සප්නා ආවස්ථි ගයන මෙම ගීතයට සංගීතය සැපයූවේ ශන්කර්, එහෙසාන් සහ ලෝයි විසිනි. චිත‍්‍රපටය 1999 තිරගතවූ ෂූල් චිත‍්‍රපටයයි. රංගනය ඉදිරිපත් කරන ලද්දේ ශිල්පා ෂෙට්ටිය.
සිහිනිඟ නළවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
නාග කන්‍යාවක මෙන් ඇදෙමින්- අහෝ අහෝ අහෝ අහෝ....
දෑසින් දෑස වසඟ කරගනිමින්- අහෝ අහෝ අහෝ අහෝ....
ලා කොල පැහැති පර්දාව ඔසවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
හදවත් ඇත්තන්ගේ හදවතෙහි නිනව් සොරාගන්නට
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය
ධන නිධානයක් නැත
රන් රිදී ලූ සේප්පුද නැත
සහයට හෙල්ලක් හෝ පොරවක් නැත
මා තවම නවයොවුන් වියේය
එහෙත් මේ රැස්ව සිටින පිරිස නැටවිය හැකිය
මට නිවාඩුවක් ගැන වැටහීමක් නැත
එහෙත් ඔබට හාදු නොදෙමි මම
දෙකනේ තෝඩු රඟදෙවමින්
නලවා පද්දමින් යමින්
හිසෙහි ගෙතූ මල්වැල් පළඳාගෙන
අහා අහා මෙතරම් සුගන්ධවත්ව
යව්වනයේ වසන්තය මුළුමනින්ම සොරාගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය
කල්කත්තාව වෙද බොම්බාය වෙද
සැමතැනකම මා සියල්ලන්ගේ දෑසෙහි රැඳී ඇත
පංජාබ වුවත් හරියාණා වුවත් මගෙන් බේරීම අපහසු විය
සැමගේ හදවත් ස්පන්දනය කරමින්
ගිණිපුළිඟු දල්වමින්
මුවෙහි බුලත් විට දමමින්
දෑතෙහි මෙහෙන්දි රටා මවමින්
රහසින් සැමගේ දෑස් සොරා ගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය
Shilpa shetty.patli kamar matka ke by mafiafamily8384
Monday, June 27, 2011
Monday, June 20, 2011
Malaika nakupende Malaika
ඇමරිකා එක්සත් ජනපදයේදී තම ස්ථාවරය හදාගත් බොහෝ අප‍්‍රිකානු සම්භවයක් ඇති ගායක ගායිකාවන් ගයා ඇති මෙම ගීතය නැගෙනහිර අප‍්‍රිකානු ටැන්සානියානු ජනගීයකි. බොනියම් කණ්ඩායමද මෙය ගායනා කළත් ඉතාම මිහිරි අයුරින් මෙහි මූලික ලක්ෂණ රැකගනිමින් ගායනා කරනු ලැබුයේ මිරියම් මකේබා විසිනි. වචනාර්ථයටත් වඩා සංගීත රසය ඉතා මිහිරි බව ඇසීමේදීම ඔබට වැටහෙනු ඇත.
සුරදුතියේ මම නුඹට ආදරෙයි සුරදුතියේ
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
සල්ලි මගේ ජීවිතයම විනාශ කර ඇත
සල්ලි මගේ ජීවිතයම විනාශ කර ඇත
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ පුංචි කිරිල්ලියේ මම සැමවිටම ඔබ ගැනම සිහින දකිමින් සිටිමි
මගේ පුංචි කිරිල්ලියේ මම සැමවිටම ඔබ ගැනම සිහින දකිමින් සිටිමි
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
සුරදුතියේ මම නුඹට ආදරෙයි සුරදුතියේ
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
සල්ලි මගේ ජීවිතයම විනාශ කර ඇත
සල්ලි මගේ ජීවිතයම විනාශ කර ඇත
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ පුංචි කිරිල්ලියේ මම සැමවිටම ඔබ ගැනම සිහින දකිමින් සිටිමි
මගේ පුංචි කිරිල්ලියේ මම සැමවිටම ඔබ ගැනම සිහින දකිමින් සිටිමි
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
Monday, May 02, 2011
Aarambh hai Prachand
ආරම්භය ප‍්‍රචණ්ඩය
අද හිස්ගෙඩි වලින් පිරී යයි
යුද්ධයට මොහොතයි
හැකිනම් බේරියව්
නම්බුවයි වීරත්වයයිද? නැතහොත් ජීවිතය අහිමිවීමද?
