Showing posts with label raj kapoor. Show all posts
Showing posts with label raj kapoor. Show all posts

Tuesday, September 29, 2009

Main Kya Karoon Ram

මොනවා කරන්නද දෙයියනේ
මට ලැබුණේ මහල්ලෙක්

මම සුන්දර බෝනික්කියක් වෙමි
මගේ ගමන මොණරකිරිල්ලියකගේ මෙනි
ඔහුගේ හිසකේ සීයාගේ මෙන්ම සුදුපැහැවී ඇත
හැමදේම වැරදී ගියේය මට ලැබුණේ මහල්ලෙකි

සියළු දෙන මල් උයනට ගියහ
සියල්ලෝම මල් නෙලාගෙන පැමිණියහ
මගේ මහල්ලා මට මල්ගෝවාගෙඩියක් උස්සාගෙන පැමිණියේය
මගේ නමද කැත විය අහෝ මට ලැබුණේ මහල්ලෙකි

මහල්ලා මාව රැගෙන කිදුරු දූවකට ආවෙය
මම අවට බලන්නට පර්දාව එසවීමි
මහල්ලාට ඉන් කේන්ති ගියේය
අපොයි තවත් මොනවා වන්නද අවසානයේ මට ලැබුණේ මහල්ලෙකි