ගමනෙහි ගිනිඅව්වද වෙයි එහි දැවෙන්නට හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න
කිසිවෙකු නිසා හෝ මග වෙනස් වන්නේ නැත
ඔබටම ඔබව වෙනස්කොට ගතහැකිනම් පමණක් යන්න
මෙහි කිසිවෙකු කිසිවෙකුට මග කියා දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න
මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න
No comments:
Post a Comment