දුන්නකින් විහිදෙන ඊතළයකට දිවි දෙන්නට වේවි
ආරම්භය ප‍්‍රචණ්ඩය
හදවත කියන්නේ පණ පුදපන් කියාද
පණ නසපන් කියාද
ඒ ලෙසටම කරපියව්
එය විශ්ව සම්මතයයි
කෘෂ්ණගේ ගිගිරුමයි
දේවත්වයේ නියමයයි
යුද්ධය තීරණය කරන්නේ වීරයන්ගේ වීරකමේ ප‍්‍රමාණයයි
මෙය කෞරව ජනසන්නිපාතයක්ද
නැතහොත් පාණ්ඩව ජාලයක්ද?
කවරෙක් වුවත් සටන් කළ හැකි තරමට වීරකම පෙන්වාවි
දිනන්නට ආශාව නැතිනම් කිසිවක් යටත්කොට ගත නොහැකිනම්
එහෙම ජීවිතයට ඇතිවී ඇති බාධා නසා දමාපන්
මරණයෙන් ජීවිතය කෙළවර නොවේනම් මරණයට බිය ඇයි බොලව්
පලයව් අහස උසට පැන සිංහයෙකු මෙන් ගර්ජනා කරපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය
දයාපරවශ බවද කොන්ද පණ ඇතිකමද
දැන්ම තෝරාගනින්
පරාජයේ වේදනාව විඳින්නට කැමතිද සිතාපියව්
නැතහොත් ජයග‍්‍රහණයේ රතු පැහැ විභූති නළල පුරා උළාගන්නට කැමතිද?
පැහැයෙන්, හඬින්, තාලයෙන් සිංහයෙකු මෙන් සිටපියව්
ජීවිතයේ සුන්දර පේ‍්‍රම ගීතිකා අද නම් අහකට දමාපියව්
මෝසම් වැස්ස ගැන පිපුණු මල් ගැන කියැවෙන බොළඳදේට අද ගිනිතියපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය
අද හිස්ගෙඩි වලින් පිරී යයි
යුද්ධයට මොහොතයි
හැකිනම් බේරියව්
නම්බුවයි වීරත්වයයිද? නැතහොත් ජීවිතය අහිමිවීමද?
දුන්නකින් විහිදෙන ඊතළයකට දිවි දෙන්නට වේවි
ආරම්භය ප‍්‍රචණ්ඩය
හදවත කියන්නේ පණ පුදපන් කියාද
පණ නසපන් කියාද
ඒ ලෙසටම කරපියව්
එය විශ්ව සම්මතයයි
කෘෂ්ණගේ ගිගිරුමයි
දේවත්වයේ නියමයයි
යුද්ධය තීරණය කරන්නේ වීරයන්ගේ වීරකමේ ප‍්‍රමාණයයි
මෙය කෞරව ජනසන්නිපාතයක්ද
නැතහොත් පාණ්ඩව ජාලයක්ද?
කවරෙක් වුවත් සටන් කළ හැකි තරමට වීරකම පෙන්වාවි
දිනන්නට ආශාව නැතිනම් කිසිවක් යටත්කොට ගත නොහැකිනම්
එහෙම ජීවිතයට ඇතිවී ඇති බාධා නසා දමාපන්
මරණයෙන් ජීවිතය කෙළවර නොවේනම් මරණයට බිය ඇයි බොලව්
පලයව් අහස උසට පැන සිංහයෙකු මෙන් ගර්ජනා කරපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය
දයාපරවශ බවද කොන්ද පණ ඇතිකමද
දැන්ම තෝරාගනින්
පරාජයේ වේදනාව විඳින්නට කැමතිද සිතාපියව්
නැතහොත් ජයග‍්‍රහණයේ රතු පැහැ විභූති නළල පුරා උළාගන්නට කැමතිද?
