Monday, May 02, 2011

Aarambh hai Prachand

ආරම්භය ප‍්‍රචණ්ඩය
අද හිස්ගෙඩි වලින් පිරී යයි
යුද්ධයට මොහොතයි
හැකිනම් බේරියව්
නම්බුවයි වීරත්වයයිද? නැතහොත් ජීවිතය අහිමිවීමද?
දුන්නකින් විහිදෙන ඊතළයකට දිවි දෙන්නට වේවි
ආරම්භය ප‍්‍රචණ්ඩය

හදවත කියන්නේ පණ පුදපන් කියාද
පණ නසපන් කියාද
ඒ ලෙසටම කරපියව්
එය විශ්ව සම්මතයයි
කෘෂ්ණගේ ගිගිරුමයි
දේවත්වයේ නියමයයි
යුද්ධය තීරණය කරන්නේ වීරයන්ගේ වීරකමේ ප‍්‍රමාණයයි
මෙය කෞරව ජනසන්නිපාතයක්ද
නැතහොත් පාණ්ඩව ජාලයක්ද?
කවරෙක් වුවත් සටන් කළ හැකි තරමට වීරකම පෙන්වාවි
දිනන්නට ආශාව නැතිනම් කිසිවක් යටත්කොට ගත නොහැකිනම්
එහෙම ජීවිතයට ඇතිවී ඇති බාධා නසා දමාපන්
මරණයෙන් ජීවිතය කෙළවර නොවේනම් මරණයට බිය ඇයි බොලව්
පලයව් අහස උසට පැන සිංහයෙකු මෙන් ගර්ජනා කරපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය

දයාපරවශ බවද කොන්ද පණ ඇතිකමද
දැන්ම තෝරාගනින්
පරාජයේ වේදනාව විඳින්නට කැමතිද සිතාපියව්
නැතහොත් ජයග‍්‍රහණයේ රතු පැහැ විභූති නළල පුරා උළාගන්නට කැමතිද?
පැහැයෙන්, හඬින්, තාලයෙන් සිංහයෙකු මෙන් සිටපියව්
ජීවිතයේ සුන්දර පේ‍්‍රම ගීතිකා අද නම් අහකට දමාපියව්
මෝසම් වැස්ස ගැන පිපුණු මල් ගැන කියැවෙන බොළඳදේට අද ගිනිතියපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය