මත්වූ මිතුර තවත් මධුපැන් පානය කරන්න
මධුපැන් වීදුරුවක් පානය කොට කුමටද
මුළු අවන්හලේම මධුපැන් පානය කරන්න
දිවියේ සුපුරුදු වේදනාව
මධුපැන් කුසලානයෙහි ගිල්වා දමන්න
ඉදින් දුබල හදවත දැන්වත්
වීරියෙන් යුතුව මධුපැන් පානය කරන්න
මධුපැන් තොලගෑමේ වටිනා පුරුද්ද ගැන
ඔබට නම් කිසි දැනීමක් නැත
අවන්හලෙහි මිතුරන් එසේ පවසත්
ඉදින් මධුපැන් පානය කරන්න
මේ දුර්ජන සමාජයෙහි ජීවිතයක් ලබන්නට නම්
මත් විය යුතුය
ආදරයෙන් උමතුවන්න
ඉදින් හදවතක් ඇති උන්මත්තකය, මධුපැන් පානය කරන්න
අවන්හලෙහි කලබගෑනි වේවි ටික වෙලාවකින්
අවන්හල නුපුරුදු අය නිසා
එළිවෙන්නටත් ලංව ඇත
තවත් මධුපැන් පානය කරන්න
Monday, October 19, 2009
Chane ke khet main
මම අවුරුදු දහඅටක නව යොවුන් තරුණියක් වීමි
වේල්පොටින් හිස වසාගෙන ගියෙමි
අහෝ මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ තරුණකම සොරකම් කරන ලද්දේ විය
පළමුව හේ සලෙලෙකු මෙන් මගේ අතින් අල්ලා ගත්තේය
දෙවනුව ඔහු සෙමින් මගේ ඇඟිල්ල මිරිකුවේය
බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ තරුණකම සොරකම් කරන ලද්දේ විය
මා අවට සැම තැනම ඇත්තේ සලෙල දඩයක්කරුවන් ඇටවූ උගුල්ය
මා අවට සැමතැනම සිටින්නේ තරුණියන්ගේ තාරුණ්‍ය සොරකම් කරන සලෙලූන්ය
‘‘අහෝ මා පැරදුණි, අහෝ මා පැරදුණි’’ මම අවට නෙත් යොමු කරමින් මුර ගෑවෙමි
මා ගියේ මගේ සුන්දරත්වය නොපෙනෙන්නට හිස වසාගෙනය
මා ගියේ දෑත වළළුවලින් පුරවාගෙනය
වළලූ බිඳී ගියේය
හේනෙදි මගේ වළළු බිඳී ගියේය
හේනෙදි බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
දෙවියනි මගේ ඉරණමක අරුම,
මම දැන් කාටවත් මුහුණ දෙන්නේ කොහොමද?
මට වුණ දේ කාටවත් කොහොම කියන්නද?
දෙවියනි මට මොන මොනවා වුණාද?
කිසිවෙකුත් මගේ උදව්වට නාවේය
මගේ මංගල ඇඳුමින් මම සිටියෙමි
හිසෙහි මල් ගවසාගෙන සිටියෙමි
කනෙහි රන් තෝඩු ගැලවී ගියේය
හේනෙදි කනෙහි රන් තෝඩු ගැලවී ගියේය

Tumne Dil Ki Baat Keh Di
ඔබ අද ඔබේ හිතේ ඇති දෙය පැවසීය
ඉන් මා බොහෝ රැවටී ඇති බව වටහා ගතිමි
මා සිතුයේ ඔබ මගේ කියාය
මා ඔබට යමක් කීවේ නම් ඉන් සිදුවූයේ බලාපොරොත්තුවූ දෙය නොවේ
මා කී දෙය සමහර විට ඔබ අමතක කර දමන්නට ඇත
එහෙත් නැවත නැවතත් සිදුවූයේ එයමයැ
ඔබේ දෑසට මේ කඳුලූ ආවේ කොහෙන්ද?
මා ආදරයෙන් උමතුව සිටියද එසේ නොවීය
ඉදින් ඔබට කුමක් සිදුවීද?
දැන් මා කාට කවර ලෙසකින් මගේ කතාව කියන්නද?
