ගුරුදාස් මාන් විසින්ම ලියා ඇති මේ පන්ජාබි ගීතය සිත් ගන්නේ එහි අරුත නිසාමය. මේ ගීතය ලියවිය යුතුව තිබුනේ ලංකාවේය. නමුත් තියැවෙන්නේ ඉන්දියාවේය.
කෝක් ස්ටුඩියෝ සඳහා පදවැලෙහි වෙනසක් කල ගුරුදාස් මාන් තමන් සමග මේ ගීතය ගයන්නට පන්ජාබි තරුණ සුපිරි තරුවක් වූ දිල්ජීත් දෝසන්ජිවද යොදාගත්තේ තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කිරීමේ අරමුණින්මය.
අරුත විමසා බලන්න. දෙවනුව ගීතය අසා බලන්න. සුන්දර අත්දැකීමකි. ගීතයෙහි අරුතට කිඳා බැස එය තමන්ට ආරෝපණය කරගෙන ගායනා කරන්නේ කෙලෙසකදැයි කියන්නටත් මේ ගීතය කදිම උදාහරණයකි.
වර්තමානයේ සියලූ පෙම් සබඳතා තාවකාලික ඒවාය
ආදර සබඳකමක සුන්දරත්වය කුඩුපට්ටම් කර දමමින්
ආදරයේ අරුත කුමක්දැයි වටහා නොගනිමින්
සල්ලි තියෙනවනම් හෝටලයක රාත‍්‍රියක් ගත කොට අතැර දමන
ආදරයකි අද ඇත්තේ
අතීත පේ‍්‍රම පුරාණයේ පෙම්වතෙකු පෙම්වතියක් එක් වරක් හෝ දක්නට බොහෝ කාලයක් කැපකොට බලා සිටි කතන්දර එමටය.
එහෙව් ආදරයක් අද පලාතකවත් දක්නට නැත.
අද තාරුණ්‍ය යන්නේ කොයිබටද? අපොයි අපි එය විනාශ කරගනිමින් සිටිමු.
සුන්දර ආකර්ශනීය තාරුණ්‍ය අද යන්නේ වැරදි දිශාවකටය. ඒ දෙසට ගොස් කෙටි කලකින් සියල්ල අසුන්දර කරගනී.
මල් ලියකම් ගෙත්තම් කල අපේ පැරණි ස්ත‍්‍රි ඇඳුම් ආයිත්තම් අද නැතිව ගොසිනි.
එදා තරුණියෝ පැලඳි සුන්දර අබරණ අද කිසිවක් නැත.
අද සියල්ලට වඩා විලිබිය නැතිවී ඇත
පරපුරින් ආ ඒ සුන්දර ඇඳුම් ආයිත්තම් අතැර තනිකර බටහිරට වුවමනා සංකර විලාසිතාවලට ඔවුන් නතුවී ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.
වතුර කලයක් අරන් ලිඳට ගිය එදා යුවතියගේ ලැසි ගමනෙහි ලාස්‍ය, පා තබනා විට නදදෙන කුඩා නූපුර වැල
අහෝ සුන්දර යුවතියේ ඒ එදා ඔබ අද මේ කවර ලෙසින් සංකර වී තිබේද?
ඔබට සුන්දරවූ අපේ සංස්කෘතිය අමතකව ගොස් නොවෙද?
බටහිර ගැති මානසිකත්වයක් ඇති ඔබ දැන් අඳින්නේ පළඳින්නේ විළිසංගයක් නැති ඇඳුම්ය. එපමණක්ද? ඉංග‍්‍රීසි ගීත පමණක් අසන්නේ ඇයි අපේ ජනගීත ලස්සන නැතිව ගොස්ද?
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.
මේ යන විදියෙන් අපට යහපතක් නම් උදාවන්නේ නැත
අපේ භූමිය පසුකර ගලායන ගංගා පවා එකිනෙකා විමසන්නේ අපට කුමක් සිදුව ඇතිද කියාය
අද අප කිසිවෙකු දුටුවිට අමතන්නේ හෙලෝ හායි කියාය. ඇයි අපට ආවේණික නමස්තේ, සත්ශ‍්‍රියාකාල් වැනි වදන් අමතක වෙලාද?
අපි ඇත්තටම දැන් කලූ සුද්දො වෙලා ඉවරයි නොවෙද?
