Saturday, December 19, 2009

Kyun Pyaala Chalakta Hai

විරහව අතිශය ගැඹුරින් දනවන මේ ගීතය ගයනු ලබන්නේ මන්නාඬේ විසිනි.

මධු බඳුන උතුරා යන්නේ මන්ද
පහන දැල්වෙන්නේ මන්ද
දෙහදම අදිසි ලෙසින් කම්පිතව ඇත

ගිරිකුලෙහිද මල් පීදුනි
ඉදින් හදෙහි සිහිනයක් ඉපදුනි
දෙදෙනා වෙන්ව ගියේ ඇයිදැයි
තවම පිළිතුරක් නැත
නින්දෙන් වරින්වර අවදිවෙමින්
කඳුලූ සලන්නේ මන්ද

දැවුණු අලූ මතින් ඇඳෙන රේඛාවන්හි
ගිණිපුපුරු මැවෙයි
දිවිගෙවන්නා සඳහා මරණය සූදානම්ව ඇති බව කියැවේ
ඉදින් දැන් දැන් ජීවිත්වීම උදෙසා උනන්දුව නැති වී යයි


Friday, November 27, 2009

Ghar Se Nikalte Hi

මගේ නිවසින් මඳක් දුරින් ඇගේ නිවස පිහිටා ඇත
ඊයේ උදයේ මා ඇය දකින විට
ජනේලයෙන් එබී හිස පීරමින් හුන්නාය

බිමට යොමුවූ අවිහිංසක දෙනෙත
අහිංසක ඇය සරළ ගතිපැවතුම් ඇත්තියකි
ඇය දෙවඟනක්ද නොව කිඳුරියක්ද නොව
නමුත් මේ ඇගේ මායාකාරී බවය
ඇය ලජ්ජාවෙන් අන් අය දෙස බැලූවත්
ඇයට අන් අය උමතු කළ හැකිය
අන් අයගේ දිවිය වර්ණවත් කළ හැකිය

මම ඇගේ නිවස අසළින් එහා මෙහා ඇවිදිමි
මෙය දැන මගේ මිතුරෝ පවා මට සිනහ වෙති
ඇගේ නාමෙන් මම ඇත්ත කියමි
මට එය සතුටකි එහෙත් එක දුකක් ඇත
මා ඇයට ආදරය කරමි ඇය වෙනුවෙන් මිය යමි
එහෙත් ඇය මේ කිසිවක් දන්නේ නැත

පුදුම මායාකාරී කෙල්ලක්
ඇගේ යෙහෙළියක් මට ඊයේ මුණ ගැසුණි
මම ඇගේ යෙහෙළියට පැවසීමි
ගිහින් පවසන ලෙස ඇයට
මෙතරම් දුරස්ව හිඳීම හොඳ නැතැයි කියා
හෙට හවසට එළියට එන්නේ නම්
මා සමග කතා කරන්නට කැමති නම්
මඳක් නවතන්න කියා

Wednesday, October 28, 2009

kehna hai kya

පිරිස-හෙමින් සැරේ රහසින්
ඔබ කලබලයට පත්ව ඇතත් ඔබේ දෙතොල් නිහඬය
කෙතරම් කලබල මැද්දේද ඔබ නිහඬව හිඳගෙන හිඳී
ඔබේ සුන්දර වතකමලින් අපට යමක් පවසයි
ඔබේ දෑසෙහි පේ‍්‍රමයේ සිහිනයක් ඇතැයි අපි දකිමු
කවර කරුණකට අප හා ලජ්ජාවන්නද
සුන්දරියේ අපටත් මඳක් පවසන්න

ගැ-මොනවා කියන්නද? මගේ දෑස ආගන්තුකයෙකුගේ නෙතු ගැටුණි
එය ආදරය පිළිබඳ හැඟීමක්ද ඇති කලේය
මින් පෙර අත් නොදුටු සිතුවිලි හදවතෙහි පිබිදෙන්නට විය
අප දෙදෙන කිසිදිනෙක මුණ ගැසී නැතිවද හදවත් මුණගැසුනේ කෙලෙසකදැයි නොදනිමි
මම දැන් කුමක් කරන්නද?
ඔහුගේ නම කුමක්ද?
මා කුමක් කියා අමතන්නද?

