1969 වසරේදී තිරගතවූ ශත්රන්ජ් චිත‍්‍රපටයේ රාෆි ශාරදා යුවළ ගැයූ මෙම ගීතය ඉමහත් ජනප‍්‍රියත්වයට පත්විය. මෙම ගීතයේ විශේෂත්වය හින්දි සහ තෙළිඟු ද්වි භාෂාවෙහිම වචන ගීතයට යොදාගෙන තිබීමය. රාෆිට එය ගැයීම නුහුරු අත්දැකීමක් වුවත් ශාරදාට එය පහසුවී ඇති බව ගීතය ශ‍්‍රවණය කරන විට අපට වැටහේ.
ලංකාවේද මෙම ගීතය කෙතරම් ජනප‍්‍රියවීද කිවහොත් සතියට කිහිප වතාවක් ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රචාරය කරන ලද්දේ විය. මෙය ලංකාවේ ජනතාව අතර පැතිර ගිය තරමට මෙහි වචන නොදත් නිසා විවිධ වචන ඇසෙන ලෙසින් යොදාගෙන ගයන්නට ගීතලෝලීහු පෙළඹී සිටියහ.
එච්ආර්ජෝතිපාල විසින් මෙය සැලෙන ලෙලෙන දළුව විළස නිතඹ නලෝලා නමින් පද යොදා ගැයුව අතර එයද ලංකාවේ ජනප‍්‍රිය විය. එය ජනප‍්‍රියවුවද පෙර මුල් ගීතයට වෙනම ඇළුම් කිරීමක් අප අතර තිබූ බව අදටත් අසද්දී අපට අවබෝධ වෙයි.
බක්කම්මා බක්කම්මා බක්කම්මා බක්කම්මා
කොහෙද යන්නෙ, මෙහෙ එන්න
යෙන්ගන්නා යෙන්ගන්නා යෙන්ගන්නා යෙන්ගන්නා
කොහෙද යන්නෙ මෙහෙ එන්න
චින්නම්මා චින්නම්මා චින්නම්මා චින්නම්මා
කොහෙද යන්නෙ මෙහෙ එන්න
අහෝ මගෙ පන බක්කම්මා බක්කම්මා මා අසළට එන්න
දෙවියන්ගෙ නාමෙට මා අසළට එන්න බක්කම්මා බක්කම්මා
අද මම ඔබගේ හදවතෙහි බෙරය වයන්නෙමි බක්කම්මා
යෙන්ගන්නා යෙන්ගන්නා
බක්කම්මා බක්කම්මා
මා මුසපත් කරන්න යෙන්ගන්නා යෙන්ගන්නා
දෑසින් මා මත් කරවන්න යෙන්ගන්නා යෙන්ගන්නා
මත්බවින් මා අල්ලාගෙන මා උමතු කරන්න යෙන්ගන්නා
මම ඔබ සමගින් එන්නෙමි බක්කම්මා බක්කම්මා
මම ඔබව මගේම කරගමි බක්කම්මා බක්කම්මා
මාව ආදරයෙන් ඔබගේ ලෝකයට රැගෙන යන්න යෙන්ගන්නා
Showing posts with label rafi. Show all posts
Showing posts with label rafi. Show all posts
Wednesday, October 12, 2011
Friday, September 10, 2010
Maine Poocha chand se
තරුණියකගේ සුන්දරත්වය එමට වනමින් ලියැවී ඇති මෙම ගේය පද්‍යය රචනා කොට ඇත්තේ ආනන්ද් බක්ෂිය. අබ්දුල්ලා චිත‍්‍රපටයට රාෆි මෙය ගයන ලද්දේ ආර්ඞී බර්මන්ගේ සංගීතයටය.
