Wednesday, October 25, 2017

Fasle gul hai saja hai maikhaana


මේ මල් සමයයි, අවන්හලද සැරසී ඇත
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය

මළහිරු බැස යන කාලය එළඹ ඇත
ඉදින් අවන්හල නොවෙද අසුන්ගන්නට කදිම තැන
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය

කවුරුන් හෝ මත්වූවෙකුගේ ලිපියක් වේ
එහි යායුතු ලිපිනය ලෙසින් ඇත්තේ අවන්හල නොවෙද
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය

මගෙන් නොයදින්න ඉවත්ව යන්න කියා ඉන්
කෙතරම් අපහසුවෙන්ද අවන්හල වෙත පිවිසෙන්නට ඉඩ ලැබෙනුයේ
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය

විටෙක ජීවිතය කොතැනකටවී හෝ ගෙවා දමන්නට සිදුවෙයි
සකිය, එයට අවන්හල නරක තැනක්දැයි කියව මට
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය

ඒ දෙනෙත කෝපයෙන් මදෙස බලනවා නම්
අවන්හලම කෝපයට පත්වූවා වැනිය
ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය

Monday, October 16, 2017

Timbuktu Fasso



මේ මගේ දේශයයි
ටිම්බුක්ටු, මා උපන් දේශයයි
ආදරයේ දේශයයි
උණුහුමේ බිමයි
වංශවත් බවේ උරුමයයි
අහා මේ මගේ ජාතියයි

එහෙත් අප හඬා වැටෙන්නේ ඇයි?
දරුවන් හඬන්නේ ඇයි?
තරුණ අසහනය ඇයි
ඒ අකරුණාව නිසයි
සාපරාධි ක‍්‍රියා නිසයි
අනාගතයට ඇති බිය නිසයි

 මේ මගේ දේශයයි
ඉදින් නොහඬන්න
කුමක් වුවත් ටිම්බුක්ටු අනාගතයෙත්
අද මෙන්ම නොනැසී පවතීවි
ඉදින් නොහඬන්න

Thursday, April 27, 2017

Johar Mai Baap Johar- Kumar Ghandarva

මනුෂ්‍යත්වයේ පතුලටම බැස මොහොතක් අපට නැති එහෙත් අප අවට ඇති උග‍්‍ර දරිද්‍රතාවයත් ඒ නිසාම වූ අසරණභාවයත් පන්තිභේදයත් ගැන සිතන්නට අපේ හිත් බොහෝවිට ඉඩදෙන්නේ නැත.
ලොකු හෝටලයක ආහාරවේලක් ගෙන, ලොකු සවාරියක් යමින් ලබාගන්නා සෙල්ෆියකින් කියන්නේ එය නොවේද?

කමක් නෑ එය මනුස්ස ස්වභාවයයි අපි නැවත සිත හදාගනිමු.

එහෙත් මේ ගීතය අපට එහෙම ලේසියෙන් හිත හදාගන්නට ඉඩ නොදෙයි.

කුමාර් ගාන්ධර්වා මේ ගීතය ගයා එයට ලබාදී ඇත්තේ එසේ මෙසේ වටිනාකමක් නම් නොවේ. එහි සංකීර්ණ අරුත හැකි ලෙසින් මෙලෙසින් ලඝුකොට දක්වමි.


ප‍්‍රණාම වේවා අම්මේ තාත්තේ
දෙවියනි, මම ඔබට අම්මේ කියාද තාත්තේ කියාද අමතමි
ඒ මට සිටිනා දෙදෙනාම ඔබම පමණක් වන නිසා
අන් රැකවරණයක් නැති නිසා

මම කුලහීන දිලින්දෙකු වෙමි,
ඔබගේ ක්ෂුද්‍රයන්ගෙනුත් පීඩා ලබන්නට ඉපදුනු

මම ආදරය, රැකවරණය, මනුසත්බව ආදිය නැතිව
දැඩිසේ හිස් කුසින් ඔබ අසළට පැමිණ සිටිමි
ඔබ කා බී ඉතිරි දෙයක්වත් ලබාගන්නට

මම එද්දී කූඩයක් රැගෙන ආවෙමි
ඔබ ඉවත දමන රොඞ්ඩක් හෝ ඇහිඳ එකතුකරගෙන යන්නට