මසිත බොහෝ තදින් ඇද බැඳගත් ලාවනී ගීතයකි මේ. එය නැවත නැවත අසන්නට මා පෙළඹුණේ ඇයිදැයි වටහාගත නොහැකිය. එක් අතෙකින් මහාරාෂ්ට‍්‍ර ලාවනී ගීතවල ඇති ආකර්ශණීය බවට මෙම ගීතයෙන් අමතර ශෘංගාරාත්මක වටිනාකමක් එක්කොට තිබීමදැයි මම නොදනිමි. ඔබටත් රස විඳීම පිණීස මෙසේ ඉදිරිපත් කරමි. පාරම්පරික ලාවනී ගුණාංග රැකගත් අගනා ගීතයකි.
යොවුන් බවින් පිරි රාත‍්‍රියයි
මහද වේගයෙන් ගැහෙයි
මා උමතුව ගොසිනි
මට මාවම විශ්වාස කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත
මට මාවම පාලනය කරගත නොහැකිව ඇත
මම ඔබ සමග පැමිණීමෙන්ම ඔබව සතුටු කළෙමි
මා ආදරයේ වර්ණවත්බවෙහි ගිලී ගොසිනි
අත හරින්න
මේ එයට සුදුසු වේලාවක් නොවෙයි
පෙම්වත පස්සෙ වෙලාවක අපි ඒ වෙනුවෙන් මුණ ගැසෙමු
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
(ඇයි ඔබ මෙලෙසින් හැසිරෙන්නෙ?
ඇයි ඔබ ඇය පසුපස යන්නේ?
ඇයව බාසාරයේදී මුණ ගැසෙන්න
දැන් රාත‍්‍රී අවසන් බසයත් නික්ම ගොසිනි)
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
මගේ මුහුණ කැඩපතකි
ඉන් පෙනෙන්නේ යොවුන්බවෙහි මහඟු දායාදයයි
මහද උමතුවෙන් සලිත පරෙවි දෙනක මෙන් හැසිරෙයි
මේ තරු පිරි මැදියම් රැයෙහි අඳුරු අහස මා බියට පත් කරයි
ඇයි ඔබ ඔතරම් හදිසි
මුළු ගමම බලා හිඳී
කරල් පැසී ඇත
නෙලාගන්න කාලයයි
බොහෝ පක්ෂීහු ඒ වෙනුවෙන් එහෙ මෙහෙ සරති
කිසිවෙකු සැඟව බලා සිටී
කිසිවෙකු උරුහන් බායි
තවත් කිසිවෙකු ඇසින් ඉඟි දෙයි
මා මොනවා කරන්නද
කවදා වනතුරු ප‍්‍රතික්ෂේප කරන්නද?
මට මා පාලනය කරගත නොහැක
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
මට දැන් ගෙදර යන්න දෙන්න
(මැදියම් රැයද ඉක්ම ඇත)
(ඇයි ඔබ මෙලෙසින් හැසිරෙන්නෙ?
ඇයි ඔබ ඇය පසුපස යන්නේ?