දැන් කොටින්ම සියලූ තරුණ තරුණියන් ඉංග‍්‍රීසි බස ඉගෙනුමට මිස හින්දි හෝ පන්ජාබි බසට ඇල්මක් ඇත්තේම නැත. ඉංග‍්‍රීසි දැනගත් පසු අපේ බස පහළට ඇද දමයි. ඒවා පහත් භාෂා බව කියයි
ඔවුන් අපේ සංස්කෘතියට සදාචාරයට ශිෂ්ටාචාරයට පමණක් නොව මව්බසටද ගරහයි.
වෙනත් භාෂා ඉගෙනගත්තාට එහි වරදක් නැත. වරද ඇත්තේ ඒ භාෂා උගත් පමණින් අපේ බසට ගැරහීමේය.
වෙනත් සංස්කෘතීන්වලට හුරු වුණාට කමක් නැත. වරද ඇත්තේ අපේ සංස්කෘතියට ගැරහීමේය.
අද මත්ද්‍රව්‍ය අපේ රට අඩපණ කරයි
දුර්වල වෙන කිසිවකින් සමාජයට පලක් නැත.
දේශපාලනය සහ අසීමිත බලය විසින් තාරුණ්‍ය ආලපාලූ කර දමා ඇත
අප ආදරය කරන බොහෝ අය රැුවටීමටත් ගැරහීමටත් ලක්වනු අපට පෙනේ.
හෙට කුමක් සිදුවේද?
සර්ව අශුභවාදයද පමණට වඩා අන්‍යයන්ගෙන් යමක් බලාපොරොත්තුවීමද නරකයැයි අට වැඩිහිටියන් පවසා ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.
Monday, October 12, 2015
Wednesday, August 05, 2015
Shunya Gadh Shahar
අතිශය සංකීර්ණ පදවැලකි. පරිවර්තනය අපහසු වන්නේ ගැඹුරු අරුතක් වන බැවින් පදානුගතව ගත නොහැකි බැවිනි. අරුතින්ද සංගීත රචනයෙන්ද අති විශිෂ්ඨවූ රචනාවෙකි.
හිස්ව ගිය බලකොටුවක නගරයක,
නගරයක නිවෙසක
කවුරු නිදන්නෙද කවුරු නොනිදන්නෙද
බැඳීම් තමන් සමගය තමන් බැඳීමෙහිය. ශරීරය නිදා වැටෙයි ආත්මය නිදි නැත
දියෙහි නෙලූමය, නෙලූමෙහි රොනවුල්ය. රොනවුලෙහි බමරුන් බමති. එහෙත් උන් කිකලෙකවත් එහි නවාතැන් ගනු නොවේ
මේ පවුරෙන් වට නගරයේ දොරටු දහයෙකි. ඒ නගරයෙහි මුනි දහමද නිතර සරයි.
ශරීරය වංගෙඩියක් සදිසිය මනස මෝල්ගසක් වන් සඳ
කෙතරම් ගැටෙමින් ඉරණම විසඳේඳ?
පස්කම් සැපෙහි පස් පවෙහි එය වැඩෙමින් තිබෙයි
ගිනිමැලයෙහි තපස්බව දැවෙයි එයද තපස් බවෙකැයි සිතේ
පංචශීලය තනිව මුමුණමින් සරන්නේ කිසිවෙකු තමන්ව නොදුටු බවය.
දෙවගනක් කරලියට බසී. නැවත අලස නෙතින් දෙවැන්නියක් ඉන්පසු තෙවැන්නිය කන්‍යාවක උද්යෝගී ලෙසින් සයනය සරසමින්
ඉනික්බිති බිඳී යයි බ‍්‍රහ්මචර්යාව මෙතෙකුත් රැකගත්

Monday, July 27, 2015
Kise Da Yaar Na Vichre
ආදරය කල යමෙකු වෙන්වීම තරම් අන් දුකක් ලොව තිබේද?
කිසිවෙකුට හෝ ඒ විරහවේ මහා දුක නොදැනේවා
සතුටෙහි හුස්ම පොදක්වත් වෙන්වීමෙන් පසු නොලැබෙන නිසා
වෙන්වීමේ දුකෙන් කිසිවෙකු මියයාමටද හැකිය
වේදනාව හද ගිලගනිද්දී දසඅත ගිලගන්නේ අඳුර විසිනි.