පැහැයෙන්, හඬින්, තාලයෙන් සිංහයෙකු මෙන් සිටපියව්
ජීවිතයේ සුන්දර පේ‍්‍රම ගීතිකා අද නම් අහකට දමාපියව්
මෝසම් වැස්ස ගැන පිපුණු මල් ගැන කියැවෙන බොළඳදේට අද ගිනිතියපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය
Wednesday, April 27, 2011
Ruk Jaa O Jaanewali Ruk Jaa
නික්ම යන්නියේ නවතින්න
ඔබ දක්නා රිසියෙන් ආ මගියෙකි මම
ඔබ මා දුටු පමණින් නරක අයෙකුයැයි සිතුවද
හදවතින් මම නරක අයෙකු නොවෙමි
මෙතුවක් මම ඔබව දැක නැත්තෙමි
ඔබේ රුව පවා නොහඳුනමි
ඔබ පැමිණ සැණින් නික්ම යන්නීය
හිරු නොදුටු ගලන දිය පහරක් මෙන්
බොහෝ කලක සිට මහද සිහිනයෙහි
මහරැජිණ නුඹය
මෙතුවක් මුණ නොගැසුණත්
මේ පැරණි ඇඳුනුම්කමකි
ආදරයේ මාවතට පිවිසෙන්න
දෑත් පටලවාගෙන පියවර නගමු
ලොවක් ගයන
ආදරයේ සුන්දර ගීතය ගයමින්
ගායනය- මුකේශ්
සිනමා පටය- කන්හෙයියා
සංගීතය- ශන්කර් ජෙයකිශන්
පද රචනය- ශෛලේන්ද්‍ර සිංග්
ඔබ දක්නා රිසියෙන් ආ මගියෙකි මම
ඔබ මා දුටු පමණින් නරක අයෙකුයැයි සිතුවද
හදවතින් මම නරක අයෙකු නොවෙමි
මෙතුවක් මම ඔබව දැක නැත්තෙමි
ඔබේ රුව පවා නොහඳුනමි
ඔබ පැමිණ සැණින් නික්ම යන්නීය
හිරු නොදුටු ගලන දිය පහරක් මෙන්
බොහෝ කලක සිට මහද සිහිනයෙහි
මහරැජිණ නුඹය
මෙතුවක් මුණ නොගැසුණත්
මේ පැරණි ඇඳුනුම්කමකි
ආදරයේ මාවතට පිවිසෙන්න
දෑත් පටලවාගෙන පියවර නගමු
ලොවක් ගයන
ආදරයේ සුන්දර ගීතය ගයමින්
ගායනය- මුකේශ්
සිනමා පටය- කන්හෙයියා
සංගීතය- ශන්කර් ජෙයකිශන්
පද රචනය- ශෛලේන්ද්‍ර සිංග්
Monday, April 18, 2011
Chum Chum Karta Hai- Agabai Arrechchya !
මා දුටු ඉතාම ශෘංගාරාත්මක ගීතයකි මෙය. සැබවින්ම මෙය මරාඨී සිනමාවේ ගීතයක් වුවද ගීතයට බහුළ වශයෙන්ම යොදාගෙන ඇත්තේ හින්දි වදන්ය. වරක් දෙවරක් අසන විට ඇබ්බැහි වන මට්ටමේ ගීතයකි. අමු අමුවේ ශෘංගාරය භාවිතා කළ ගීතයකි.