ඇයව බාසාරයේදී මුණ ගැසෙන්න
දැන් රාත‍්‍රී අවසන් බසයත් නික්ම ගොසිනි)
ගායනය- භේලා ශේංඩ
සංගීතය- අජය අතුල්
පදරචනය- ගුරු ඨාකූර්
සිනමාපටය- නටරංග්
චේත පුනවෙචි රාත ආජ ආලීයා බාරාත
ථඞ් ථඞ් කාල ජාත මාඣයා මායේනා
කධී කවා කුට කස ඣිව් ඣාල ථේඞ් පීස
ත්යාචා නාහී භරවස තෝල රාහීනා
රාඛිලී කී මර්ජී තුම්ච්යා ජෝඞීන මී ආලෙ
ඵීර තීච්යා යා රංගී රායා චිම්බ් ඕලී මී ඣාලේ
රායා සේඩා ආතා තරී කාල යේල්නාහී බරී
පුන්හා භේටූ කෙංව්හාතරී සාජණා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
හේ කශාපායී ඡුල්තා මාග මාග ඵීර්තා
අස් කාය කර්තා දාජී හීලා භේටා කි යේත්යා බාජාරී
හේ සහාචී භී ගාඞී ගේලී නවාචී භී ගේලී
ආතා බාරාචී ගාඞී නිඝාලී
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා ඝරී
ආතා වාජලේ කී බාරා
ඒන්යාවානී රූප මාඣ උභී ජ්වානීච්යා මී උම්බයාර්ත
නාද්වල ඛුල්පිස කබුතරහී මාඣයා උරාත
භවතාලී භය ඝාලී රාත මෝකාට හී චාන්දන්යාචී
උගා ඝායී කශාපායී හායෙ නජර් උභයා ගාවාචී
නාරී ග රාණී ග හායේ නජර් උභ්යා ගාවාචී
හේ ශේත ආල රාඛ්නීලා රාඛූ චාරා ගෝලා
ශීල ඝාලී කෘඨුන්කෝණී කරූන තිර්පා ඩෝලා
ආතා කස කිතී ඣාකූ සාංගා කුට්වර රාඛූ
රායා භාන මාඣ මලා රාහීනා
මලා ජාඌද්යානා
ආතා වාජලේ කී බාරා
මලා ජාඌද්යානා
ආතා වාජලේ කී බාරා
Saturday, January 01, 2011
Monday, December 13, 2010
Turkey folksong on worldwar I
පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කියේ බිහිවූ ජනගීයක් වූ මෙය ලියැවී ඇත්තේ තුර්කි බසිනි. එහෙත් එය රසවිඳීමට තරම් අගනා ගීතයක් වන බැවින් අපට උචිත වශයෙන් පරිවර්තනය කොට දක්වමි. මෙහි දර්ජනෙල්ලා යනු පළමු ලෝක යුදයේ බිහිසුණු සටන් පැවති පෙදෙසකි. ගීතයෙන් කියැවෙන්නේ සටනට යන තරුණ සෙබලෙකු ගැනය.
මෙම ගීතයේ අවසන් කොටසෙහි මව්වරුන්, පියවරුන්ද ලිපි එවීම අතැර දමා ඇත යන්නෙන් ව්‍යංගාර්ථයෙන් කියනුයේ සැබවින්ම ලිවූ ලිපි යුද පෙරමුණට නොඑනා බව විය යුතුය.
මෙම ගීතයේ අවසන් කොටසෙහි මව්වරුන්, පියවරුන්ද ලිපි එවීම අතැර දමා ඇත යන්නෙන් ව්‍යංගාර්ථයෙන් කියනුයේ සැබවින්ම ලිවූ ලිපි යුද පෙරමුණට නොඑනා බව විය යුතුය.
Thursday, December 09, 2010
Mora sajan sautan ghar jaye
ඉතාම සුන්දර ඨුම්රි ගායනයක් වූ මෙම ගීතය අයත් වූයේ 1972 තිරගතවූ පාකීසා චිත‍්‍රපටයටය. ගායනා කරන ලද්දේ දකුණු ඉන්දියාවේ සිට උතුරු ඉන්දියාව තෙක් තම සුමිහිරි හඬින් සරළ ශාස්ත‍්‍රීය සංගීත රසිකයන් පිනවූ වාණි ජෙයරාම්ය. කෙටි ගායනයක් වූ මෙය අසා රස විඳින්න. ඉතාම මිහිරි සංගීත ශෛලියකි.
මෙය නෞෂාඞ් සහ ගුලාම් මොහොමඞ් යන සංගීත අධ්‍යක්ධකවරුන් දෙදෙනාම සංගීතය සැපයූ චිත‍්‍රපටයකි.