ලෝකයම වෙන්ව ගියදෙන් මට කමක් නැත
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා
රාත‍්‍රිය කෲර සර්පයෙකු මෙන් මා සපා කයි
අනෝරා වැස්සද වියැලී ගිය ලෙසින් දැනෙයි
දෙනෙත කඳුලින් මල්මාලා ගොතයි
ලෝකයම මට සිනහවෙද්දී දෙනෙත බොඳවී යයි
මොන දුකක් ආවත් මට කමක් නැත එහෙත් ආදරය කල පුද්ගලයා හැරයාම දරාගත හැකිද?
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා
කිසිවෙකුගේ ආදරය කල පුද්ගලයා හැර ගියේද ඔහු හෝ ඇය උමතුවෙන් ඉබාගාතේ යනු ඇත
ආදරයේ ආතුර බව විසින් කිසිවෙකු වනවාසයටද යොමු කරනු ඇත
එය එතරම් ප‍්‍රබලය
තමන් ආදරය කරන කෙනා තමාගෙන් වෙන්නොවේවායැයි දහස් වරක් හෝ මතුරන්න

Thursday, May 28, 2015
Payal mein geet hain cham cham ke
මා හදගත් ඉතාම සුන්දර ගීතයකි. ඉඛ්බාල් බනෝ සමගින් මේ පිරිස අපූරු අත්දැකීමක් ලබමින් සිටිති. බලන්න සුන්දරවූ විනාඩි කිහිපයක්.....
නුඹ දහස් වරක් ලාස්‍යයෙන් රගන්නී
එවිට නුඹේ පා බැඳි නූපුරු චම් චම් නදින් ගයන්නේ
ඒ නුඹේ ආදර ගීතයයි
නුඹ පැමිණ සිටින්නේ පෙම්වතා මුණගැසීය
ඉදින් දැන් අද සිට නුඹේ සිහින නුඹට අයිති නැත
අද සිට නුඹ දකින්නේ සිහිනයෙන් ඔහුවමය.
පෙම් කිරීම යනු මේ දිවිය පුරාවටම ඇති රෝගයකි
නුඹට ලෝකයා පිස්සියෙකැයි දැන් කියනු ඇත
නුඹට පෙම්වතා දුන් පොරොන්දු දැන් මතකයට එනු ඇත
මාද කවදාක හෝ කාට හෝ ආදරය කර ඇත
ඒ ආදරයේ නාදයද එදා කිසිවෙකුට හෝ ඇසෙන්නට ඇත
එනමුදු අද මා මේ ගයන්නේ විරහවේ ගීතයයි

Wednesday, May 27, 2015
අකල් මරණ පරාජ මන්ත‍්‍රය Mahamrutyunjay Mantra
ඔ්ම් ත‍්‍ර්‍යම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටිවර්ධනම්
උර්වාරුකමිව බන්ධනාන් මි‍්‍රත්‍යෝර්මුක්ෂීය මා මි‍්‍රතාත්
දැඩි රෝගාතුරවී සිටින්නෙකුට සහනයක් ලබාගන්නටත් අකල් මරණයෙන් මිදෙන්නටත් වසර දහස් ගණනකට පෙර රචිත මන්ත‍්‍රයකි.
අරුත
නමෝ සුගන්ධවත්වූ සුබසෙත් සදන තිනෙත් වන්දනා කරම්
ඉදිණු ඵලයක් නටුවෙන් ගිලිහී යන්නා සේ පහසුවෙන් ගත දවන දරුණු රෝගාධිය මුලිනුපුටා අකල් මරණයෙන් මුදාගනු මැනවි
මෙහි යහපත් ප‍්‍රතිපල සඳහා 108 වතාවක් කිවයුතු බැව්ද සඳහන්ය. මේ සමග ඇති ගායනයේ එය 108 වරක් ගායනා කර ඇත.
Friday, May 15, 2015
Ae Ri Pawan
ලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි.
හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි
හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර හඬයි සන සන සන් නදින්
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
තනිව හමා යන්නී
නුඹය මාගේ එකම මිතුරිය
පවසන්න, කිසිවෙකු නැති ජීවන ගමනේ
තනිවූවෙකුට ජීවිතයක් කියා දෙයක් තිබේද?