දෙවියන්ට පින් සිදුවන්නට මේ හැමදේම මෙලෙසින් සිද්දවුනේ හොඳටයැයි සිතා සිත හදාගනිමි.

Khanjar hain Teri aankhen Talwar teri aankhen
කැපෙන පිහිතලයක් වැනි කගපතක් වැනි නුඹේ දෑස
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස
මත් කරවන බැල්මෙන් පිරි දෑස හිමි නුඹව
දෙවියෝම සුරකිත්වා
මගේ මතකයේ සැමවිටම රැඳී ඇත්තේ නුඹේ දෑසමය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස
නුඹේ කතාකරන දෑස මහා දිගු කතාවක් පවසයි
නුඹේ දෑසටම වෙන්වුණු භාෂාවක් ඇත්තා සේය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස
මම නුඹේ දෑසින් දෙවියන්වද දකිමි
මෙහා ඉවුරෙත් නුඹේ දෑසය එහා ඉවුරෙත් නුඹේ දෑසය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස
නුඹ දහස් ප‍්‍රයෝග දමමින් සඟවන්නට උත්සාහ දැරුවත්
ආදරය සැඟවිය නොහැකිය
නුඹේ දෑස ආදරය පිළිබඳ බලාපොරොත්තු නෙතු දල්වා සිටී

Friday, October 16, 2009
piya re piya re
සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත
ඔබේ දෑස කෙතරම් මායාකාරීද
ඔබ නැතිව කිසිදු අස්වැසිල්ලක් නැත
හදවත ඩග් ඩග් හඬින් ගැහෙයි
වස්දඬුවද ගයයි අසන්න සුපෙම්වත
ඔබ නැතිව මට කිසි දෙයකට පිරියක් නැත
සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත
මා බොහෝ කලක සිට ආදරයේ පූදින නැවුම් කුසුම
රැක තබාගෙන සිටිමි
දැන් නම් මග නෙතු දල්වාගෙන හිඳ මම හෙම්බත්වී සිටිමි
ගතවන සෑම උදයෙත් සවස් කාලයෙත්
ඔබේ මුහුණ දකින්නට මගේ දෙනෙත මග බලා හිඳී

yeh kiski hai aahat
මේ කාගේ අඩි ශබ්දයක්ද?
මේ කාගේ සෙවනැල්ලක්ද?
මගේ හදවතෙහි තට්ටු කරන හඬින් වටහා ගනිමි
කිසිවෙක් පැමිණ සිටිති
මා විචිත‍්‍ර වර්ණයෙන් සරසන ලද්දේ කා විසින්ද
මගේ අපමණ සතුටට මා මියගියා වැනිය
මගේ අත්ල මම සඳවතින් හැඩ නොකලෙමි
මම තරු කැට සමගින් කිසිදු සබඳකමක් නොපැවැත්වීමි
දෙවියන්ටද කිසිදු අවනඩුවක් නොකීවෙමි
මම හිතේ සියළු දුක සඟවා ගත්තෙමි
සිනහවෙන් හැම වේදනාවක්ම වසා ගතිමි
මා පාරන කටු අකුල් පවා වැළඳ ගතිමි
මලින් පවා මා පීඩාවට පත්විය
එහෙත් මා දෙවියන්ගෙන් යමක් යදින්නට දෑත දිගු කරන විට
මා පැතුවේ ඔබම පමණි
දෙවියන්ගෙ නාමෙට මා පැතුවේ ඔබම පමණි

fasle gul hei
මේ මලින් බර වසන්තයයි ඉදින් මධුපැන් පානය කරන්න
මේ මලින් බර වසන්තයයි
ඉදින් මධුපැන් පානය කරන්න
කිසි දෙයකට වද නොවන්න
ඉදින් මධුපැන් පානය කරන්න
මත්වූ සබඳ අහසෙහි වලා ගැටෙන අයුරු බලන්න
ඒ ඔබේ වේදනාව ඔබට පෙනෙන අයුරුයි
ඉදින් මධුපැන් පානය කරන්න
ඒ ගැටෙන වැහි වලා පැමිනෙන්නේ
ශුද්ධවූ මක්කමෙහි සිටය
ඉදින් දැන් මධුපැන් පානය කරන්න
අහෝ මතින් තොරව දිවිගෙවන්නනි
අදවත් මඳක් මත්පැන් පානය කොට බලන්න
ඝන අඳුර බැවින් කිසිවෙකුටත් නොපෙනේ
ඉදින් මධුපැන් පානය කරන්න
මේ වසන්තයේ දවස්ය
ඉදින් සිනහවී කල් ගෙවන්න
මල්වලට පිපෙන්නට ඉඩ දෙන්න
මේ වසන්තයේ දවස්ය
මධුපැන් නැත්නම් වේදනාවේ කඳුලූ හෝ පානය කරන්න
මේ වසන්තයේ දවස්ය
ඉදින් මධුපැන් පානය කරන්න
පෑරුණු හදවත දැන් සනීප කරගන්න
මත්ව මඳ මොහොතක් හෝ ගත කර බලන්න
තවමත් ඉවසමින් කල් බලන්නේ ඇයිද මතින් වැලකුණු සබඳ
අවන්හලෙහි ඇති වරප‍්‍රසාදයකි මෙය
ඉදින් මධුපැන් පානය කරන්න
ඉදිරියෙදි සෑම දෙයක් ගැනම මැන ගැන දිවි ගෙවන්නට සිදුවේ
දැන් කුමට මනින්නද ගනින්නද
ඇති තරම් ඉදින් මධුපැන් පානය කරන්න
කිසිවෙකු රහසින් මධුපැන් පානය කරත්නම්
හේ වංචාකාරයෙකි
කිසිවක් නොසිතා
ඉදින් මධුපැන් පානය කරන්න
හදවත වීදුරුවයි මධුපැන් විශ්වාසයයි
අනේ මහත්මයා දැන්වත් මධුපැන් පානය කරන්න
ඉදින් මධුපැන් පානය කරන්න
දිව්‍යමය මත්බව අත්විඳින්න නම්
සුරයන්ගේ පානය මෙයයි
ඉදින් මධුපැන් පානය කරන්න
මිතුර අහෝ මොනවට කරදර වන්නේද
කුමක්ද ඇති ගැටළුව

Thursday, October 15, 2009
Chadta Sooraj
චඞ්තා සූරජ් -නැගෙන හිරු- නම් මෙම කවාලි ගායනය තාරුණ්‍යයේ වල්මත්ව හිදීන සියළු දෙනාට ආදර්ශයක් ලෙසින් ගයනු ලබන පාරම්පරික ගායනයකි. අදටත් තරුණ සහ මැදිවියේ පකිස්ථානුවන් සහ ඉන්දියානු මුසල්මානුන් බොහොමයක් මෙහි වදන් කට පාඩමින් මුමුණනු දැකිය හැකිය. සැබවින්ම අරුත්බර මෙන්ම හැඟුම්බර මෙම ගීතයෙහි අන්තර්ගතය ඉස්ලාම් දහමට පමණක් නොව බුදුදහමටද බොහෝ සමීප වන්නට උත්සාහ දරා ඇතිබව පෙනේ.