තවත් අතිවිශේෂත්වයක් වන්නේ එවකට ඨුම්රි සහ සරළ ශාස්ත‍්‍රීය ගායනයේ ඉහළම නමක් දිනා සිටි ශෝභා ගුර්තු, වාණි ජෙයරාම්, පර්වීන් සුල්තානා, රාජ් කුමාරි, නසීම් බනෝ සමගින් ලතා මංගේෂ්කාර්වද ගායනයට යොදා ගැනීමය.
මගේ සැමියා නගරසෝබනියන් වෙත යන බව
මම ලොවට කෙසේ කියම්ද
මා විමසුවහොත් ඔහු සත්‍ය නොපවසයි
දිව්ර දිව්රා පවසන්නේ මුසාවන්මයැ

Sunday, December 05, 2010
Aahun Aahun
ගීතය- අහූන් අහූන්
ගායනය- නීරජ් ශ‍්‍රීධර්
සංගීතය- ප‍්‍රීතම්
පද රචනය- ඉර්ෂාද් කාමිල්
චිත‍්‍රපටය- ලව් ආජ් කල්
මෙම ගීතය වැඩි වශයෙන් ලියැවී ඇත්තේ පංජාබි බසිනි.
කතා කරන්න, සිනහවන්න මා සමග
මවෙත එන්න, මඳක් ආදරය පෙන්වන්න
මට ඔබේ වන්නට ඉඩ දෙන්න
මා තුළ ඊර්ෂ්‍යාව ඇති නොකරන්න
ආදරය අති දුෂ්කරය,
නමුදු අතිශය මිහිරි රෝගී බවෙකි
you wanna let it going on
ආදරය බොහෝ දිගු ගමනකි
අනවසරයෙන් පවා යා හැකි ගමනකි
but get you ride it on yeah come on
හදවත හදවතක් පතයි
ආදරයෙහි දැවටෙයි දැවටෙයි
එහි ජීවත්වීමෙන්ම දෙවියන් පවා දැකිය හැකිය
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්
ආදරය හදවත්හි තරඟයයි
ඒ තරඟය පැරණිය එහෙත් නැවුම්ය
you never see it going old
දෙවියන් පවා ආදරයට අනුමැතිය දී ඇත
එය හදවත්හි ව්‍යාපාරයයි
before you know it your heart is sold
දෑස් සටන් කිරීම ඇරඹෙනු ඇත එය කෙමෙන් වැඩිවනු ඇත
දෑසෙහි සටන් අතර හදවත සොරකම් කෙරෙනු ඇත
දෑස් එකිනෙක ගැටුණි අපොයි මිය ගියෙමි
මේ එකම පැරණි ආදර කතාවය එහෙත් කාලය වෙනස්ය
අහූන් අහූන් අහූන් අහූන්
මතකය අමතක කරන්නට වුවමනා නැත
මගේ සුසුමෙහි පවා ඔබ ගැන මතකයන් රඳවා ගනිමි
ඔබ සමග ගතකල නිමේශයන්, සුන්දර රාත‍්‍රී, ඔබ මුණගැහුණු අවස්ථා
කතාකරමින් සිටියහොත් රැයද නොදැනී ගෙවී යයි
ආදරයෙන් දැවී ගොස් නැවතත් ඇරඹුමකි

Friday, October 29, 2010
Mere piya gaye Rangoon
(දුරකතනයෙන්)-
හෙලෝ හින්දුස්ථානයේ දෙහරාදුනයද මේ?