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
හමා යන පවන,
මේ සොයමින් යන්නේ කාවද
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
වලාවන් සමග නුඹේ කවර හෝ
නෑකමක් තිබෙනවා නොවෙද?
මෝසම් ඍතුව එනවිටම
රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි
හොරෙන් හොරෙන් රහසින්
හඬ නොනගා හද දොරින්
නුඹ නික්මෙන්නී
සිහිනයේ පා නූපුර බඳිමින්
එනමුදු පසුකර යනවිට
ඒ නූපුර හඬයි සන සන සන් නදින්
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
තනිව හමා යන්නී
නුඹය මාගේ එකම මිතුරිය
පවසන්න, කිසිවෙකු නැති ජීවන ගමනේ
තනිවූවෙකුට ජීවිතයක් කියා දෙයක් තිබේද?
උමතුවෙන් මෙන් සරන්නී
නුඹේ පෙම්වතා සැබවින්ම කවුද
Tuesday, May 05, 2015
Margazhi thingal allava
එස් ජානකීගේ සිත් බැඳගත් අපූරු හඬෙහි සුන්දරතම ගායනයක්. ඒ ආර් රහුමාන්ගේ
අපූරු නාද සුසංයෝජනය. සංගමම් සිනමා පටයේ ඉතාම උද්වේගකර අවස්ථාවකදී ගැයෙන
ගීතයකි. ඝටම් සහ මෘදංගම් ප‍්‍රමුඛ වූ මේ ගීතය ඉතාම සුන්දරය. පේ‍්‍රමයේ
හෘදයාංගමබව මොනවාට විදහා පායි.
මේ සීත උඳුවප් මස නොවේද?
මේ පූර්ණ සඳ පෑයූ රාත‍්‍රිය නොවේද?
මේ කෘෂ්ණාගේ පැමිණීමට කාලය නොවේද?
නුඹේ මුහුණ එක වරක් හෝ දුටු පසු
මාගේ පාණය නිරුද්ධ වනු ඇත
ඉදින් පැමිනෙන්න පෙම්වත
අහෝ මාගේ මේ දිවියම සිහිනයක්ද .....
හදවත ගිනිගෙන ඇත
කඳුලද දැවී වියැලී යමින් තිබෙයි
මගේ ආත්මයද දියැවී යන්නේ
අත්ලෙහි තැබූ අයිස් කැටයක් දියවන පරිද්දෙනි
එක වරක් හෝ අප දෙදෙනාට නිදහසේ මුණගැසීමට අවස්ථාවක් නැද්ද
අහෝ කවුරුන් හෝ පවසන්න,
කිසිවෙකු විසින් කලාවට ඇති ආදරය නිසා මගේ ආදරයට ගිනිතබන්නේ නම් එය සාධාරණද?
දිලෙන නෘත්‍යාංජලියේ නුඹේ දුක ඉවත දමන්න
හෙට මංගල මල්දම් පලඳින්නට ඇත
කලාවත් ආදරයත් එකසේ ආදරණීයයි
කලාවේ දෙවගන, සරස්වති දේවියේ ඒ බව අපට පවසන්න
ආදරය නිසා කලාව හෝ කලාව නිසා ආදරය නැසෙන්නේ කෙසේද මට පවසන්න

Sunday, February 15, 2015
agar aasman tak mera hath
පි- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම නුඹේ නළලත චන්ද්‍ර තිලකයක් තබමි
තරුවැල් වලින් නළලත සරසමි
ගැ- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම සඳ කිරණින් මල්මාලය ගොතන්නෙමි
ආදරයේ හදගැස්මෙන් එය අලංකාර කොට නුඹට පළඳමි
පි-මගේ ළග හදවත හැර අන් කිසිවක් නැත
ගැ-මේ ලෝකයේ හදවතට වඩා වටිනා යමක් නැත
පි-ඉතින් එහෙනම් මවෙත එන්න මම නුඹව මගේ හදේ රඳවා තබා ගනිමි
ගැ-මා නුඹව මාගේ දෙඅතෙහි රේඛාවන් බවට පත්කොට ගනිමි
මේ සමුදුර මගේ වී නම් ආදරයේ මුතු මේ සයුරේ සගවන්නෙමි
නොඇසුනේද සුපෙම්වත අසන්න මගේ සකිසඳ
ගැ- මගේ පන ඔබෙන් වෙන්වුණොත් නම් මම මියයමි
පි- අනේ සත්තකින්ම එසේ නැවත නොකියන්න මගේ ආදරියේ
