Wednesday, October 12, 2011

Bakkamma Bakkamma - Shatranj [1969]

1969 වසරේදී තිරගතවූ ශත්රන්ජ් චිත‍්‍රපටයේ රාෆි ශාරදා යුවළ ගැයූ මෙම ගීතය ඉමහත් ජනප‍්‍රියත්වයට පත්විය. මෙම ගීතයේ විශේෂත්වය හින්දි සහ තෙළිඟු ද්වි භාෂාවෙහිම වචන ගීතයට යොදාගෙන තිබීමය. රාෆිට එය ගැයීම නුහුරු අත්දැකීමක් වුවත් ශාරදාට එය පහසුවී ඇති බව ගීතය ශ‍්‍රවණය කරන විට අපට වැටහේ.

ලංකාවේද මෙම ගීතය කෙතරම් ජනප‍්‍රියවීද කිවහොත් සතියට කිහිප වතාවක් ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රචාරය කරන ලද්දේ විය. මෙය ලංකාවේ ජනතාව අතර පැතිර ගිය තරමට මෙහි වචන නොදත් නිසා විවිධ වචන ඇසෙන ලෙසින් යොදාගෙන ගයන්නට ගීතලෝලීහු පෙළඹී සිටියහ.

එච්ආර්ජෝතිපාල විසින් මෙය සැලෙන ලෙලෙන දළුව විළස නිතඹ නලෝලා නමින් පද යොදා ගැයුව අතර එයද ලංකාවේ ජනප‍්‍රිය විය. එය ජනප‍්‍රියවුවද පෙර මුල් ගීතයට වෙනම ඇළුම් කිරීමක් අප අතර තිබූ බව අදටත් අසද්දී අපට අවබෝධ වෙයි.

බක්කම්මා බක්කම්මා බක්කම්මා බක්කම්මා
කොහෙද යන්නෙ, මෙහෙ එන්න

යෙන්ගන්නා යෙන්ගන්නා යෙන්ගන්නා යෙන්ගන්නා
කොහෙද යන්නෙ මෙහෙ එන්න

චින්නම්මා චින්නම්මා චින්නම්මා චින්නම්මා
කොහෙද යන්නෙ මෙහෙ එන්න

අහෝ මගෙ පන බක්කම්මා බක්කම්මා මා අසළට එන්න
දෙවියන්ගෙ නාමෙට මා අසළට එන්න බක්කම්මා බක්කම්මා
අද මම ඔබගේ හදවතෙහි බෙරය වයන්නෙමි බක්කම්මා

යෙන්ගන්නා යෙන්ගන්නා
බක්කම්මා බක්කම්මා

මා මුසපත් කරන්න යෙන්ගන්නා යෙන්ගන්නා
දෑසින් මා මත් කරවන්න යෙන්ගන්නා යෙන්ගන්නා
මත්බවින් මා අල්ලාගෙන මා උමතු කරන්න යෙන්ගන්නා

මම ඔබ සමගින් එන්නෙමි බක්කම්මා බක්කම්මා
මම ඔබව මගේම කරගමි බක්කම්මා බක්කම්මා

මාව ආදරයෙන් ඔබගේ ලෝකයට රැගෙන යන්න යෙන්ගන්නා

Titli Udi Ud Jo Chali - Suraj [1966]

අප කුඩාකල ගැයූ ‘‘රන්වන්පාටයි සමනලයා’’ වැනි භාරතයේ ජනප‍්‍රිය ලමා කවියක් ඇසුරුකොට ලියන ලද අපූරු සුන්දර ගීතයකි. මෙහි ගායිකාව වූ ශර්දා නම් දමිළ ගායිකාවගේ හින්දි සිනමාගමනය සිදුවූ මෙම ගීතය නොසිතූ ලෙසින් හැටේ දශකයේ භාරතය පුරා ජනප‍්‍රිය විය. එය ලංකාවේද ජනප‍්‍රියවූ ගීතයකි. සරළ සුන්දර ගීතයකි.

සමනලිය තටු සැලීය
තටු සලා පියඹා යන්නීය
මල ‘‘ඉදින් මා අසළට එන්න’’යැයි අඬ ගැසීය
‘‘මම අහසට පියඹමි’’ සමනලිය කීවාය

අහසෙහි තරුමල් පිබිදෙයි
ඒ මාගේ ජීවන උයනය
එය මා කෙසේ අමතක කරන්නද
එහි කිසිදු බැඳීමක් නැත
එහි කිසිදු සීමාවක්ද නැත
වලා පසුකර මා යායුත්තේ එහියැ

මල මෙසේ පවසයි ‘‘ඔය ගමනෙන් පලක් නැත,
නුඹ එනතුරු එහි කවුරුත් බලා නොසිටී’’
සමනලිය තටු විහිදා මෙසේ පැවසුවාය
‘‘මගේ රජකුමරා සිටිනුයේ එහිය’’

සමනලිය පියඹා පියඹා
සිහින මැවූ තැනට ගියාය
අළුත් ලොවකට ඇය පිවිසියාය
ඇයට සිහින කුමරාත්
සිහින මැවූ ආදරයත් එහිදී සමුවිය

Wednesday, September 14, 2011

Bhavain Tu Jaan Na Jaan

පන්ජාබි ජනගීයක් ඇසුරින් නිමවන ලද මෙම ගීතය හරිහරන් විසින් ඉතා සුමධුර ලෙසින් ගයනු ලබයි.


අරුත
නුඹ දැන සිටියත් නොදැන සිටියත්
නුඹට මගේ නිවසට පැමිණීමට සිදුවෙයි
මම මුළු දිවියම නුඹ වෙනුවෙන් කැප කරමි
නුඹට මවෙත පැමිණීමට සිදුවෙයි


නුඹ වැනි කිසිවෙකුත් මට තව මුණ ගැසී නැත
ඝන වනයෙත් රූහී කතරෙත් සෙවීමි,
ලොව සෑම තැනකම සෙවීමි


ලෝකයාට නම් රන්ජා යනු නිකම්ම ගොපල්ලෙකි
ලෝකය ඔහුව රන්ජා යනුවෙන් හඳුනාගනී
ඔහු මගේ විශ්වාසයයි, සැබවින්ම ඔහුව අදහමි


(රන්ජා යනු පේ‍්‍රමය වෙනුවෙන් හීර් නම් තරුණිය වෙනුවෙන් දිවිපුදකල ඉන්දියානු පේ‍්‍රම පුරාණයේ ප‍්‍රකට චරිතයකි.)

Sunday, July 17, 2011

Gali Mein Aaj Chand Nikla

මේ ඉතාම සුන්දර විරහ ගීතයකි. අල්කා යාග්නික් මෙම ගීතය ගයන්නේ එම්. එම්. කරීම්ගේ සංගීතයට ජzක්ම් චිත‍්‍රපටයටය. රඟපානුයේ පූජා භාට් සමගින් නාග්අර්ජුන්ය. පදරචනය ආනන්ද් භක්ෂිගේය.


ඔබ ඒ නම් මට සිහිවේ අද වීදියට හඳපායා ඇති බව
නොදනිමි කෙතරම් දිනකට පසුද මේ වීදියට හඳ පායා ඇත්තේ


මේ දෑස අංජන නැතිව වෙහෙසින් බරවී ඇත
දොලොස් මසක් පුරා වැහිවලා(කඳුලූ) දෑස තෙමුවේය
මගේ ලෝකය මුළුමනින්ම පාළුය දෙවියනි
අද වීදියට හඳ පායා ඇත


අද රැයේ නින්ද මා වෙත ඒවි
දෑස අවදියෙන් හිඳීවි උදය එළඹෙන තුරු
ඉනික්බිති නැවත දුකමය
අද වීදියට හඳ පායා ඇත


මම ඔබ එනු දුටිමි
මගේ ප‍්‍රාණය නිරුද්ධ වනු දැනුනි
ඉනික්බිති මට සිදුවූ කිසිවක් මතක නැත
අද වීදියට හඳ පායා ඇත

Tuesday, July 12, 2011

Munni Badnam Hui Darling Tere Liye

පසුගිය වසර පුරා වැඩිම ජනප‍්‍රියත්වයක් ලද අයිටම් ගර්ල් ගීතය මුන්නී බදනාම් හුඊ ගීතයයි. දබංග් සිනමා පටයට ගැයූ මෙම ගීතය සඳහා පෙනී සිටියේ මලයිකා අරෝරා ඛාන්  සහ සල්මාන් ඛාන්ය. ඔවුන්ගේම පවුලේ නිශ්පාදනයක්වූ මෙය ආදායම් වාර්තා තබන ලද සිනමා පටයකි.

මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා
මුන්නිට ඇත්තේ මත්වූ දෑසකි, රෝස පැහැති දෙකොපුල්ය, සිත් බඳනා ගමනෙකි
මුන්නි ඣන්ඩු බාම් එක මෙන්ය දැන් ඩාලිං ඔබ නිසා

මගේ හැඩ ශිල්පා ෂෙට්ටිගේ වගේය
ඉරියව් කරීනා කපූර්ගේ වගේය
මා රඟන විට සිනමා පටයක් වැනිය
ඔබට නොවැටහේ මගේ ආශාවන්
මගේ ආශාවන් සන්තර්පණයට ලක්ෂ ගණන් වැය කොට ඇත
ඔබ නිසා මා සිත පිනවන ඔසුවක් වී ඇත
ඔබ නිසා සිනෙමා හළක් බවට පත්ව සිටිමි
මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා

( ඕහ් මුන්නී ඔබ ගැන සෑම වීදියකම  ඕපාදූප ගොඩ ගැසෙයි, සෑම තැනකම ඔබට ලිවූ පෙම්පත් පිරී ඇත)

මොන මෝඩයෙක් එක්කද අද මට ගණුදෙනු කරන්නට සිදුව ඇත්තේ
සල්ලි සතයක්වත් නැතිවත් ඔහු මා පසුපස එයි
මේ මෝඩයා නොදනී සයිෆ් අලි ඛාන් පවා මා පසුපස එයි
අමිතාබ් බච්චන්ද මා පසුපසින් එයි
ඔබ නිසා මා මේ කරුණෙදී ප‍්‍රසිද්ධ වී සිටිමි
මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා

ඔබ මදිරා පිරි බෝලතයකි
ඔබ මහල්ලන්වද තිරිහන් කරන්නියකි
ඔබගේ දෑසට වසඟ වෙයි
වදනට සිත් නැවෙයි
ඔබ නම් පරමාණුක බෝම්බයකි

මුන්නිගේ නම කැතවිය
ඩාලිං ඔබ නිසා

Monday, June 27, 2011

Patli Kamar Matka Ke

සප්නා ආවස්ථි ගයන මෙම ගීතයට සංගීතය සැපයූවේ ශන්කර්, එහෙසාන් සහ ලෝයි විසිනි. චිත‍්‍රපටය 1999 තිරගතවූ ෂූල් චිත‍්‍රපටයයි. රංගනය ඉදිරිපත් කරන ලද්දේ ශිල්පා ෂෙට්ටිය.

සිහිනිඟ නළවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
නාග කන්‍යාවක මෙන් ඇදෙමින්- අහෝ අහෝ අහෝ අහෝ....
දෑසින් දෑස වසඟ කරගනිමින්- අහෝ අහෝ අහෝ අහෝ....
ලා කොල පැහැති පර්දාව ඔසවමින්- අහෝ අහෝ අහෝ අහෝ....
හදවත් ඇත්තන්ගේ හදවතෙහි නිනව් සොරාගන්නට
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය
ධන නිධානයක් නැත
රන් රිදී ලූ සේප්පුද නැත
සහයට හෙල්ලක් හෝ පොරවක් නැත

මා තවම නවයොවුන් වියේය
එහෙත් මේ රැස්ව සිටින පිරිස නැටවිය හැකිය
මට නිවාඩුවක් ගැන වැටහීමක් නැත
එහෙත් ඔබට හාදු නොදෙමි මම
දෙකනේ තෝඩු රඟදෙවමින්
නලවා පද්දමින් යමින්
හිසෙහි ගෙතූ මල්වැල් පළඳාගෙන
අහා අහා මෙතරම් සුගන්ධවත්ව
යව්වනයේ වසන්තය මුළුමනින්ම සොරාගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය

කල්කත්තාව වෙද බොම්බාය වෙද
සැමතැනකම මා සියල්ලන්ගේ දෑසෙහි රැඳී ඇත
පංජාබ වුවත් හරියාණා වුවත් මගෙන් බේරීම අපහසු විය
සැමගේ හදවත් ස්පන්දනය කරමින්
ගිණිපුළිඟු දල්වමින්
මුවෙහි බුලත් විට දමමින්
දෑතෙහි මෙහෙන්දි රටා මවමින්
රහසින් සැමගේ දෑස් සොරා ගනිමින්
මම උත්තර ප‍්‍රදේශයට ආවේ බිහාරය කොල්ලකන්නටය




Shilpa shetty.patli kamar matka ke by mafiafamily8384

Monday, June 20, 2011

Malaika nakupende Malaika

ඇමරිකා එක්සත් ජනපදයේදී තම ස්ථාවරය හදාගත් බොහෝ අප‍්‍රිකානු සම්භවයක් ඇති ගායක ගායිකාවන් ගයා ඇති මෙම ගීතය නැගෙනහිර අප‍්‍රිකානු ටැන්සානියානු ජනගීයකි. බොනියම් කණ්ඩායමද මෙය ගායනා කළත් ඉතාම මිහිරි අයුරින් මෙහි මූලික ලක්ෂණ රැකගනිමින් ගායනා කරනු ලැබුයේ මිරියම් මකේබා විසිනි. වචනාර්ථයටත් වඩා සංගීත රසය ඉතා මිහිරි බව ඇසීමේදීම ඔබට වැටහෙනු ඇත.


සුරදුතියේ මම නුඹට ආදරෙයි සුරදුතියේ
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?

මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ


සල්ලි මගේ ජීවිතයම විනාශ කර ඇත
සල්ලි මගේ ජීවිතයම විනාශ කර ඇත
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ


මගේ පුංචි කිරිල්ලියේ මම සැමවිටම ඔබ ගැනම සිහින දකිමින් සිටිමි
මගේ පුංචි කිරිල්ලියේ මම සැමවිටම ඔබ ගැනම සිහින දකිමින් සිටිමි
මා කුමක් කරන්නද ඔබෙ ආදරවන්තයා නොවෙද මා?
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ
මගේ අතේ සතයක්වත් නැත
මා ඔබ අත ගතයුතුයි සුරදුතියේ

Monday, May 02, 2011

Aarambh hai Prachand

ආරම්භය ප‍්‍රචණ්ඩය
අද හිස්ගෙඩි වලින් පිරී යයි
යුද්ධයට මොහොතයි
හැකිනම් බේරියව්
නම්බුවයි වීරත්වයයිද? නැතහොත් ජීවිතය අහිමිවීමද?
දුන්නකින් විහිදෙන ඊතළයකට දිවි දෙන්නට වේවි
ආරම්භය ප‍්‍රචණ්ඩය

හදවත කියන්නේ පණ පුදපන් කියාද
පණ නසපන් කියාද
ඒ ලෙසටම කරපියව්
එය විශ්ව සම්මතයයි
කෘෂ්ණගේ ගිගිරුමයි
දේවත්වයේ නියමයයි
යුද්ධය තීරණය කරන්නේ වීරයන්ගේ වීරකමේ ප‍්‍රමාණයයි
මෙය කෞරව ජනසන්නිපාතයක්ද
නැතහොත් පාණ්ඩව ජාලයක්ද?
කවරෙක් වුවත් සටන් කළ හැකි තරමට වීරකම පෙන්වාවි
දිනන්නට ආශාව නැතිනම් කිසිවක් යටත්කොට ගත නොහැකිනම්
එහෙම ජීවිතයට ඇතිවී ඇති බාධා නසා දමාපන්
මරණයෙන් ජීවිතය කෙළවර නොවේනම් මරණයට බිය ඇයි බොලව්
පලයව් අහස උසට පැන සිංහයෙකු මෙන් ගර්ජනා කරපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය

දයාපරවශ බවද කොන්ද පණ ඇතිකමද
දැන්ම තෝරාගනින්
පරාජයේ වේදනාව විඳින්නට කැමතිද සිතාපියව්
නැතහොත් ජයග‍්‍රහණයේ රතු පැහැ විභූති නළල පුරා උළාගන්නට කැමතිද?
පැහැයෙන්, හඬින්, තාලයෙන් සිංහයෙකු මෙන් සිටපියව්
ජීවිතයේ සුන්දර පේ‍්‍රම ගීතිකා අද නම් අහකට දමාපියව්
මෝසම් වැස්ස ගැන පිපුණු මල් ගැන කියැවෙන බොළඳදේට අද ගිනිතියපියව්
ආරම්භය ප‍්‍රචණ්ඩය


Wednesday, April 27, 2011

Ruk Jaa O Jaanewali Ruk Jaa

නික්ම යන්නියේ නවතින්න
ඔබ දක්නා රිසියෙන් ආ මගියෙකි මම
ඔබ මා දුටු පමණින් නරක අයෙකුයැයි සිතුවද
හදවතින් මම නරක අයෙකු නොවෙමි

මෙතුවක් මම ඔබව දැක නැත්තෙමි
ඔබේ රුව පවා නොහඳුනමි
ඔබ පැමිණ සැණින් නික්ම යන්නීය
හිරු නොදුටු ගලන දිය පහරක් මෙන්

බොහෝ කලක සිට මහද සිහිනයෙහි
මහරැජිණ නුඹය
මෙතුවක් මුණ නොගැසුණත්
මේ පැරණි ඇඳුනුම්කමකි

ආදරයේ මාවතට පිවිසෙන්න
දෑත් පටලවාගෙන පියවර නගමු
ලොවක්  ගයන
ආදරයේ සුන්දර ගීතය ගයමින්

ගායනය- මුකේශ්
සිනමා පටය- කන්හෙයියා
සංගීතය- ශන්කර් ජෙයකිශන්
පද රචනය- ශෛලේන්ද්‍ර සිංග්


Monday, April 18, 2011

Chum Chum Karta Hai- Agabai Arrechchya !

මා දුටු ඉතාම ශෘංගාරාත්මක ගීතයකි මෙය. සැබවින්ම මෙය මරාඨී සිනමාවේ ගීතයක් වුවද ගීතයට බහුළ වශයෙන්ම යොදාගෙන ඇත්තේ හින්දි වදන්ය. වරක් දෙවරක් අසන විට ඇබ්බැහි වන මට්ටමේ ගීතයකි. අමු අමුවේ ශෘංගාරය භාවිතා කළ ගීතයකි.

මත් වූ මාගේ සියොළඟ සලිත වෙයි
සියල්ලෝම මා සමග එක්වන්නට ප‍්‍රිය කරයි
මධු පැනින් පිරී ඇත මාගේ මේ සරාගී දෙතොල්
මත් වන්නට ප‍්‍රිය අය ඒ රස බලාවී
මාගේ දෑස මත්ව ඇති බව පැවසෙයි
ඉන් ඔබේ රාත‍්‍රිය සැහැල්ලූ කරගන්න
මගේ සිරුර දුබලව ගියේය
එහෙත් එහි මිහිරි වේදනාවක්ද හටගෙන ඇත

මම ගිනිදල්ලද වෙමි අකුණු සැරද වෙමි
ගින්දර සමග සෙල්ලම් නොකරන්න
මගේ සාහසික මායම් වලින් ඔබ බොහෝ පීඩාවට පත්වනු ඇත
රාත‍්‍රියට මාගේ නහරක් නහරක් පාසා ඇත්තේ මත් බවය
එසේම සිරුර පුරා මහත් කලබලකාරී බවෙක්ද ඇත
අහෝ ඉදින් පැමිණ මා රැගෙන යත්ද
තුරුළට ගෙන හදෙහි ගින්න නිවා දමන්න

සියුමැලි සිරුරක් ඇති මා මුවැත්තියකි
විගසින් තුරුල්ලට එමි
මධුපැන් පිරි බඳුන් මා ළඟය සියල්ල මා ළඟය
මගේ සුසුමට දැන් ඔබේ හදෙහි කැකෑරෙන කුණාටුව එකතු කරන්න
එන්න ඉදින් මා උමතු බවට පත් කරන්න