මම සඳෙන් විමසුවෙමි
කොතැනකවත් දුටුවෙද කියා
මගේ පෙම්වතියගේ මෙන් සුන්දර සිනහවක්
‘‘සඳකිරණ පල්ලා කොතැනකදීවත් නොදුටුවෙමි’’යැයි
සඳ දිවුර දිවුරා පැවසීය
මම ඔබ ගැන සෙවීමි
මම සැම තැනකම ඔබගේ මේ සුන්දරත්වය සෙවීමි
අළුතින් පුබුදින පොහොට්ටු වලින් ඔබට සමවූ යමක් විමසීමි
පිපුණු මල් අතර ඔබ වැන්නියක සෙවීමි
මල් උයනෙන්ද විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘උයනෙහි සෑම පූදින මලක් පල්ලා මම නම් නොදුටුවෙමි’’යැයි
මල් උයන දිවුර දිවුරා පැවසීය
ඔබේ ලැසි ගමන තරඟ රළ මෙනි
ඔබේ දිගු වරළ රාත‍්‍රියක දිගු කතාවකි
දෙතොල නෙළුම් පෙත්තක කැඩපතක් බඳුය
දෑස මත්බවෙහි රුජිණකි
මම මධු ශරාවෙන් විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘මත්බව පල්ලා මම නම් නුදුටුවෙමි’’යැයි
මධුශරාව දිවුර දිවුරා පැවසීය
ඔබගේ සුන්දරත්වය දෙව්ලොවින් පහළවූ විස්කමකි
මීරාගේ ගසල් ගීතයකැයි මම ඔබට අමතම්ද
නැතහොත් ඕමර් ඛයියාම්ගේ රුබයියාට් කවියකැයි පවසම්ද
මම කවියන්ගෙන් විමසීමි
ඔබට සමවූ ශෘංගාරාත්මක කවි සිතුවිල්ලක්
අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘කවීත්වය පල්ලා අප නම් නොදුටුවෙමු’’යැයි
කිවියෝ දිවුර දිවුරා පැවසූහ
මම සඳෙන් විමසුවෙමි
කොතැනකවත් දුටුවෙද කියා
මගේ පෙම්වතියගේ මෙන් සුන්දර සිනහවක්
‘‘සඳකිරණ පල්ලා කොතැනකදීවත් නොදුටුවෙමි’’යැයි
සඳ දිවුර දිවුරා පැවසීය
මම ඔබ ගැන සෙවීමි
මම සැම තැනකම ඔබගේ මේ සුන්දරත්වය සෙවීමි
අළුතින් පුබුදින පොහොට්ටු වලින් ඔබට සමවූ යමක් විමසීමි
පිපුණු මල් අතර ඔබ වැන්නියක සෙවීමි
මල් උයනෙන්ද විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘උයනෙහි සෑම පූදින මලක් පල්ලා මම නම් නොදුටුවෙමි’’යැයි
මල් උයන දිවුර දිවුරා පැවසීය
ඔබේ ලැසි ගමන තරඟ රළ මෙනි
ඔබේ දිගු වරළ රාත‍්‍රියක දිගු කතාවකි
දෙතොල නෙළුම් පෙත්තක කැඩපතක් බඳුය
දෑස මත්බවෙහි රුජිණකි
මම මධු ශරාවෙන් විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘මත්බව පල්ලා මම නම් නුදුටුවෙමි’’යැයි
මධුශරාව දිවුර දිවුරා පැවසීය
ඔබගේ සුන්දරත්වය දෙව්ලොවින් පහළවූ විස්කමකි
මීරාගේ ගසල් ගීතයකැයි මම ඔබට අමතම්ද
නැතහොත් ඕමර් ඛයියාම්ගේ රුබයියාට් කවියකැයි පවසම්ද
මම කවියන්ගෙන් විමසීමි