ගැ- නුඹේ ප‍්‍රාර්ථනය කුමක්ද මට පවසන්න මගේ පෙම්වත
පි- නුඹේ හදවතේ හදගැස්ම බවට පත්වී සිටීමයි මගේ පැතුම
මේ සුන්දර දස අත විශ්වය මගේ සුරතට ගුලිකර ගතහැකි නම්
සත්තමයි නුඹ වෙනුවෙන් එය සොරකම් කරමි

Saturday, October 18, 2014
Aansoo Bhi Hain Khushiyaan Bhi Hain
රවීන්ද්‍ර ජෛන් උපතින්ම අන්ධ පුද්ගලයෙකු විය. හේ බොලිවුඞ් සංගීතයට පිවිසුනේ අපූරු ගීත රැුසක්ම නිර්මාණය කරමිනි. මා ඉතා ප‍්‍රිය කරන ගොරි තෙරා ආදි ගීත රැසකම සංගීතවේදියා ඔහුය. විශේෂත්වය ඔහුගේ ගීත බොහොමයක ගේයපදරචකයාද ඔහුම වීමය. අනෙක් කාරණය ඔහුගේ ගීත රැසකම සොබා සෞන්දර්යය වර්ණනා කර සංගීතවත්කොට ඇත්තේ සැබවින්ම ඔහු මේ සොබාදහම දුටු පුද්ගලයෙකු ලෙසිනි. මේ ඔහු විසින් ලියා සංගීතවත් කල ගීතයකි. අරුත්බර පදවැලකි. සාමාන්‍යයෙන් පේ‍්‍රමය ගැනම ලියැවෙන ගීත අතරින් වෙනස්වූවකි.
කඳුලූද වේ සතුටද වේ
කටුද මල්ද වේ
දුකින් සහ සතුටින් පිරී ඇති දෙයකි මේ ජීවිතය
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
තමන්ට ලැබුනේ කොපමණ දැයි නොසිතන්න
ලැබුනේ ලැබියයුතු උපරිමයයැයි සිතන්න
කරුමෙ කරුමෙ කියමින් නොසිට මහන්සිවී වැඩ කරන්න
අඬන්නත් සිදුවනු ඇත සිනහවන්නත් සිදුවනු ඇත
ලැබෙනවා මෙන්ම නොලැබී දරාගන්නටද සිදුවනවා ඇත
ඔය කියනා තරම් ජීවිතය නරක දෙයක් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
මිනිස්සු සඳටත් බනිති ඒ ඔවුන්ට පෙනෙන ආකාරයටයි
කෙනෙකුගේ අවගුණයම නොදකින්න ගුණයත් පොඞ්ඩක් සොයන්න
සැහැල්ලූවද වේ බරපතලකමද වේ
මිහිරිබවද තිත්තවූ දේ ද ඇත
තබනා හැම පියවරකම ජීවිතය රසවත් නොවේ

Thursday, October 09, 2014
Kesi Pagali Deewani Meri Kadar Na Jani
කොතරම් සගවා ගත්තාද
එහෙත් සගවාගත නොහැකිය කඳුලූ
ජීවත් වන්නට වුවමනායි
එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද?
කෙසේ හෝ මහද රෝගී වී ඇත
දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද?
සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත
එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය
හදවත දුකින් බර විය
නුඹ මේ කලේ කවරක්ද
අහෝ නපුරු පෙම්වතිය
දැන් මගේ ජීවිතය දුකින් පිරි කතාවක් බවට පත්ව ඇත
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
සිතෙහි දහසක් බලාපොරොත්තු තිබුණි
සියල්ල නුඹ විනාශ කළාය
අපහසුවෙන් හුස්ම ගනිමින් මම ජීවත්වන්නට වෙර දරමි
හදවතට මම මෙසේ පවසමි
"කමක් නැත ඇයට වෛර නොකර ආශිර්වාද කල යුතුය"
ඔව්, යන්න ආදරියේ දැන් නුඹේ සියලූ නොදන්නාකම් වලට මම සමාව දෙමි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
https://gaana.com/song/kaisi-pagli-deewani

Subscribe to:
Posts (Atom)