Showing posts with label Sonu Nigam. Show all posts
Showing posts with label Sonu Nigam. Show all posts

Wednesday, June 30, 2010

Jaane Nahin Denge

නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු
දෙවියන් ඔබට අඬගැසුවත්
අපි එවැනි දෙවියන්ටවත් අද බිය නොවන්නෙමු
යන මගෙහි අපි සිටගන්නෙමු
මිතුරන්ගෙන් දෑස් ඉවතට ගෙන යන්නට වෙර දැරුවත්
මොන බලයක් අපට එදිරිව යෙදුවත්
නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු

පියවර දෙක තුනක දිවිගමනකි මේ
එතරම් කෙටි දිවිමගේ එක් පියවරක් වෙනුවෙන්
ඔබ මෙතරම් සැලෙන්නේ ඇයි
මිතුරන් පවසන දෙයට මඳකට සවන් දෙන්න
දුක්බර රැය විගසින් ගෙවී යයි
යාලූවො ටික දාලා යන්න හදන්නෙ ඇයි මෝඩයෝ
නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු

නුඹේ මව ලිපියෙහි ලියා තිබුණේ මොනවාද?
නුඹට සැමදා සතුටින් දිවිගෙවන්නට කියා නොවෙද?
ඒත් නුඹ එසේ කෙටි කලක්වත් උන්නාද?
මිතුරන් දෙස දෙනෙත් විවර කර බලන්න
එක් වරක් සිනාවෙන්න
නැගිටපන් මෝඩයෝ මේ වද දෙන්නේ ඇයි
නුඹට නික්ම යාමට අපි ඉඩ නොදෙමු