ඔබට සමවූ ශෘංගාරාත්මක කවි සිතුවිල්ලක්
අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘කවීත්වය පල්ලා අප නම් නොදුටුවෙමු’’යැයි
කිවියෝ දිවුර දිවුරා පැවසූහ
Monday, July 27, 2009
Chaudvin Ka Chand
ඔබ පුරහඳය, නැතහොත් සූර්යාංගනාවය
කවරක් වුවත් දෙවියන්ගේ නාමෙට
ඔබ නම් රුවින් අසමසමය
වරළස ඔබේ උරහිස් මත වලා මෙන් කඩා හැලෙයි
දෑස මධුපැන් කුසලානයක් බඳුය
ඔබ ආදරයෙන් කුල්මත්වූ යුවතියකි
ඔබේ මුහුණ විලෙහි රඟන නෙළුමක් වැනිය
නැතහොත් ජීවන වීණාවෙහි වැයෙන
සුන්දර ගසල් ගායනයක් වැනිය
වසන්තයේ සුන්දරාවිය ඔබ
කවියෙකුගේ සිහිනයකි
ඔබේ හසරැල් විදුලිය මෙන් දෙතොලෙහි ඇඳී යයි
දේදුණු ඔබ යන මගෙහි ඉදිරියෙන් මැවෙයි
ආදරයෙත් සුන්දරත්වයෙත් තෝතැන්න වූ ලොවක
ආලෝකය ඔබමය
කවරක් වුවත් දෙවියන්ගේ නාමෙට
ඔබ නම් රුවින් අසමසමය
වරළස ඔබේ උරහිස් මත වලා මෙන් කඩා හැලෙයි
දෑස මධුපැන් කුසලානයක් බඳුය
ඔබ ආදරයෙන් කුල්මත්වූ යුවතියකි
ඔබේ මුහුණ විලෙහි රඟන නෙළුමක් වැනිය
නැතහොත් ජීවන වීණාවෙහි වැයෙන
සුන්දර ගසල් ගායනයක් වැනිය
වසන්තයේ සුන්දරාවිය ඔබ
කවියෙකුගේ සිහිනයකි
ඔබේ හසරැල් විදුලිය මෙන් දෙතොලෙහි ඇඳී යයි
දේදුණු ඔබ යන මගෙහි ඉදිරියෙන් මැවෙයි
ආදරයෙත් සුන්දරත්වයෙත් තෝතැන්න වූ ලොවක
ආලෝකය ඔබමය
Friday, July 17, 2009
O door ke musafir
අද ඔබ වෙන්ව ගියේ නම් මෙලොවින්
මගේ දිවිය තවදුරටත් මගේ නොවනු ඇත
ඔබට වුවමනා දේ ලැබුණි
මට මරණයවත් නොලැබුණි
මා හැර දුරතක ගිය සබඳ
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
ඔබ මට දුන් දුක බලවත්ය
එහෙයින්ම මරණය නැතිවද
මැරි මැරී සිටිමි මෙහි
ජීවිත සමග සෙල්ලම් කරන මේ ලෝකයේ
මා පමණක් සිට කුමකටද?
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
හදවතෙහි මාවත් පාළුවට ගොසිනි
අවට ඇත්තේ පාළුව පමණි
මගේ ඉටු නොවුණු බලාපොරොත්තුවල මළගමද
සුන්වී ගිය සිහිනද පමණි මෙහි
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
මගේ දිවිය තවදුරටත් මගේ නොවනු ඇත
ඔබට වුවමනා දේ ලැබුණි
මට මරණයවත් නොලැබුණි
මා හැර දුරතක ගිය සබඳ
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
ඔබ මට දුන් දුක බලවත්ය
එහෙයින්ම මරණය නැතිවද
මැරි මැරී සිටිමි මෙහි
ජීවිත සමග සෙල්ලම් කරන මේ ලෝකයේ
මා පමණක් සිට කුමකටද?
