Saturday, October 18, 2014

Aansoo Bhi Hain Khushiyaan Bhi Hain

රවීන්ද්‍ර ජෛන් උපතින්ම අන්ධ පුද්ගලයෙකු විය. හේ බොලිවුඞ් සංගීතයට පිවිසුනේ අපූරු ගීත රැුසක්ම නිර්මාණය කරමිනි. මා ඉතා ප‍්‍රිය කරන ගොරි තෙරා ආදි ගීත රැසකම සංගීතවේදියා ඔහුය. විශේෂත්වය ඔහුගේ ගීත බොහොමයක ගේයපදරචකයාද ඔහුම වීමය. අනෙක් කාරණය ඔහුගේ ගීත රැසකම සොබා සෞන්දර්යය වර්ණනා කර සංගීතවත්කොට ඇත්තේ සැබවින්ම ඔහු මේ සොබාදහම දුටු පුද්ගලයෙකු ලෙසිනි. මේ ඔහු විසින් ලියා සංගීතවත් කල ගීතයකි. අරුත්බර පදවැලකි. සාමාන්‍යයෙන් පේ‍්‍රමය ගැනම ලියැවෙන ගීත අතරින් වෙනස්වූවකි.

කඳුලූද වේ සතුටද වේ
කටුද මල්ද වේ
දුකින් සහ සතුටින් පිරී ඇති දෙයකි මේ ජීවිතය
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

තමන්ට ලැබුනේ කොපමණ දැයි නොසිතන්න
ලැබුනේ ලැබියයුතු උපරිමයයැයි සිතන්න
කරුමෙ කරුමෙ කියමින් නොසිට මහන්සිවී වැඩ කරන්න
අඬන්නත් සිදුවනු ඇත සිනහවන්නත් සිදුවනු ඇත
ලැබෙනවා මෙන්ම නොලැබී දරාගන්නටද සිදුවනවා ඇත
ඔය කියනා තරම් ජීවිතය නරක දෙයක් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

මිනිස්සු සඳටත් බනිති ඒ ඔවුන්ට පෙනෙන ආකාරයටයි
කෙනෙකුගේ අවගුණයම නොදකින්න ගුණයත් පොඞ්ඩක් සොයන්න
සැහැල්ලූවද වේ බරපතලකමද වේ
මිහිරිබවද තිත්තවූ දේ ද ඇත
තබනා හැම පියවරකම ජීවිතය රසවත් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න

Thursday, October 09, 2014

Kesi Pagali Deewani Meri Kadar Na Jani

කොතරම් සගවා ගත්තාද
එහෙත් සගවාගත නොහැකිය කඳුලූ
ජීවත් වන්නට වුවමනායි
එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද?
කෙසේ හෝ මහද රෝගී වී ඇත

දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද?
සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත
එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය
හදවත දුකින් බර විය
නුඹ මේ කලේ කවරක්ද
අහෝ නපුරු පෙම්වතිය
දැන් මගේ ජීවිතය දුකින් පිරි කතාවක් බවට පත්ව ඇත
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද

සිතෙහි දහසක් බලාපොරොත්තු තිබුණි
සියල්ල නුඹ විනාශ කළාය
අපහසුවෙන් හුස්ම ගනිමින් මම ජීවත්වන්නට වෙර දරමි
හදවතට මම මෙසේ පවසමි
"කමක් නැත ඇයට වෛර නොකර ආශිර්වාද කල යුතුය"
ඔව්, යන්න ආදරියේ දැන් නුඹේ සියලූ නොදන්නාකම් වලට මම සමාව දෙමි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද

https://gaana.com/song/kaisi-pagli-deewani

Friday, August 29, 2014

Purvaiyya leke chali meri naiyya

හින්දි සිනමා පසුබිම් ගායනයේ මා වඩාත් වසගයට පත් ගායකයෙකුගේ කටහඬක් ඇත්නම් ඒ ශයිලේන්ද්‍ර සිංග් ගේ හඬටය. මේ ඔහු විසින් ගයන ඉතාම මිහිරි ආදර ගීතයකි. මේ ගීතයට සංගීතය රවීන්ද්‍ර ජෛන් විසිනි. ඔහුගේ ගීත සරළය. සුන්දරය. මෙහි රංගනයෙන්ද දායක වන්නේ එවකට තරුණ වියේ සිටි ශයිලේන්ද්‍ර සිංග් මයැ. ඔහුගේ හඬ අපූරු හඬකි.

පෙම්වතිය- පචින සුළග, නුඹ මාගේ නෞකාව ගෙන යන්නේ කොහිද
පෙම්වතා- සුන්දරියේ එය දැනගන්න
නුඹද දැන් මෙහිය මාද දැන් මෙහිය

පෙම්වතිය- සාගරයේ රළ කෙතරම් වෙද
සිතෙහි එතරම් ඉටුවනු දකින සිහින ඇත

පෙම්වතා- මේ මෝසම කෙතරම් සුවදායීද
හැමෝගෙම දෙතොලෙහි ආදර ගීතමය
මනබඳනා පරිසරයයි
අපිත් ගයමු එක්වීමේ මිහිරි ආදර ගීතය

පෙම්වතා- මම නුඹේ දෑස තුල ගිලී යෙමි
මේ ජීවන මංසන්ධියෙහි අතරමං වෙමි

පෙම්වතිය-පෙම්වත ඉදින් බිමට නෙත් යොමු නොකරන්න
මා නුඹේ දැහැනින් අතැර නොදමන්න
ආදරයෙන් උමතුවී
මං සෑම තැනම සොයා යමි නුඹේ හැගුමන්

පෙම්වතිය- මේ සමාජය කුරිරය

පෙම්වතා- ඉන් මිදී අප දුරතකට යා යුතුය

පෙම්වතිය- වෙන්වන්නේ කෙලෙසකද නුඹගේ රුවම මැවෙයි

පෙම්වතා-සෑම සුසුමකම පිරී ඇත්තේ නුඹගේ සුවඳය
ඉදින් මා පැරදුනි ඔබේ ආදරයේ නාමයෙන්

Saturday, April 12, 2014

Deva Tujhya Gabharyala देवा तुझ्या गाभाऱ्याला उंबराच नाही

දෙවියනි නුඹ සිටින්නේ කොතැනකදැයි
සළකුණක් හෝ නැත
මා කොතැනකදී නුඹට වඳින්නදැයි නොවැටහේ 
නුඹ සිටිනා තැන පවසන්න

මා කළ එකම වරද කිසිවෙකුට ආදරය කිරීම පමණයි
එක් වරක් මට සවන් දෙන්න
මගේ ආත්මය දැවෙන හැටි නුඹට හෝ දැනේවි නම්
නුඹ මෙතරම් රලූවූයේ කෙසේද?

ඇයිද, කෙදිනද, කොතැනකදීද,
මට මගේ දුටු සිහින අහිමි වූයේ
මට මගේ ආදරය අහිමි වූයේ

අහෝ දෙවියනි ඔබ අප මැවූ දා ඇරඹු
ජීවන සෙල්ලම නවතන්නේ නැතිද?
ජීවිත අහිමිවීමත් බැඳීමක් බිඳිමක්
ජීවිතයට හද පාරන තුවාලයක් වූයේ කෙසේද?

ජීවිතයේ විසඳුම් ඇයි ගැටලූ බවට පත්වන්නේ
පරතර අතර නොවැටහෙන පරතරයක් මැවෙන්නේ ඇයි

Singer : Aadarsh Shinde - Kirti Killedar
Movie : Duniyadari (2013)