මං මේ රැන්ගුන් නුවර ඉඳන් කතා කරන්නේ
මට මගේ බිරිඳ රේණුකාදේවිට කතා කරන්න ඕනෑ
ඔව් ඔව්
ගීතය
ගැ- මගෙ පෙම්වතා රැන්ගුන් ගොසිනි
එහි සිට දුරකතනයෙන් මා අමතයි
‘‘ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි’’
පි- මම හින්දුස්ථානය අතැර අවුත් බොහෝ විඳවමි
ඔබව මෙහි රැගෙන එන්නට අමතක වුණා නොවැ
මම අද බුරුමයේ වීදියකය
ඔබ දෙහරාදුනයේය
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි
ගැ- මට දුක නිසා කෑම බීම පවා අමතකව යයි
දුකින් මහත් සේ පීඩාවට පත්ව කාලය ගෙවී යයි
ඔබ හැර පෙම්වත, ජනවාරියද, පෙබරවාරියද, කෙමෙන් මැයි මසද දැන් ජූනිමාසයද ගෙවීයයි.
ඔබව බොහෝ මතක් වෙයි
හදවත දැවෙයි
පි- ඔබෙන් වෙන්වූ දා සිට මම සන්නාසියෙකු මෙන් බ‍්‍රහ්මචාරීව වසමි
කන්නෙත් ගහකොලකින් වැටෙන දෙයක් තමා
බුරුම ඇඳුම් නිසා ඉන්දියානු ඇඳුම්ද අමතකව ගියේය

Saturday, October 02, 2010
Friday, October 01, 2010
Friday, September 10, 2010
Maine Poocha chand se
තරුණියකගේ සුන්දරත්වය එමට වනමින් ලියැවී ඇති මෙම ගේය පද්‍යය රචනා කොට ඇත්තේ ආනන්ද් බක්ෂිය. අබ්දුල්ලා චිත‍්‍රපටයට රාෆි මෙය ගයන ලද්දේ ආර්ඞී බර්මන්ගේ සංගීතයටය.
මම සඳෙන් විමසුවෙමි
කොතැනකවත් දුටුවෙද කියා
මගේ පෙම්වතියගේ මෙන් සුන්දර සිනහවක්
‘‘සඳකිරණ පල්ලා කොතැනකදීවත් නොදුටුවෙමි’’යැයි
සඳ දිවුර දිවුරා පැවසීය
මම ඔබ ගැන සෙවීමි
මම සැම තැනකම ඔබගේ මේ සුන්දරත්වය සෙවීමි
අළුතින් පුබුදින පොහොට්ටු වලින් ඔබට සමවූ යමක් විමසීමි
පිපුණු මල් අතර ඔබ වැන්නියක සෙවීමි
මල් උයනෙන්ද විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘උයනෙහි සෑම පූදින මලක් පල්ලා මම නම් නොදුටුවෙමි’’යැයි
මල් උයන දිවුර දිවුරා පැවසීය
ඔබේ ලැසි ගමන තරඟ රළ මෙනි
ඔබේ දිගු වරළ රාත‍්‍රියක දිගු කතාවකි
දෙතොල නෙළුම් පෙත්තක කැඩපතක් බඳුය
දෑස මත්බවෙහි රුජිණකි
මම මධු ශරාවෙන් විමසීමි
ඔබට සමවූ යමෙක් අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘මත්බව පල්ලා මම නම් නුදුටුවෙමි’’යැයි
මධුශරාව දිවුර දිවුරා පැවසීය
ඔබගේ සුන්දරත්වය දෙව්ලොවින් පහළවූ විස්කමකි
මීරාගේ ගසල් ගීතයකැයි මම ඔබට අමතම්ද
නැතහොත් ඕමර් ඛයියාම්ගේ රුබයියාට් කවියකැයි පවසම්ද
මම කවියන්ගෙන් විමසීමි
ඔබට සමවූ ශෘංගාරාත්මක කවි සිතුවිල්ලක්
අහසෙහි හෝ මේ මිහි මත්තෙහි ඇත්ද කියා
‘‘කවීත්වය පල්ලා අප නම් නොදුටුවෙමු’’යැයි
කිවියෝ දිවුර දිවුරා පැවසූහ

Sunday, September 05, 2010
I don't know what to do
මෙය ප‍්‍රහසනාත්මක පෙම් ගීයකි. චිත‍්‍රපටය හවුස් ෆුල් වෙත්. සුනිධි චෞහාන් සමගින් කලකින් ගායනයට යලි පැමිණි ශබ්බීර් කුමාර් ගයන්නේ ශන්කර්, එහෙසාන්, සහ ලෝයි ගේ සංගීතයට අනුවය.
