Showing posts with label duet. Show all posts
Showing posts with label duet. Show all posts

Tuesday, October 27, 2009

Meri Zindagi Mein Ajnabee Ka Intezar Hai

ගැ- සඳ වෙනුවෙන් නොවේ තරු වෙනුවෙන්ද නොවේ
මල් වෙනුවෙන් නොවේ වසන්තය වෙනුවෙන්ද නොවේ
බැල්මන් වෙනුවෙන්ද ඉඟිබිඟි වෙනුවෙන්ද නොවේ
දන්නා කියන අයෙකු වෙනුවෙන් නොව නොදන්නා අයෙකු වෙනුවෙන්ද නොවේ

ගැ- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුකයෙකු වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඔහුට ආදරය කරමි
මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි
අහෝ ආගන්තුකය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත

පි- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුක තරුණියක වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඇයට ආදරය කරමි
මම ඒ ආගන්තුක තරුණියව හඳුනමි
ඇය මගේ සිහිනයට නිතර පැමිණෙන්නියකි
අහෝ සුන්දරිය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත

පි- සුගන්ධය පිරි වීදියේ හමන සුළෙඟහි දුටිමි මම
ඒ මුහුණ මම සුන්දර මොහොතකදී දුටිමි

ගැ- මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි
ආදරයේ උන්මත්තකයෙකි ඔහු
මගෙ දෙතොල පිපාසාවෙනි මහද නොඉවසිලිමත්ය
මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි

ගැ-දැන් මම ඔහු වෙනුවෙන් රැයම නිදිවරා බලා සිටිමි
අප දෙදෙනා මුණගැසෙන මොහොත ලඟා කරන්නැයි මම දෙවියන්ගෙන් යදිමි

පි- අනේ මගේ හද, ආදරය වෙනුවෙන් දුරස්ථවීමද අවශ්‍යය
මගෙ හද ගැස්ම කියන්නේ ඒ දුරස්ථ බව ඉතා ටික කලක් බවය

ගැ- මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි

www.songs.pk - Meri Zindagi Mein Ajnabee .mp3
Found at bee mp3 search engine

Wednesday, October 14, 2009

Yeh Dosti hum nahin thodenge

මේ මිතුදම කිසිදිනෙක බිඳ නොගන්නෙමි
සියළු වෙර සිඳී ගියද ඔබව හැර නොයමි

ඔබේ ජය මගේද ජයයි
ඔබ පරදී නම් මාද පරදී
ඇසුනේද මිතුර

ඔබේ දුක මගේද දුකයි මගේ පන ඔබේද පන වේ
එවැනිය අපේ මිතුදම

ඔබ වෙනුවෙන් දිවි පරදුවට තබා
ඕනෑම දෙයක් කරමි
ඔබ වෙනුවෙන් ඕනෑම කෙනෙකුගේ
සතුරෙකු බවටද පත්වෙමි

ලෝකයා දුටු විට දෙදෙනෙකු දකී
එහෙත් අප සැබවින්ම දෙදෙනෙකු නොවේ
තරහ මරහ නිසා අප වෙන්වේද
අහෝ දෙවියනි එසේ නොවන්න

කන්නෙ බොන්නෙ එකටය
දිවි ඇතිතුරා මැරෙන තෙක් ඉන්නෙත් එකටමය

Tuesday, October 13, 2009

Yaad Kiya Dil ne

හදවත ඔබව සිහිපත් කරයි
ඔබ කොහිද
වසන්තය නැලවෙයි
ඔබ කොහිද
ඔබ කොතැන සිටියත්
මට ආදරයෙන් අමතන්න

අද ඔබ නිමග්නව සිටින්නේ කවර කල්පනාවකද
මහද උදව්වක් නැතිව අසරණව ඇත
මේ කුරිරු ලොව ඔබ පමණි මට සැනසුම
හදවත ඔබව සිහිපත් කරයි

රැයද ගෙවී උදෑසනද එළඹෙයි
ඔබ ගැන කල්පනාවෙන් මම නිනව් නැතිවීමි
දැන් මගේ මුළු ජීවිත කතාවම ඔබය
හදවත ඔබව සිහිපත් කරයි

ඔබ මගේ දිවියේ කොටසක් වී ඇත
ඔබ මගේ දිවි මගේ පහනය
ඔබ මගේ ලොව අහස් කුස වැනිය
හදවත ඔබව සිහිපත් කරයි

Tuesday, October 06, 2009

Aake Seedhi Lagi Dil Pe

සෑම වයසකම සෑම රටකම වැසියෙකුට රස විඳිය හැකි මෙම ගීතයේ විශේෂත්වයක් ඇත. මෙය ප‍්‍රහසනය රැගත් විනෝදවත් යුග ගීතයක් වන අතර ගීතය සඳහා ගැහැණූ වෙස්ගෙන රඟපානුයේ කිශෝර් කුමාර්ය. එහෙත් ඔහු පෙම්වතාට පසුබිම් ගායනය කරන්නට තිබූ අතර ගීතයේ ඔහු රඟපෑ ගෑණු චරිතයට පසුබිම් ගායනය කරන්නට තිබුණේ ලතා මංගේෂ්කාර්ටය.