නැගෙන හිරු
තාරුණ්‍යයේ මදයෙන් උඩඟුවූ තරුණයිනි,
ඔබ හෙට දින අනිවාර්යයෙන් පසු තැවෙනු ඇත
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත
ඔබ මෙලොව මගියෙක් පමණි
ලෝකය යනු මායාවකි
මෙලොව ඔබ ගත කරන්නේ ටික කලකි
මුදල්, නම්බුව, ගේදොර, රත්තරන් බඩු
කිසිවක් ඔබ රැගෙන යන්නේ නැත
හිස් අතින් ඔබ පැමිණියේ ඔබ යන්නේද හිස් අතිනි
මේ බව ඔබ දනිතත් නොදන්නා ලෙසින් හැසිරෙයි
ජීවන රඟමඬලෙහි ඔබ තබන සෑම පියවරකින්ම වල්මත් වෙයි
ඔබ දෙවියන් අමතක කොට ඇත
භෞතික දේ පසුපස හඹා ගොස් හති වැටුණු බොහෝ අය මෙය වටහාගෙන ඇත
ඔවුහු තමන් ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගෙනම
ගිලා බසින හිරු දැක හඬා වැටෙති
ඔබ කවරක් දැනගෙනද මේ සියල්ලෙහි ඇලී ගැලී ඉන්නේ
සෑම අයෙකුම තමන්ගේ ජීවන ගැටළු සමගින් කාර්ය බහුල වී ඇත
ඔවුහු කිසිවෙකු ජීවිතයේ සැබෑ අර්ථය නොදනිති
අදම වටහාගන්නට උත්සාහ කරන්න
මේ අවස්ථාව හෙට දිනයේදී උදා නොවනු ඇත
ගැඹුරු නින්දේ පසුවන්නන් හෙට මංමුලාවනු ඇත
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත
මරණය කාටත් පාඩම් උගන්වයි
ප‍්‍රතාපවත් විරුවන්ට පවා එසේම වී ඇත
මහත් අධිෂ්ඨානයෙන් හුන් වීර ඇලෙක්සැන්ඩර් රජු පවා අවසානයේ සියල්ල හැර දමා මිය ගියේය
ලොවින් නික්මුණු සියල්ලන් ගියේ හිස් අතිනි
මහත් ඉසුරු නිසා අහංකාරව උඩඟුව දිවි ගෙවූ
කිසිවෙකු මිය ගියේ ඒ කිසිවක් රැගෙන නොවේ
ඔවුන් වෙනුවෙන් අවසානයේ සොහොනෙහි පහනක් දල්වන්නටද කෙනෙකු නැති විය
ඔබ ධනවත් වුවත් දිළිඳුවුවත් නැවත යන්නට සිදුවේ
ඔබ කාගෙත් අවසන් නැවතුම සොහොනයි
ඔබ කල දේවල්වල ඵලය මිස කුමක් ලබාගන්නද
උඩඟුව හිස උදුම්මාගෙන ඇවිදින අය දිනෙක ඇදගෙන වැටෙනු ඇත
නැගෙන හිරු සෙමින් සෙමින් බැස නොපෙනී යනු ඇත
මරණය කාටත් පොදුය
ඉන් ගැලවෙන්නට ඔබට නොහැකිය
අවසන් සුසුම හෙළන විට
සියළු බැඳීම්ද බිඳී යයි
දෙමව්පියන් සොයුරු සොයුරියන් බිරිඳ දරුවන් සියල්ල අහිමි වෙයි
ඔබ වටා පන තිබෙනතුරු හුන් අය මිය ගිය විගස ඔබේ බූදලය බෙදාගන්නට සටන් කරනු ඇත
ඒ ඔබ ඔබේමයැයි සිතූ අයය
ඒ අය ඔබ වෙනුවෙන් කුමක් කරන්නද?
සොහොන්බිම ඔබේ ජීවිතයේ අවසන් මංසන්ධියයි
ඔබට ආදරය කල, ඔබේ මංගල්ලෙදී ඔබට මල් කළඹක් දුන් අය මෙන්ම
ඔබව මරන්නට කැස කැවූ අයද එකට එක්ව
ඔබේ මිනියට පස් පිඩක් වීසි කරනු ඇත
ඔබේ බලාපොරොත්තු එතැනින් නිමා වනු ඇත
ඔබගේ සහෘදයන් ඉනික්බිති ඔබව අමතක කර දමනු ඇත
එබැවින් මම ඔබට පවසමි
කාලය නාස්ති නොකර
ලද අවස්ථාවෙන් ජීවිතයේ නියම ඵල නෙලා ගන්න
කාලය ගැන කෙසේ විශ්වාසය තබන්නද
කොයි වෙලාවෙ අපට යන්නට වේදැයි අප දන්නේ කෙසේද
භෞතික දෙයෙහි ඇලී ගැලී සිටින්නනි
ඔබ ඉන් ලබන ඵලය කුමක්ද? ඔබ එයින් අනාගතයේ ලබන ඵලය කුමක්ද?