ගැ- සෙමින් සෙමින් ටිකෙන් ටික
මගෙ තුරුල්ලට එන්න. ඉතින් එන්නකෝ
පිපාසයෙන් මට මියයන්නට දෙන්න එපා
පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද
බැල්මට බැල්ම මුණගස්වන්න
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්
පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්
ගැ- සුමටව මෘදුව විසිරෙන මගේ වරළ පිරිමදින්න
මා නොරිදවන්න
මට වැඩිවෙලාවක් දරාගත නොහැක
මත්බවින් මා පිරී යාවි
බොහෝ සැනහෙන්නට හැකිය
එන්න මම දෙව්ලොව පෙන්වන්නම්
පි- අයියෝ මම දන්නේ නෑ දැන්නම් මොනව කරන්නද කියලා
දෙයියම්පා මං මොනවා කරන්නද දැන්
පි- බියට පත්ව සිටිමි ගැස්මෙන් කම්පිතව සිටිමි
නොදන්නා මගක ගිරිහිසක් නගින්නේ කෙලෙසින්ද?
ගැ- පොඩ්ඩක්වත් කරදර වන්නේ කුමටද

Saturday, September 04, 2010
Pyar Hua Hai Jabse
අභිලාෂා චිත‍්‍රපටයට මජ්රූහ් සුල්තාන්පුරි ලිවූ, ආර්ඞී බර්මන් සංගීතය සැපයූ මෙම ගීතය කිශෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර් ගයන ලදි. මෙහි සිංහළ අනුකරණ ගීතය ලංකාවේ අතිශය ජනප‍්‍රිය විය. එය මෑතකදී නැවත ගායනය කෙරුණි. එයද ජනප‍්‍රිය විය. මා ඒ ගීතය ගැන සඳහන් නොකලේ මෙම ගීතය අසන විට ඔබට එය මොනවට මතක් වන බැවිනි.
ගැ-සිතෙහි ආදර හැඟුම් ඇතිවුණා පමණි
කිසිදු අස්වැසිල්ලක් නැතිවිය
දෑස තදින් වසාගත්තත්
නුඹ හදවතින් නික්ම නොයයි
පි- නුඹ මගෙ තුරුල්ලේ සැතපෙයි
ගැ- ඉතින් පෙම්වත නුඹ තවමත් මගේ බැල්මට හසු නොවී
සැඟව සිටින්නේ ඇයි?
පි- අනේ මගේ පණ, මා සිටින්නේ ඔබෙ හදවත තුළය
තවමත් ඔබ මා දැක නැත්නම්
අපොයි ඉතින් මං මොනව කරන්නද?
ගැ- මේ ඔබේ දෑතට මගේ හදවත ගෙන රැකගන්න
පි- හදවත ආදරයෙන් දැන්නම් උමතුව ඇත එබැවින් නොඑන්න මවෙත
ගැ- එහෙත් මේ හදවතෙහි ඉපදෙන සිහින කා ගැනද
අහෝ ආදර උන්මත්තකය, ඒ සිහින ඔබ ගැනය.
අපොයි ඉතින් මං මොනව කරන්නද?
ඔබේ වරල මුදා හැර සොරකමකි කලේ
අනේ නපුරෝ මා සිත රිදවා ඔබට ලැබෙන්නේ කුමක්ද?
මගේ පණ, ඔයාව කේන්ති ගැස්සුවහම
ඔයා හරිම ලස්සනයි

Subscribe to:
Posts (Atom)