Showing posts with label Vani Jayram. Show all posts
Showing posts with label Vani Jayram. Show all posts
Monday, October 24, 2016
Karna fkiri phir kya dilgiri
යමෙකු තපස්‍ය දිවියට නැඹුරුවූ විට කවරවූ නින්දාවක්ද
සතුටින් යෝගාසනයෙහි දැහැන්ගතවන්න
දිනෙක යන්නට අසුන් බැඳි රථ විය
දිනෙක ඉන්නට මාළිගා විය
දිනෙක සියල්ල අහිමිව වනවාසීවන්නට සිදුවේ
දිනක ඇතුන් පිට ගියේය
දිනෙක අසුන් පිට ගියේය
දිනෙක පයින්ම ඇවිදින්නට සිදුව ඇත
දිනෙක රසමසවුලූ ලැබුණි
දිනෙක ප‍්‍රණීත අතුරුපස ලැබුණි
දිනෙක කුසගින්නේ වසන්නට සිදුව ඇත
දිනෙක විල්ලූද පලස් විය
දිනෙක සුවපහසු සහන විය
දිනෙක ඇතිරිල්ලක් හෝ නැතිව නිකම්ම බිම සැතපෙන්නට සිදුව ඇත
දිනෙක මීට වඩා දේ කරන්නෙමි
භගවත නුඹ හා දැහැනින් බැඳෙන්නට හැකිනම්
Thursday, December 09, 2010
Mora sajan sautan ghar jaye
ඉතාම සුන්දර ඨුම්රි ගායනයක් වූ මෙම ගීතය අයත් වූයේ 1972 තිරගතවූ පාකීසා චිත‍්‍රපටයටය. ගායනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ සිට උතුරු ඉන්දියාව තෙක් තම සුමිහිරි හඬින් සරළ ශාස්ත‍්‍රීය සංගීත රසිකයන් පිනවූ වාණි ජෙයරාම්ය. කෙටි ගායනයක් වූ මෙය අසා රස විඳින්න. ඉතාම මිහිරි සංගීත ශෛලියකි.
මෙය නෞෂාඞ් සහ ගුලාම් මොහොමඞ් යන සංගීත අධ්‍යක්ධකවරුන් දෙදෙනාම සංගීතය සැපයූ චිත‍්‍රපටයකි.
තවත් අතිවිශේෂත්වයක් වන්නේ එවකට ඨුම්රි සහ සරළ ශාස්ත‍්‍රීය ගායනයේ ඉහළම නමක් දිනා සිටි ශෝභා ගුර්තු, වාණි ජෙයරාම්, පර්වීන් සුල්තානා, රාජ් කුමාරි, නසීම් බනෝ සමගින් ලතා මංගේෂ්කාර්වද ගායනයට යොදා ගැනීමය.
මගේ සැමියා නගරසෝබනියන් වෙත යන බව
මම ලොවට කෙසේ කියම්ද
මා විමසුවහොත් ඔහු සත්‍ය නොපවසයි
දිව්ර දිව්රා පවසන්නේ මුසාවන්මයැ

Subscribe to:
Posts (Atom)