මත් වූ මාගේ සියොළඟ සලිත වෙයි
සියල්ලෝම මා සමග එක්වන්නට ප‍්‍රිය කරයි
මධු පැනින් පිරී ඇත මාගේ මේ සරාගී දෙතොල්
මත් වන්නට ප‍්‍රිය අය ඒ රස බලාවී
මාගේ දෑස මත්ව ඇති බව පැවසෙයි
ඉන් ඔබේ රාත‍්‍රිය සැහැල්ලූ කරගන්න
මගේ සිරුර දුබලව ගියේය
එහෙත් එහි මිහිරි වේදනාවක්ද හටගෙන ඇත
මම ගිනිදල්ලද වෙමි අකුණු සැරද වෙමි
ගින්දර සමග සෙල්ලම් නොකරන්න
මගේ සාහසික මායම් වලින් ඔබ බොහෝ පීඩාවට පත්වනු ඇත
රාත‍්‍රියට මාගේ නහරක් නහරක් පාසා ඇත්තේ මත් බවය
එසේම සිරුර පුරා මහත් කලබලකාරී බවෙක්ද ඇත
අහෝ ඉදින් පැමිණ මා රැගෙන යත්ද
තුරුළට ගෙන හදෙහි ගින්න නිවා දමන්න
සියුමැලි සිරුරක් ඇති මා මුවැත්තියකි
විගසින් තුරුල්ලට එමි
මධුපැන් පිරි බඳුන් මා ළඟය සියල්ල මා ළඟය
මගේ සුසුමට දැන් ඔබේ හදෙහි කැකෑරෙන කුණාටුව එකතු කරන්න
එන්න ඉදින් මා උමතු බවට පත් කරන්න
මත් වූ මාගේ සියොළඟ සලිත වෙයි
සියල්ලෝම මා සමග එක්වන්නට ප‍්‍රිය කරයි
මධු පැනින් පිරී ඇත මාගේ මේ සරාගී දෙතොල්
මත් වන්නට ප‍්‍රිය අය ඒ රස බලාවී
මාගේ දෑස මත්ව ඇති බව පැවසෙයි
ඉන් ඔබේ රාත‍්‍රිය සැහැල්ලූ කරගන්න
මගේ සිරුර දුබලව ගියේය
එහෙත් එහි මිහිරි වේදනාවක්ද හටගෙන ඇත
මම ගිනිදල්ලද වෙමි අකුණු සැරද වෙමි
ගින්දර සමග සෙල්ලම් නොකරන්න
මගේ සාහසික මායම් වලින් ඔබ බොහෝ පීඩාවට පත්වනු ඇත
රාත‍්‍රියට මාගේ නහරක් නහරක් පාසා ඇත්තේ මත් බවය
එසේම සිරුර පුරා මහත් කලබලකාරී බවෙක්ද ඇත
අහෝ ඉදින් පැමිණ මා රැගෙන යත්ද
තුරුළට ගෙන හදෙහි ගින්න නිවා දමන්න
සියුමැලි සිරුරක් ඇති මා මුවැත්තියකි
විගසින් තුරුල්ලට එමි
මධුපැන් පිරි බඳුන් මා ළඟය සියල්ල මා ළඟය
මගේ සුසුමට දැන් ඔබේ හදෙහි කැකෑරෙන කුණාටුව එකතු කරන්න
එන්න ඉදින් මා උමතු බවට පත් කරන්න
Tuesday, February 15, 2011
Sanwariya Dekh Zara
නගරයේ ජාතිවාදී අරගලයකදී මියගිය ඨුම්රි ගායිකාවකගේ ජීවිත කතාව විවරණයට ලක්කෙරෙන මෙම සිනමාපටයට මුල්ව ඇත්තේ සත්‍ය සිදුවීමකි. මැද මාවතේ සහ සම්භාව්‍ය සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ශ්‍යාම් බෙන්ගෝල් විසින් අධ්‍යක්ෂණය කරන ලද සුන්දර සිනමාපටයකි.
