මගේ ආශිර්වාදය රැගෙන යන්න
හදවතෙහි සංදේශය රැගෙන යන්න
ආදරයේ සංකේතය රැගෙන යන්න
මායාකාර මගිය,
සුළෙඟහි පියා සරමින්
වලාවන්හි සෙවනැල්ලෙහි ඇදෙන
ඔබ කවර ගමකට යන්නේද?
පහල මහපොළවයි
සුන්දරවු ලෝකයයි
මහද මතුරනුයේ ඔබ මෙහි එන බවය
ඔතරම් අවදානම් ලෙසින් ඉහලින් සරමින්
ඉදිරියෙන් එන කුණාටු ගැන නොතකා
කොහි යනවාද?
ගමනාන්තය දුරය
ඔබ ද වෙහෙසකරය
මම දනිමි
ඔබ නැවත පැමිණෙයි
No comments:
Post a Comment