයෙන් මා අමතයි
‘‘ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි’’


පි- මම හින්දුස්ථානය අතැර අවුත් බොහෝ විඳවමි
ඔබව මෙහි රැගෙන එන්නට අමතක වුණා නොවැ
මම අද බුරුමයේ වීදියකය
ඔබ දෙහරාදුනයේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි


ගැ- මට දුක නිසා කෑම බීම පවා අමතකව යයි
දුකින් මහත් සේ පීඩාවට පත්ව කාලය ගෙවී යයි
ඔබ හැර පෙම්වත, ජනවාරියද, පෙබරවාරියද, කෙමෙන් මැයි මසද දැන් ජූනිමාසයද ගෙවීයයි.
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි


පි- ඔබෙන් වෙන්වූ දා සිට මම සන්නාසියෙකු මෙන් බ‍්‍රහ්මචාරීව වසමි
කන්නෙත් ගහකොලකින් වැටෙන දෙයක් තමා
බුරුම ඇඳුම් නිසා ඉන්දියානු ඇඳුම්ද අමතකව ගියේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි

Tuesday, August 04, 2009

Kabhi Aar Kabhi Par Laga Tiir-e-Nazar

වරෙක එහෙ වරෙක මෙහෙ
ඔබේ තියුණු බැල්මෙන්
පෙම්වත මගෙ හදවත පෑරුණි

කොයි තරම් මගෙ හිත හදාගන්න හැදුවත්
පුදුමයි, දෑස අභියස මම අතරමං වීමි
ඔබ දෙස බලබලා සිටියෙමි අවසානයේ
නොදැනම මගේ හදවත ඔබේ වී තිබුණි
දැන් මගෙ දිවිය පුරාවට මෙය වේදනාවක් වේවි
එතරම් සැර ඊතල මෙන් ඔබේ බැල්මෙන් මා අඩපන විය
මගෙ අස්වැසිල්ල සොරාගති

මෙහෙම තමා ලෝකයේ පළමු හමුවීම සිදුවන්නේ
කතාවෙන් කේන්තිය පෙන්වුවත්
සිත ඇතුලෙ ආදරය රඳවාගෙන සිටී
දෙතොලින් කචබචයක් වූවත්
සිත තුල ආදර මල් පිබිදෙයි

කැමැත්තක් ඇත්නම් දැන් සිතට ඒ සඳහා ඉඩ දෙන්න
ආදරයෙන් බලන්න ප්‍රිය නම් දෑසට අවනතවන්න
හදවතට හදවතක් මුණ ගැසුණි
ඉතින් හදවතට අවනත වන්න
ඔන්න ඉතින් ආදරය ඇතිවිය