වසර 1996-1997 දී තිරගතවුණු මෙවැනි සිනමාපට ලංකාවේ රසිකයන්ට දකින්නට ලැබෙන්නේ නැත. එයට හේතුව ලංකාවේ රසිකත්වය වාණිජ සිනමාවේ සුප‍්‍රකට තරු හා බැඳී තිබීම විය හැකිය. මාධ්‍යද මේ සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුය. මෙවැනි සිනමා පටයකින් අපට අන් සැම රසයක්ම විඳිය හැකි සේම අතිශය සාර්ථක සංගීත රචනාද රස විඳිය හැකි වන්නේය.
මෙම සිනමාපටයේ සියළුම ගීත මා අතිශය ඇලූම් කරන බැවින් මින් ගීතයක් පරිවර්ථනය කිරීමට සිතුවෙමි.
ඨුම්රි යනු සරළ ශාස්ත‍්‍රීය ගායන ශෛලියකි. රාගයක පිරිසිඳු බව නොරකින්නාවූද ඉතාම විචිත‍්‍ර අලංකාර සහිතවූද මෙම ගායන ශෛලියේ පදාර්ථයටද වැදගත් ස්ථානයක් හිමිව ඇත. සාමාන්‍යයෙන් ඛමාජ්, පීලූ වැනි තෝරාගත් රාග කිහිපයක් වැඩි වශයෙන් භාවිතා වන්නාවූද මාත‍්‍රා 3,4 ට යන දීප් චන්දි වැනි තාල බොහෝ විට ඇසුරු කරන්නාවූද බොහෝ විට විරහව, ශෘංගාරය සමගින් බැඳී ඇති මෙම ගායනා නර්ථනය සමගින් ඉදිරිපත් කිරීම අතීතයේ පාරම්පරිකවත් වර්ථමානයේ විෂයයක් හැටියටත් වර්ධනය වෙමින් පවත්වාගෙන යයි.
පෙම්වත මදෙස මඳකට බලන්න
හදවත් සොරාණෙනි, මෙලෙසින් මගේ බැල්ම සොරකම් නොකරන්න
මම කූඩුවක සිරකළ ගීගයන කිරිල්ලියක් වෙමි
නුඹ නම් නිදහසේ වනයේ සරණ මොණරෙකි
පෙම්වත මදෙස මඳකට බලන්න
නුඹ කවර රැහැණකින් මා ඇද බැඳ තිබේද
එය කිසි දිනෙක කැඞී නොයයි
පෙම්වත මදෙස මඳකට බලන්න
සිනමාපටය- සර්දාරි බෙගම්
ගායනය- ශෝභා ජෝශි
සංගීතය- වන්රාජ් භාතිය
පදරචනය- ජාවෙඞ් අඛ්තර්
වසර 1996-1997 දී තිරගතවුණු මෙවැනි සිනමාපට ලංකාවේ රසිකයන්ට දකින්නට ලැබෙන්නේ නැත. එයට හේතුව ලංකාවේ රසිකත්වය වාණිජ සිනමාවේ සුප‍්‍රකට තරු හා බැඳී තිබීම විය හැකිය. මාධ්‍යද මේ සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් විය යුතුය. මෙවැනි සිනමා පටයකින් අපට අන් සැම රසයක්ම විඳිය හැකි සේම අතිශය සාර්ථක සංගීත රචනාද රස විඳිය හැකි වන්නේය.
මෙම සිනමාපටයේ සියළුම ගීත මා අතිශය ඇලූම් කරන බැවින් මින් ගීතයක් පරිවර්ථනය කිරීමට සිතුවෙමි.
ඨුම්රි යනු සරළ ශාස්ත‍්‍රීය ගායන ශෛලියකි. රාගයක පිරිසිඳු බව නොරකින්නාවූද ඉතාම විචිත‍්‍ර අලංකාර සහිතවූද මෙම ගායන ශෛලියේ පදාර්ථයටද වැදගත් ස්ථානයක් හිමිව ඇත. සාමාන්‍යයෙන් ඛමාජ්, පීලූ වැනි තෝරාගත් රාග කිහිපයක් වැඩි වශයෙන් භාවිතා වන්නාවූද මාත‍්‍රා 3,4 ට යන දීප් චන්දි වැනි තාල බොහෝ විට ඇසුරු කරන්නාවූද බොහෝ විට විරහව, ශෘංගාරය සමගින් බැඳී ඇති මෙම ගායනා නර්ථනය සමගින් ඉදිරිපත් කිරීම අතීතයේ පාරම්පරිකවත් වර්ථමානයේ විෂයයක් හැටියටත් වර්ධනය වෙමින් පවත්වාගෙන යයි.
