Monday, December 21, 2009

Ishq Bina

සකිසඳ, ආදරය අත් නොවිඳ මරණයෙහි සැප කුමක්ද?
ආදරය අත් නොවිඳ ජීවත්ව ඇති ඵලය කුමක්ද?
එය සූකිරිවලටත් වඩා මිහිරිය
සියඹලාවලටත් වඩා ඇඹුල්ය

ආදරය යනු විශ්වාසවන්තබවෙහි පොරොන්දුවකි
එය අන් සියලූ දෙයට වඩා බලවත් බැඳීමකි
පහළින් ආදරයත් ඉහළින් දෙවියනුත් වසයි.
මේ අතර මැදෙහි අපි සියල්ලන් වසන්නෙමු
එක දෙයක් නොව සැම දෙයක්ම විමසා බලන්න
අවසානයේ අප සැම කතා කොට ඇත්තේ ආදරය ගැනය.
ලොව සියල්ලට වඩා සුන්දර දෙවියන් බව කියැවේ
එහෙත් ආදරය ඊටත් වඩා සුන්දරය

ආදරය පතන විට
දියමන්තිත් රත්රන්වලිනුත් පලක් නැත
ආදරය මේ යැයි වැටහුණු අයෙකු වෙත්ද?
නමුත් හැමෝම ආදරය කරති
ආදරයේ නගරය වෙත වැටී ඇත්තේ නන්නාඳුනන මාවතකි
පෙම්වතාගේ නිවහන කොතැන කෙලෙස වේදැයි ඔබ දන්නේද?
කෙටි ජීවිත කාලයට මහා දිගු ගමනක් යාමට ඇත
මේ වේදනාවක්ද නැතහොත් වේදනාවට ඔසුවක්ද?
දෙවියනි මට මැවී පෙනෙන්නේ මේ මගේ අනාගත පෙම්වතාද
නැතහොත් ඔබද?
ඔබ ආදරය යන වදන අසා තිබෙනවා පමණි
මම සැබවින්ම ආදරය කලෙමි
එය මලින් පිරි උයනකි
කටුවලින් ගැවසි කටු අකුලකි