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
හදවතෙහි මාවත් පාළුවට ගොසිනි
අවට ඇත්තේ පාළුව පමණි
මගේ ඉටු නොවුණු බලාපොරොත්තුවල මළගමද
සුන්වී ගිය සිහිනද පමණි මෙහි
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
O raat ke musafir
පි-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ දෑස හෝ හදවත
කිසිදු වරදක් නොකරන ලදි
එහෙත් කිසිවෙකු මා හා අමනාපව ඇත
ඔබේ තීරණය කුමක් වුවත්
එය පිළිගන්නට මා සූදානම්
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
ගැ-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ හදවත කාටවත් හිමිව නැත මෙතෙක්
ඒ රහස දෙනෙත් පවසන ලදි
ඉදින් දෑසින් දුටු යමක්
හදවතින් කෙසේ අමතක කරන්නද
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
පි-සඳවත මඳකට අහසින් බිමට බසින්න
ගැ- මොහුට මඟ අමතකව ගොස් ඇත
එය පෙන්වා දෙන්න
පි-දියෙහි පාරුව මංමුලාවී ඇත
රළපෙල, එයට ඉවුර පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ දෑස හෝ හදවත
කිසිදු වරදක් නොකරන ලදි
එහෙත් කිසිවෙකු මා හා අමනාපව ඇත
ඔබේ තීරණය කුමක් වුවත්
එය පිළිගන්නට මා සූදානම්
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
ගැ-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ හදවත කාටවත් හිමිව නැත මෙතෙක්
ඒ රහස දෙනෙත් පවසන ලදි
ඉදින් දෑසින් දුටු යමක්
හදවතින් කෙසේ අමතක කරන්නද
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
පි-සඳවත මඳකට අහසින් බිමට බසින්න
ගැ- මොහුට මඟ අමතකව ගොස් ඇත
එය පෙන්වා දෙන්න
පි-දියෙහි පාරුව මංමුලාවී ඇත
රළපෙල, එයට ඉවුර පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
Wednesday, July 15, 2009
baharon phool barsao
වසන්තය මල්වැසි වස්සන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
සුළඟ සුන්දරතම රාගයක් ගයන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
ඇගේ සුසුදු අත්ලෙහි රතුමල්වලින් මෙහෙන්දී තැවරෙනු ඇත
වලා පෙල අහසින් ඇදී අවුත් ඇගේ ආදර දෑසෙහි අංජන තවරන්න
තාරකාවනි, ඉදින් අවුත් ඇගේ නලල්තලය සරසන්න
සියලූ දෙන සෑම තැනම දෙනෙත් දල්වාගෙන සිටිති
මගේ පෙම්වතිය බොහෝ ලජ්ජාකාරියකි ඇය සැඟව යනු ඇත ලැජ්ජාවෙන්
ඉදින් මගේ හදවත අස්වසන්න මඳක්, මගේ ආදරිය පැමින සිටී
අද මංගල යහන මල් පොහොට්ටුවලින් ගැවසී ඇත
ඒවා දැන සිට ඇත මෙවැනි වසන්තයේ දිනයක් උදාවන බව
ඉදින් මා අවට සියල්ල වර්ණවත් කරන්න
මගේ සහකාරිය මෙහි සිටී
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
සුළඟ සුන්දරතම රාගයක් ගයන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
ඇගේ සුසුදු අත්ලෙහි රතුමල්වලින් මෙහෙන්දී තැවරෙනු ඇත
වලා පෙල අහසින් ඇදී අවුත් ඇගේ ආදර දෑසෙහි අංජන තවරන්න
තාරකාවනි, ඉදින් අවුත් ඇගේ නලල්තලය සරසන්න
සියලූ දෙන සෑම තැනම දෙනෙත් දල්වාගෙන සිටිති
මගේ පෙම්වතිය බොහෝ ලජ්ජාකාරියකි ඇය සැඟව යනු ඇත ලැජ්ජාවෙන්
ඉදින් මගේ හදවත අස්වසන්න මඳක්, මගේ ආදරිය පැමින සිටී
අද මංගල යහන මල් පොහොට්ටුවලින් ගැවසී ඇත
ඒවා දැන සිට ඇත මෙවැනි වසන්තයේ දිනයක් උදාවන බව
ඉදින් මා අවට සියල්ල වර්ණවත් කරන්න
මගේ සහකාරිය මෙහි සිටී
Subscribe to:
Posts (Atom)