Showing posts with label madhubala. Show all posts
Showing posts with label madhubala. Show all posts

Wednesday, July 15, 2009

Pyar kiya to darna kya

(මෙලොව වසන සෑම අයෙක්ම සැබවින්ම අනෙකෙකු හා සැබෑ පෙමින් බැඳනුයේ ජීවිතයේ එක් වරක් පමණය. ඉනික්බිති ඉන් උපන් වේදනාව සමගින් ජීවත් වෙයි. මිය යයි)

ආදරය කලානම් බය වන්නේ කුමටද?
ආදරය සොරකමක් නොවේ නම්
සැඟවෙමින් සුසුම්ලන්නේ කුමටද?

අද මම මගේ හදවතෙහි ඇති කතාව ලොවට පවසමි
ලෝකය මගේ පණ නසා දැම්මත් කම් නැත
ලෝකයට දැකිය හැක්කේ මගේ මරණය පමණි
එතෙක් රහසින් දුක් විඳ විඳ මැරෙන්නේ කුමටද

ඔහුට ඇති ආදරය හදවතෙහි සැමදා පවතී
මගේ ලොවෙහි පහන සැමදා දැල්වෙයි
ආදරය නිසා දිවි ගෙවන්නෙමි
ආදරය නිසාම මිය යන්නෙමි
මා වෙන කුමක් කරන්නද?

සතර අතින්ම මට ඔහුවම පෙනේ
මගේ ආදරය මට සැඟවිය නොහැක
දෙවියන් ඉදිරියේ මා සැඟව නොයත්නම්
අන් තැන්හි මා සැඟව සිටින්නේ කුමටද?