ශබ්දාගාරයේ පටිගත කරන දිනයේ ලතාමංගේෂ්කාර් පැමිණිමට නොහැකි බව දන්වා සිටි අතර ගයන්නට ගායිකාවක් සොයමින් සිටින විට සංගීත අධ්‍යක්ෂක වෙත කිශෝර් කුමාර් දන්වා සිටියේ තමාම එයද ගයන බවය. දැන් මෙන් කඩින් කඩ නොව එක දිගටම ගායකයාගේ කොටසත් ගායිකාවගේ කොටසත් ගයමින් කිශෝර් කුමාර් මෙහි යුග ගායනයම තනිව සිදුකොට ඇති ආකාරය ඉතා විශිෂ්ඨය.

ගැ- අහෝ ඔබගේ කටාක්ෂ නිරීක්ෂණය
කැපෙන පිහියක් මෙන් කෙලින්ම හදවතට පිවිසුනි
පි- ඔබේ දඩබ්බර බැල්ම මගේ හදවත සොරාගෙන ගියේය

ගැ-හදෙහි රැහැන්පට සිඳබිඳිමින්
මගේ වීදියට නිතර එන්නේ ඇයිද?

පි-මොනව කරන්නද සුන්දරියේ මම ආදරේ ඔබට නොවැ
ඔබ නොදැක මගේ සිතට සැනසිල්ලක් නැහැ

ගැ-අනේ යන්න මා මෝඩයෙකු නොකරන්න
නැහැදිච්ච පෙම්වතා

ගැ- හදවත සොරකම් කරන්නට හොරෙන් හොරෙන්
මගෙ පස්සෙන්ම එන්නෙ ඇයි?
කියන දේ ඇහුවෙ නැත්නම් මම කෑ ගහනව ඔන්න
‘‘ අනේ මාව බේරගන්න මෙන්න වනචරයෙක්, කුකුලෙක්’’

පි- පළමුව ඔබේ දෑසින් මාව ඇද බැඳගෙන
දැන් මට කියනව පස්සෙන් එන්න එපාලූ

ගැ- ඔබේ දෑස, සුමිහිරි වදන්
අහෝ මා උමතුවට පත් කරන ලදි


චිත‍්‍රපටය- හාෆ් ටිකට්
වර්ෂය- 1962
යුග ගායනය- කිශෝර් කුමාර්
සංගීතය- සලීල් චෞද්රි
රංගනය- ප‍්‍රාන් සහ කිශෝර් කුමාර්

Saturday, August 01, 2009

Woh jo hum mein tum mein qaraar tha

මෙය බොහෝ ගායක ගායිකාවන් පිරිසක් ගැයූ ගසල් ගායනයකි. එය එතරම්ම ප්‍රචලිත සහ සුමධුර පැරණි පැදි පෙළකි. මෙහි පෙම්වතා යන්න ගායිකාවක් සඳහාද එය ගායකයෙකු ගයන විට පෙම්වතිය ලෙසින්ද වෙනස් කොට ගත යුතුය.

ඔබත් මාත් අතර
අන් කිසිවෙකු නොදත්
අප දෙදෙනා එක්ව බැඳ තැබූ දෙයක් විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි
ඉටු කරනට බොහෝ පොරොන්දුද විය
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි

සිත් රිදෙන කතාද ඇරඹුණි, තුටින් වූ සාමිචිද විය
ඒ හැම දෙයක්ම කලෙකදි නොරිස්සුම් සහිතවූ බව
අද ඔබට මතකදැයි
නැතහොත් අමතකදැයි
මම නොදනිමි

විටෙක ඔබටද මටද ඇවැසි දේ විය
විටෙක ඔබටද මටද විසඳුමක් විය
විටෙක ඔබද මාද ආදරවන්තයින් බවට පත්වීමු
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි

යමෙකු ඔබගේ පෙම්වතායයැයි සැලකුවේද
යමෙකු කෙරෙහි ඔබ විශ්වාසය තැබුවේද
ඒ මාය අදටත්
අද ඔබට එය මතකදැයි නැතහොත් අමතකදැයි
මම නොදනිමි





Friday, July 17, 2009

O raat ke musafir

පි-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

මගේ දෑස හෝ හදවත
කිසිදු වරදක් නොකරන ලදි
එහෙත් කිසිවෙකු මා හා අමනාපව ඇත
ඔබේ තීරණය කුමක් වුවත්
එය පිළිගන්නට මා සූදානම්
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

ගැ-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

මගේ හදවත කාටවත් හිමිව නැත මෙතෙක්
ඒ රහස දෙනෙත් පවසන ලදි
ඉදින් දෑසින් දුටු යමක්
හදවතින් කෙසේ අමතක කරන්නද
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න

පි-සඳවත මඳකට අහසින් බිමට බසින්න
ගැ- මොහුට මඟ අමතකව ගොස් ඇත
එය පෙන්වා දෙන්න
පි-දියෙහි පාරුව මංමුලාවී ඇත
රළපෙල, එයට ඉවුර පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න