Thursday, January 07, 2016

Saathi Re Bhool Na Jana Mera Pyar Asha Bhosle

මා ජීවිතයේ අසා තිබෙන හින්දි ගීතවලින් ඉතාමත්ම සුන්දර සංගීත රචනාවකි මෙය. එසේම එය ගායනය ඉතාම සංකීර්ණ බව නම් අසන සැම විටම දැනේ. ආශා භෝංස්ලේ මේ ගීතයට පන දෙන ආකාරය කිසි දිනෙක අමතක කල නොහැකිය. ඇගෙන් පසු මේ ගීතය කවරෙකු හෝ කොතැනකදී හෝ ගැයුවානම් ඇය තරම් සාර්ථකව ගයන්නට නොහැකිවූ බව මම සෑම තැනකදීම දුටුවෙමි.

අරුතට පනදෙන මෙවැනි සංගීත රචනයක් කල හැක්කේ කෙසේද? මම බොහෝ විට සිතමි. රවීණ්ද්‍ර ජෛන් අන්ධ කලාකරුවෙකි. ඔහුගේ නොපෙනෙන දෙනෙතට කෙතරම් සුන්දර තැන් සොයා ගිය හැකිද? පදරචනයද සංගීත රචනයද ඔහුගේමය.

ගීතය පටිගත කරන්නට ගිය විට ඒ ගායනය සංකීර්ණ බව ආශා භෝංස්ලේ අවබෝධ කොට ගත්තාය. රවීන්ද්‍ර ජෛන් විමසා ඇත්තේ එක් දෙයකි.

මෙය ගයන්නට බැරි නම් නුඹත් ගායිකාවක්ද?

ඉන් ලද පන්නරය නිසා ඇය බොහෝ පුහුණුවී මෙය ගායනා කොට ඇත.

ඇගේ හැකියාවෙහි අගය ඇත්තේ එවකට මේ ගීත පටිගත කරන්නේ එක්වරම වන නිසාය. අද මෙන් පේලියෙන් පේලිය කොටසින් කොටස ගයා නොවේ. ඉන් වැටහෙන්නේ ඇය කෙතරම් දක්ෂද කියාය.

ගීතය මා තනිවූ සැම අවස්ථාවකම රස විඳින සදා ප‍්‍රිය කරන ගීතයකි. මේ සංගීත රචනය අප කෙතරම් දුර ගෙනියනවාද කියා සොයා බලන්න.

සුපෙම්වත
මගෙ ආදරය අමතක නොකරන්න
මා කළ කැපවීම කෙතරම්දැයි මඳකට සිතන්න

ඔබට මා දුරස් කළයුතුම වේ නම්
ඒ දුර නෙතු මානයම සීමාව කරගන්න
ඔබ හා බැඳීම ඇත්නම් එපමණයි ඒ මගේ ජීවිතයේ වසන්තය ළගාවීමයි

ඇතැම් විට මේ රාත‍්‍රිය කවදාකවත් නිමා නොවනු ඇත
සතුටෙහි මේ මධු කුසලානය කිසිදිනෙක නොසිඳෙනු ඇත
නමුදු එළැඹෙන අරුණෝදය ගැන හදෙහි කොතැනක හෝ සැමවිටම බයක් ඇත
එබැවින් සුපමේවත, මා තනි නොකරන්න



No comments:

Post a Comment