Showing posts with label Fatoumata Diawara. Show all posts
Showing posts with label Fatoumata Diawara. Show all posts

Monday, October 16, 2017

Timbuktu Fasso



මේ මගේ දේශයයි
ටිම්බුක්ටු, මා උපන් දේශයයි
ආදරයේ දේශයයි
උණුහුමේ බිමයි
වංශවත් බවේ උරුමයයි
අහා මේ මගේ ජාතියයි

එහෙත් අප හඬා වැටෙන්නේ ඇයි?
දරුවන් හඬන්නේ ඇයි?
තරුණ අසහනය ඇයි
ඒ අකරුණාව නිසයි
සාපරාධි ක‍්‍රියා නිසයි
අනාගතයට ඇති බිය නිසයි

 මේ මගේ දේශයයි
ඉදින් නොහඬන්න
කුමක් වුවත් ටිම්බුක්ටු අනාගතයෙත්
අද මෙන්ම නොනැසී පවතීවි
ඉදින් නොහඬන්න