පෙම්වත මදෙස මඳකට බලන්න
හදවත් සොරාණෙනි, මෙලෙසින් මගේ බැල්ම සොරකම් නොකරන්න
මම කූඩුවක සිරකළ ගීගයන කිරිල්ලියක් වෙමි
නුඹ නම් නිදහසේ වනයේ සරණ මොණරෙකි
පෙම්වත මදෙස මඳකට බලන්න
නුඹ කවර රැහැණකින් මා ඇද බැඳ තිබේද
එය කිසි දිනෙක කැඞී නොයයි
පෙම්වත මදෙස මඳකට බලන්න
සිනමාපටය- සර්දාරි බෙගම්
ගායනය- ශෝභා ජෝශි
සංගීතය- වන්රාජ් භාතිය
පදරචනය- ජාවෙඞ් අඛ්තර්
Tuesday, February 08, 2011
Bosnom Behar Probeharao
එඩින් ඩර්විෂැලිඩොවික් නමින් සැබෑ දිවියේ හැඳින්වුවද සංගීත වේදිකාවේ ඩිනෝ මර්ලින් නමින් පෙනී සිටී බොස්නියානු ගායකයාග් අපූරු ගීතයකි මෙය. හේ ගායනයට පමණක් නොව පද රචනයටත් සංගීත රචනයටත් එකසේ හැකියාවන් පෙන්වා ඇත.බොස්නියා හර්සගොවිනාවේද යුගොස්ලොවියාවේද මැසිඩෝනියාවේද අන් රටවලද ඔහුගේ ගීත ජනප‍්‍රිය විය. ඔහු ගැයූ බොස්නොම් බෙහාර් ප්‍රොබෙහරා ඕ ගීතයේ පරිවර්තනයයි මේ.
සකිය මගේ බඳුනට මධුපැන් වක්කරන්න
මගේ මත්වූ දෑස ඇය දෙස නොබලාවි තවදුරටත්
අද රැයේ අප දෙදෙනාගේ හදවත් වෙන් වේවි
අදින් පසු වෙන කොතැනකට හෝ තනිව යාවි
මල් ගොමුව පිබිදුනේ බොස්නියාවේදියි
ජීවිතය මා අසරණ කරන ලදි
සැම තැනම සැම මල් ගොමුවක්ම ඇගේ සුවඳම විහිදුවාවි
මම ඒ සුවඳ ආඝ‍්‍රාණය කරමි
විටෙක ආධිපත්‍යය විටෙක අවනතබව
විටෙක සතුට විටෙක දුක
එහෙත් නොමැකෙන ආදරය
මේ උමතු හදවත නොදනියි
කෙසේ බොරු කරන්නද
කෙසේ සඟවා ගන්නද
සකිය මගේ බඳුනට මධුපැන් වක්කරන්න
මගේ මත්වූ දෙතොල සත්‍යයම පවසයි
මගේ දෙවියන්ටත් පැරණි ආදරයටත් පමණක් නොව ශුද්ධයැයි පවසන සියල්ලට වංචා කෙරුවෙමි
අන් දෙයක් නිසා නොව ඇය නිසා
සකිය මගේ බඳුනට මධුපැන් වක්කරන්න
මගේ මත්වූ දෑස ඇය දෙස නොබලාවි තවදුරටත්
අද රැයේ අප දෙදෙනාගේ හදවත් වෙන් වේවි
අදින් පසු වෙන කොතැනකට හෝ තනිව යාවි
මල් ගොමුව පිබිදුනේ බොස්නියාවේදියි
ජීවිතය මා අසරණ කරන ලදි
සැම තැනම සැම මල් ගොමුවක්ම ඇගේ සුවඳම විහිදුවාවි
මම ඒ සුවඳ ආඝ‍්‍රාණය කරමි
විටෙක ආධිපත්‍යය විටෙක අවනතබව
විටෙක සතුට විටෙක දුක
එහෙත් නොමැකෙන ආදරය