පළමු බැල්මෙන්ම අපි දෙදෙනා අතරමංවීමු
අපේ දෑස්වලින් ආදරයේ වර්ෂාව ඇදහැලෙන්නට විය
ලජ්ජාව කෙමෙන් දැනෙන විට මම හිස පහත් කරගතිමි
සීතල සුළඟද මට පීඩා කරන්නට විය
ඇඳ සිටි සළු පවා සුළෙඟහි ලෙල දෙවමින්
මගේ හදවතෙහි මහා කුණාටුවක් ඇති විය
මා උන් තැන එසේ සිටියදීම ඔහුට වසඟවීමි

මගේ දෙතොල් ඔබ ගැනත් ඔබේ ආදරය ගැනත් ගී ඉල්ලා සිටී
ගතවන හැම මොහොතකම මගේ දෑස ඔබවද ඔබේ ආදරයද සොයයි
මෙතරම් පිරිසක් මැදද මගේ හදට තනිකම දැනේ
ඔබ නොපෙනී යාදැයි මගේ හදවත බියෙන් ගැහෙයි
අද මා කෙතරම් සතුටට පත්ව ඇත්දැයි කිවහොත් මගේ මුළු ලෝකයම රඟදෙයි
ඔබ ලදොත් මට ජීවිතය ලැබුණා වැනිය


Tuesday, October 27, 2009

Meri Zindagi Mein Ajnabee Ka Intezar Hai

ගැ- සඳ වෙනුවෙන් නොවේ තරු වෙනුවෙන්ද නොවේ
මල් වෙනුවෙන් නොවේ වසන්තය වෙනුවෙන්ද නොවේ
බැල්මන් වෙනුවෙන්ද ඉඟිබිඟි වෙනුවෙන්ද නොවේ
දන්නා කියන අයෙකු වෙනුවෙන් නොව නොදන්නා අයෙකු වෙනුවෙන්ද නොවේ

ගැ- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුකයෙකු වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඔහුට ආදරය කරමි
මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි
අහෝ ආගන්තුකය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත

පි- මගේ ජීවිතය පුරා මම එක් ආගන්තුක තරුණියක වෙනුවෙන් බලා හිඳිමි
මා කුමක් කරන්නද? මම ඇයට ආදරය කරමි
මම ඒ ආගන්තුක තරුණියව හඳුනමි
ඇය මගේ සිහිනයට නිතර පැමිණෙන්නියකි
අහෝ සුන්දරිය, ඔබ වෙනුවෙන් මගේ සිත අවිවේකී වී ඇත

පි- සුගන්ධය පිරි වීදියේ හමන සුළෙඟහි දුටිමි මම
ඒ මුහුණ මම සුන්දර මොහොතකදී දුටිමි

ගැ- මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි
ආදරයේ උන්මත්තකයෙකි ඔහු
මගෙ දෙතොල පිපාසාවෙනි මහද නොඉවසිලිමත්ය
මගේ සිතුවිලි පවා ඔහු සොරකම් කරයි

ගැ-දැන් මම ඔහු වෙනුවෙන් රැයම නිදිවරා බලා සිටිමි
අප දෙදෙනා මුණගැසෙන මොහොත ලඟා කරන්නැයි මම දෙවියන්ගෙන් යදිමි

පි- අනේ මගේ හද, ආදරය වෙනුවෙන් දුරස්ථවීමද අවශ්‍යය
මගෙ හද ගැස්ම කියන්නේ ඒ දුරස්ථ බව ඉතා ටික කලක් බවය

ගැ- මම ඒ ආගන්තුකයාව හඳුනමි
ඔහු මගේ සිහිනයට නිතර පැමිණෙන්නෙකි

www.songs.pk - Meri Zindagi Mein Ajnabee .mp3
Found at bee mp3 search engine

Wednesday, October 21, 2009

hum dono do premee

හින්දි සිනමාවේ මෙතෙක් ඇසුණු පේ‍්‍රමගීත වලින් සුන්දර පේ‍්‍රම ගීතයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය. ගායනය කිශෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර්ගෙනි. සංගීතය ආර්.ඞී.බර්මන්ගෙන් වන අතර චිත‍්‍රපටය අජනබී ය.