Wednesday, October 14, 2009
Yeh Dosti hum nahin thodenge
මේ මිතුදම කිසිදිනෙක බිඳ නොගන්නෙමි
සියළු වෙර සිඳී ගියද ඔබව හැර නොයමි
ඔබේ ජය මගේද ජයයි
ඔබ පරදී නම් මාද පරදී
ඇසුනේද මිතුර
ඔබේ දුක මගේද දුකයි මගේ පන ඔබේද පන වේ
එවැනිය අපේ මිතුදම
ඔබ වෙනුවෙන් දිවි පරදුවට තබා
ඕනෑම දෙයක් කරමි
ඔබ වෙනුවෙන් ඕනෑම කෙනෙකුගේ
සතුරෙකු බවටද පත්වෙමි
ලෝකයා දුටු විට දෙදෙනෙකු දකී
එහෙත් අප සැබවින්ම දෙදෙනෙකු නොවේ
තරහ මරහ නිසා අප වෙන්වේද
අහෝ දෙවියනි එසේ නොවන්න
කන්නෙ බොන්නෙ එකටය
දිවි ඇතිතුරා මැරෙන තෙක් ඉන්නෙත් එකටමය
සියළු වෙර සිඳී ගියද ඔබව හැර නොයමි
ඔබේ ජය මගේද ජයයි
ඔබ පරදී නම් මාද පරදී
ඇසුනේද මිතුර
ඔබේ දුක මගේද දුකයි මගේ පන ඔබේද පන වේ
එවැනිය අපේ මිතුදම
ඔබ වෙනුවෙන් දිවි පරදුවට තබා
ඕනෑම දෙයක් කරමි
ඔබ වෙනුවෙන් ඕනෑම කෙනෙකුගේ
සතුරෙකු බවටද පත්වෙමි
ලෝකයා දුටු විට දෙදෙනෙකු දකී
එහෙත් අප සැබවින්ම දෙදෙනෙකු නොවේ
තරහ මරහ නිසා අප වෙන්වේද
අහෝ දෙවියනි එසේ නොවන්න
කන්නෙ බොන්නෙ එකටය
දිවි ඇතිතුරා මැරෙන තෙක් ඉන්නෙත් එකටමය
Tuesday, October 13, 2009
Yaad Kiya Dil ne
හදවත ඔබව සිහිපත් කරයි
ඔබ කොහිද
වසන්තය නැලවෙයි
ඔබ කොහිද
ඔබ කොතැන සිටියත්
මට ආදරයෙන් අමතන්න
අද ඔබ නිමග්නව සිටින්නේ කවර කල්පනාවකද
මහද උදව්වක් නැතිව අසරණව ඇත
මේ කුරිරු ලොව ඔබ පමණි මට සැනසුම
හදවත ඔබව සිහිපත් කරයි
රැයද ගෙවී උදෑසනද එළඹෙයි
ඔබ ගැන කල්පනාවෙන් මම නිනව් නැතිවීමි
දැන් මගේ මුළු ජීවිත කතාවම ඔබය
හදවත ඔබව සිහිපත් කරයි
ඔබ මගේ දිවියේ කොටසක් වී ඇත
ඔබ මගේ දිවි මගේ පහනය
ඔබ මගේ ලොව අහස් කුස වැනිය
හදවත ඔබව සිහිපත් කරයි
ඔබ කොහිද
වසන්තය නැලවෙයි
ඔබ කොහිද
ඔබ කොතැන සිටියත්
මට ආදරයෙන් අමතන්න
අද ඔබ නිමග්නව සිටින්නේ කවර කල්පනාවකද
මහද උදව්වක් නැතිව අසරණව ඇත
මේ කුරිරු ලොව ඔබ පමණි මට සැනසුම
හදවත ඔබව සිහිපත් කරයි
රැයද ගෙවී උදෑසනද එළඹෙයි
ඔබ ගැන කල්පනාවෙන් මම නිනව් නැතිවීමි
දැන් මගේ මුළු ජීවිත කතාවම ඔබය
හදවත ඔබව සිහිපත් කරයි
ඔබ මගේ දිවියේ කොටසක් වී ඇත
ඔබ මගේ දිවි මගේ පහනය
ඔබ මගේ ලොව අහස් කුස වැනිය
හදවත ඔබව සිහිපත් කරයි
Subscribe to:
Posts (Atom)