මේ උමතු හදවත නොදනියි
කෙසේ බොරු කරන්නද
කෙසේ සඟවා ගන්නද
සකිය මගේ බඳුනට මධුපැන් වක්කරන්න
මගේ මත්වූ දෙතොල සත්‍යයම පවසයි
මගේ දෙවියන්ටත් පැරණි ආදරයටත් පමණක් නොව ශුද්ධයැයි පවසන සියල්ලට වංචා කෙරුවෙමි
අන් දෙයක් නිසා නොව ඇය නිසා
Sunday, January 16, 2011
Jab kisi se koyi gila rakhna
කිසිවෙකුට චෝදනා කරන්නට වුවමනා නම්
ඔබ ඉදිරියෙහි ඊට පෙර කැඩපතක් තබාගන්න
පහන් එළියෙන් වසන තැන එළිය කරනු රිසි නම්
පහනටද දැල්වෙන්නට වාතය වුවමනා බව දැනගන්න
නිවහන කැමති ලෙසකින් ඉදි කරගන්න
නමුදු හඬන්නට තැනක් සඳහාද එහි ඉඩක් තබන්න
දෙවොල් ඉදිවන්නේ දෙවියන් යදින්නටය
නිවසේද දෙවියන්ට කොතැන හෝ ඉඩක් තබන්න
මුණගැසෙන්නට වුවමනාවක් තිබේ නම් ඉදින්
ඒ වෙනුවෙන් ධෛර්යද ඇතිකරගන්න
ගායනය- ජග්ජීත් සිංග්
ඔබ ඉදිරියෙහි ඊට පෙර කැඩපතක් තබාගන්න
පහන් එළියෙන් වසන තැන එළිය කරනු රිසි නම්
පහනටද දැල්වෙන්නට වාතය වුවමනා බව දැනගන්න
නිවහන කැමති ලෙසකින් ඉදි කරගන්න
නමුදු හඬන්නට තැනක් සඳහාද එහි ඉඩක් තබන්න
දෙවොල් ඉදිවන්නේ දෙවියන් යදින්නටය
නිවසේද දෙවියන්ට කොතැන හෝ ඉඩක් තබන්න
මුණගැසෙන්නට වුවමනාවක් තිබේ නම් ඉදින්
ඒ වෙනුවෙන් ධෛර්යද ඇතිකරගන්න
ගායනය- ජග්ජීත් සිංග්
Tuesday, January 11, 2011
Mathurechya Bajari
මුදවාපු කිරි, එළකිරි, වෙඬරු පුරවාලූ කළ
මා කෙසේ විකුණන්නට පොළට ගෙනියන්නද?
මම බියට පත්ව සිටිමි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?
වස්දඬු වයන ක‍්‍රිෂ්ණා යමුනා නදී ඉවුරේ හිඳී
ඔහු මගේ කළ බිඳ දමයි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?
අසන්න ක‍්‍රිෂ්ණා
මගේ හිස් කළය(ඉරණම) බිඳ නොදමන්න අද
නගරයම මට සිනහා වෙයි
ඉන් මා අවනම්බු විඳිමි
මගේ ආත්ම ගෞරවය ගැන අදවත් සිතන්න
මගේ ඉරණම හිස් කළයකි
මම ඔබට පරදිමි
යන මග අවුරා ඔහු සිනහසෙයි
ඔහුගේ වස්දඬු රාවයට මම වසඟ වී සිටිමි
ඔහු ගැන සිතමින් මම මුසපත් වෙමි
ක‍්‍රිෂ්ණ අද දින මා නටවන්න
ආදරයට වෙන්වූ සුන්දරත්වයක් ඇත
මා කෙසේ විකුණන්නට පොළට ගෙනියන්නද?