පි- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
   අපි ලොවෙන් සැඟවී යන්නෙමු
   අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු


-ඒයි සහෝදරයා කොහෙද මේ යන්නේ?-

ගැ- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
     අපි ලොවෙන් සැඟවී යන්නෙමු
පි-අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු
ගැ-මට නම් මගේ පියාව මතකයට නැගේ
    නොදනිමි මින් ඉදිරියට කුමක් වේදැයි
දෙ- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
     අපි ලොවෙන් සැඟවී යන්නෙමු
     අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු   

ගැ-ටිකක් වාහනේ ඉක්මනට යං කියන්න, අපට බොහෝ දුර යන්නට ඇත
පි- යන ටිකට ගමනෙදි පොඞ්ඩක් සතුටින් ඉන්න
ගැ-විකාර කතා කියන්න එපා,
පි-ගමනෙ දුර අඩු නොවෙයි මොනවා කෙරුවත්
පි- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු. අපි ලොවෙන් සැඟවී යන්නෙමු
ගැ- අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු 
පි-  මට නම් මගේ පියාව මතකයට නැගේ  

පි- අප දෙදෙනා යන්නේ කොහිද? කුමක්ද ඒ නගරයේ නම?
ගැ- ඔබට කැමති තැනකට මාව රැගෙන යන්න එය දැන් ඔබට අයිති දෙයකි.
පි- මා ගැන ඔබේ එතරම් විශ්වාසයක්?
ගැ- මම ඔයාට ආදරය කලානෙ....
ගැ- අපි දෙදෙනා පෙම්වතුන් වෙමු.
     අපි ලොවෙන් සැඟවී යන්නෙමු
පි-අපි ලොව සියළු සම්මතයන් බිඳගෙන යන්නෙමු

පි-මොනවද කල්පනා කරන්නෙ
ගැ-මම?  නෑ....මුකුත් නෑ

ගැ- මාව කවදාවත් අතහැර දමල යන්න එපා
පි- ඒ වගේ හිත රිදෙන කතා ආයෙත් කියන්න එපා
ගැ- මට නිකම් හිතට ආවදේ විහිලූවට කිව්වෙ
පි- ඇත්තද මාත් විහිලූවට කිව්වෙ

Monday, October 19, 2009

Mastaana Piye Jaa

මත්වූ මිතුර තවත් මධුපැන් පානය කරන්න
මධුපැන් වීදුරුවක් පානය කොට කුමටද
මුළු අවන්හලේම මධුපැන් පානය කරන්න

දිවියේ සුපුරුදු වේදනාව
මධුපැන් කුසලානයෙහි ගිල්වා දමන්න
ඉදින් දුබල හදවත දැන්වත්
වීරියෙන් යුතුව මධුපැන් පානය කරන්න

මධුපැන් තොලගෑමේ වටිනා පුරුද්ද ගැන
ඔබට නම් කිසි දැනීමක් නැත
අවන්හලෙහි මිතුරන් එසේ පවසත්
ඉදින් මධුපැන් පානය කරන්න

මේ දුර්ජන සමාජයෙහි ජීවිතයක් ලබන්නට නම්
මත් විය යුතුය
ආදරයෙන් උමතුවන්න
ඉදින් හදවතක් ඇති උන්මත්තකය, මධුපැන් පානය කරන්න

අවන්හලෙහි කලබගෑනි වේවි ටික වෙලාවකින්
අවන්හල නුපුරුදු අය නිසා
එළිවෙන්නටත් ලංව ඇත
තවත් මධුපැන් පානය කරන්න

Chane ke khet main

මම අවුරුදු දහඅටක නව යොවුන් තරුණියක් වීමි
වේල්පොටින් හිස වසාගෙන ගියෙමි
අහෝ මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ තරුණකම සොරකම් කරන ලද්දේ විය

පළමුව හේ සලෙලෙකු මෙන් මගේ අතින් අල්ලා ගත්තේය
දෙවනුව ඔහු සෙමින් මගේ ඇඟිල්ල මිරිකුවේය
බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය
හේනෙදි මගේ තරුණකම සොරකම් කරන ලද්දේ විය

මා අවට සැම තැනම ඇත්තේ සලෙල දඩයක්කරුවන් ඇටවූ උගුල්ය
මා අවට සැමතැනම සිටින්නේ තරුණියන්ගේ තාරුණ්‍ය සොරකම් කරන සලෙලූන්ය
‘‘අහෝ මා පැරදුණි, අහෝ මා පැරදුණි’’ මම අවට නෙත් යොමු කරමින් මුර ගෑවෙමි
මා ගියේ මගේ සුන්දරත්වය නොපෙනෙන්නට හිස වසාගෙනය
මා ගියේ දෑත වළළුවලින් පුරවාගෙනය
වළලූ බිඳී ගියේය
හේනෙදි මගේ වළළු බිඳී ගියේය
හේනෙදි බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය

දෙවියනි මගේ ඉරණමක අරුම,
මම දැන් කාටවත් මුහුණ දෙන්නේ කොහොමද?
මට වුණ දේ කාටවත් කොහොම කියන්නද?
දෙවියනි මට මොන මොනවා වුණාද?
කිසිවෙකුත් මගේ උදව්වට නාවේය
මගේ මංගල ඇඳුමින් මම සිටියෙමි
හිසෙහි මල් ගවසාගෙන සිටියෙමි
කනෙහි රන් තෝඩු ගැලවී ගියේය
හේනෙදි කනෙහි රන් තෝඩු ගැලවී ගියේය
හේනෙදි බලෙන්ම මගේ යව්වන සුන්දරත්වය ග‍්‍රහණයට ලක්විය


Tumne Dil Ki Baat Keh Di

ඔබ අද ඔබේ හිතේ ඇති දෙය පැවසීය
ඉන් මා බොහෝ රැවටී ඇති බව වටහා ගතිමි
මා සිතුයේ ඔබ මගේ කියාය

මා ඔබට යමක් කීවේ නම් ඉන් සිදුවූයේ බලාපොරොත්තුවූ දෙය නොවේ
මා කී දෙය සමහර විට ඔබ අමතක කර දමන්නට ඇත
එහෙත් නැවත නැවතත් සිදුවූයේ එයමයැ

ඔබේ දෑසට මේ කඳුලූ ආවේ කොහෙන්ද?
මා ආදරයෙන් උමතුව සිටියද එසේ නොවීය
ඉදින් ඔබට කුමක් සිදුවීද?

දැන් මා කාට කවර ලෙසකින් මගේ කතාව කියන්නද?
දෙවියන්ට පින් සිදුවන්නට මේ හැමදේම මෙලෙසින් සිද්දවුනේ හොඳටයැයි සිතා සිත හදාගනිමි.

Khanjar hain Teri aankhen Talwar teri aankhen

කැපෙන පිහිතලයක් වැනි කගපතක් වැනි නුඹේ දෑස
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

මත් කරවන බැල්මෙන් පිරි දෑස හිමි නුඹව
දෙවියෝම සුරකිත්වා
මගේ මතකයේ සැමවිටම රැඳී ඇත්තේ නුඹේ දෑසමය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

නුඹේ කතාකරන දෑස මහා දිගු කතාවක් පවසයි
නුඹේ දෑසටම වෙන්වුණු භාෂාවක් ඇත්තා සේය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

මම නුඹේ දෑසින් දෙවියන්වද දකිමි
මෙහා ඉවුරෙත් නුඹේ දෑසය එහා ඉවුරෙත් නුඹේ දෑසය
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස

නුඹ දහස් ප‍්‍රයෝග දමමින් සඟවන්නට උත්සාහ දැරුවත්
ආදරය සැඟවිය නොහැකිය
නුඹේ දෑස ආදරය පිළිබඳ බලාපොරොත්තු නෙතු දල්වා සිටී
අහෝ සුන්දරියේ නුඹේ දෑස ඇයි මට නිදහසේ ජීවත්වන්නට ඉඩ නොදෙන්නේ
අහා නුඹේ දෑස- අහා නුඹේ දෑස


Friday, October 16, 2009

piya re piya re

සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත
ඔබේ දෑස කෙතරම් මායාකාරීද

ඔබ නැතිව කිසිදු අස්වැසිල්ලක් නැත
හදවත ඩග් ඩග් හඬින් ගැහෙයි
වස්දඬුවද ගයයි අසන්න සුපෙම්වත
ඔබ නැතිව මට කිසි දෙයකට පිරියක් නැත
සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත


මා බොහෝ කලක සිට ආදරයේ පූදින නැවුම් කුසුම
රැක තබාගෙන සිටිමි
දැන් නම් මග නෙතු දල්වාගෙන හිඳ මම හෙම්බත්වී සිටිමි
ගතවන සෑම උදයෙත් සවස් කාලයෙත්
ඔබේ මුහුණ දකින්නට මගේ දෙනෙත මග බලා හිඳී
සුපෙම්වත, සුපෙම්වත
ඔබ නැති විට මගෙ සිතට නිනව්වක් නැත