මම බියට පත්ව සිටිමි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?
වස්දඬු වයන ක‍්‍රිෂ්ණා යමුනා නදී ඉවුරේ හිඳී
ඔහු මගේ කළ බිඳ දමයි
කෙසේ රහසින් පොළට මේවා රැගෙන යන්නද?
අසන්න ක‍්‍රිෂ්ණා
මගේ හිස් කළය(ඉරණම) බිඳ නොදමන්න අද
නගරයම මට සිනහා වෙයි
ඉන් මා අවනම්බු විඳිමි
මගේ ආත්ම ගෞරවය ගැන අදවත් සිතන්න
මගේ ඉරණම හිස් කළයකි
මම ඔබට පරදිමි
යන මග අවුරා ඔහු සිනහසෙයි
ඔහුගේ වස්දඬු රාවයට මම වසඟ වී සිටිමි
ඔහු ගැන සිතමින් මම මුසපත් වෙමි
ක‍්‍රිෂ්ණ අද දින මා නටවන්න
ආදරයට වෙන්වූ සුන්දරත්වයක් ඇත
Monday, January 10, 2011
Hamein Koi Gham Nahin Tha
කිසිදු දුකක් නැති විය මහට
මේ දුක්බර පේ‍්‍රමය ඇතිවන්නට පෙර
කිසිදු සතුරෙකු නොවීය මහට
නුඹ හා මිතුදමක් ඇතිකරගන්නට පෙර
මෙය මාගේ නරක ඉරණමය
නුඹේ වරදක් කොහිද
නුඹේ වේදනාවෙන් මා මිය ගොස් තිබුණි
මේ දිවිය ලබන්නටත් පෙර
මගේ ආදරය දැවෙමින් තිබෙයි
සඳවත අද දින සැඟව යනු මැන
මටද ආදරය ලැබුණි දිනෙක
නුඹේ සඳ කිරණ ගලායන්නට පෙර
කිසි දිනෙක මා සිනා නොවී සිටින්නට ඉඩ තිබුණි
ලද එකම සතුටට පසු ලද දහසක් දුක්
මින් පෙර ලැබුණා නම්
මේ අපූරු පරීක්ෂණයෙකි මා මුහුණ දුන්
නුඹව අමතක කළයුතු
මෙලෙසින් කෙදින මින් පෙර හමුවුණිද
නොගැලපෙන දෙදෙනෙකු ලෙසින්
පද රචනය- :ෆාඉයස් හෂ්මි
ගායනය- මෙහෙඳි හසන්
මේ දුක්බර පේ‍්‍රමය ඇතිවන්නට පෙර
කිසිදු සතුරෙකු නොවීය මහට
නුඹ හා මිතුදමක් ඇතිකරගන්නට පෙර
මෙය මාගේ නරක ඉරණමය
නුඹේ වරදක් කොහිද
නුඹේ වේදනාවෙන් මා මිය ගොස් තිබුණි
මේ දිවිය ලබන්නටත් පෙර
මගේ ආදරය දැවෙමින් තිබෙයි
සඳවත අද දින සැඟව යනු මැන
මටද ආදරය ලැබුණි දිනෙක
නුඹේ සඳ කිරණ ගලායන්නට පෙර
කිසි දිනෙක මා සිනා නොවී සිටින්නට ඉඩ තිබුණි
ලද එකම සතුටට පසු ලද දහසක් දුක්
මින් පෙර ලැබුණා නම්
මේ අපූරු පරීක්ෂණයෙකි මා මුහුණ දුන්
නුඹව අමතක කළයුතු
මෙලෙසින් කෙදින මින් පෙර හමුවුණිද
නොගැලපෙන දෙදෙනෙකු ලෙසින්
පද රචනය- :ෆාඉයස් හෂ්මි
ගායනය- මෙහෙඳි හසන්
Subscribe to:
Posts (Atom)