දයාබර මගේ හදවත
වෙන කොහේ හරි යමු
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු
වේදනාවෙන් පීඩා විනොවිඳින තැනක්
බොරු බලාපොරොත්තු නැති තැනක්
හදවතෙහි පිපෙන්නට තිබූ පොහොට්ටු දවා දැමූ
මේ වසන්තයෙන් ඇති ඵලය කුමක්ද?
වේදනාවෙන් පීඩාවටම පත්වීමි
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු
කිසිවෙකු හඬද්දී
තවෙකෙක් ඉවත බලාගෙන යන හැටි
කිසිවෙකුගේ මැවූ ලෝකය සුනුවිසුණුවී යද්දී
මේ මහ පොලව ඔහේ බලා සිටියා
මේ අහස ඉවත බලා ගත්තා
දුකින් පිරි මේ ලොව
මට දැන් නම් එපාවී ඇත
ඉන්නට අළුතින් තැනක් සොයා ගමු
Saturday, July 18, 2009
Friday, July 17, 2009
O door ke musafir
අද ඔබ වෙන්ව ගියේ නම් මෙලොවින්
මගේ දිවිය තවදුරටත් මගේ නොවනු ඇත
ඔබට වුවමනා දේ ලැබුණි
මට මරණයවත් නොලැබුණි
මා හැර දුරතක ගිය සබඳ
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
ඔබ මට දුන් දුක බලවත්ය
එහෙයින්ම මරණය නැතිවද
මැරි මැරී සිටිමි මෙහි
ජීවිත සමග සෙල්ලම් කරන මේ ලෝකයේ
මා පමණක් සිට කුමකටද?
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
හදවතෙහි මාවත් පාළුවට ගොසිනි
අවට ඇත්තේ පාළුව පමණි
මගේ ඉටු නොවුණු බලාපොරොත්තුවල මළගමද
සුන්වී ගිය සිහිනද පමණි මෙහි
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
මගේ දිවිය තවදුරටත් මගේ නොවනු ඇත
ඔබට වුවමනා දේ ලැබුණි
මට මරණයවත් නොලැබුණි
මා හැර දුරතක ගිය සබඳ
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
ඔබ මට දුන් දුක බලවත්ය
එහෙයින්ම මරණය නැතිවද
මැරි මැරී සිටිමි මෙහි
ජීවිත සමග සෙල්ලම් කරන මේ ලෝකයේ
මා පමණක් සිට කුමකටද?
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
හදවතෙහි මාවත් පාළුවට ගොසිනි
අවට ඇත්තේ පාළුව පමණි
මගේ ඉටු නොවුණු බලාපොරොත්තුවල මළගමද
සුන්වී ගිය සිහිනද පමණි මෙහි
මාවද රැගෙන යන්න ඔබ සමගින්
මම මෙහි තනිවී සිටිමි
O raat ke musafir
පි-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ දෑස හෝ හදවත
කිසිදු වරදක් නොකරන ලදි
එහෙත් කිසිවෙකු මා හා අමනාපව ඇත
ඔබේ තීරණය කුමක් වුවත්
එය පිළිගන්නට මා සූදානම්
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
ගැ-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ හදවත කාටවත් හිමිව නැත මෙතෙක්
ඒ රහස දෙනෙත් පවසන ලදි
ඉදින් දෑසින් දුටු යමක්
හදවතින් කෙසේ අමතක කරන්නද
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
පි-සඳවත මඳකට අහසින් බිමට බසින්න
ගැ- මොහුට මඟ අමතකව ගොස් ඇත
එය පෙන්වා දෙන්න
පි-දියෙහි පාරුව මංමුලාවී ඇත
රළපෙල, එයට ඉවුර පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ දෑස හෝ හදවත
කිසිදු වරදක් නොකරන ලදි
එහෙත් කිසිවෙකු මා හා අමනාපව ඇත
ඔබේ තීරණය කුමක් වුවත්
එය පිළිගන්නට මා සූදානම්
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
ගැ-රැයේ මගිය, සඳවත
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
මගේ හදවත කාටවත් හිමිව නැත මෙතෙක්
ඒ රහස දෙනෙත් පවසන ලදි
ඉදින් දෑසින් දුටු යමක්
හදවතින් කෙසේ අමතක කරන්නද
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
පි-සඳවත මඳකට අහසින් බිමට බසින්න
ගැ- මොහුට මඟ අමතකව ගොස් ඇත
එය පෙන්වා දෙන්න
පි-දියෙහි පාරුව මංමුලාවී ඇත
රළපෙල, එයට ඉවුර පෙන්වා දෙන්න
මගේ වරද කුමක්ද?
ඉදින් මට පෙන්වා දෙන්න
Wednesday, July 15, 2009
Pyar kiya to darna kya
(මෙලොව වසන සෑම අයෙක්ම සැබවින්ම අනෙකෙකු හා සැබෑ පෙමින් බැඳනුයේ ජීවිතයේ එක් වරක් පමණය. ඉනික්බිති ඉන් උපන් වේදනාව සමගින් ජීවත් වෙයි. මිය යයි)
ආදරය කලානම් බය වන්නේ කුමටද?
ආදරය සොරකමක් නොවේ නම්
සැඟවෙමින් සුසුම්ලන්නේ කුමටද?
අද මම මගේ හදවතෙහි ඇති කතාව ලොවට පවසමි
ලෝකය මගේ පණ නසා දැම්මත් කම් නැත
ලෝකයට දැකිය හැක්කේ මගේ මරණය පමණි
එතෙක් රහසින් දුක් විඳ විඳ මැරෙන්නේ කුමටද
ඔහුට ඇති ආදරය හදවතෙහි සැමදා පවතී
මගේ ලොවෙහි පහන සැමදා දැල්වෙයි
ආදරය නිසා දිවි ගෙවන්නෙමි
ආදරය නිසාම මිය යන්නෙමි
මා වෙන කුමක් කරන්නද?
සතර අතින්ම මට ඔහුවම පෙනේ
මගේ ආදරය මට සැඟවිය නොහැක
දෙවියන් ඉදිරියේ මා සැඟව නොයත්නම්
අන් තැන්හි මා සැඟව සිටින්නේ කුමටද?
ආදරය කලානම් බය වන්නේ කුමටද?
ආදරය සොරකමක් නොවේ නම්
සැඟවෙමින් සුසුම්ලන්නේ කුමටද?
අද මම මගේ හදවතෙහි ඇති කතාව ලොවට පවසමි
ලෝකය මගේ පණ නසා දැම්මත් කම් නැත
ලෝකයට දැකිය හැක්කේ මගේ මරණය පමණි
එතෙක් රහසින් දුක් විඳ විඳ මැරෙන්නේ කුමටද
ඔහුට ඇති ආදරය හදවතෙහි සැමදා පවතී
මගේ ලොවෙහි පහන සැමදා දැල්වෙයි
ආදරය නිසා දිවි ගෙවන්නෙමි
ආදරය නිසාම මිය යන්නෙමි
මා වෙන කුමක් කරන්නද?
සතර අතින්ම මට ඔහුවම පෙනේ
මගේ ආදරය මට සැඟවිය නොහැක
දෙවියන් ඉදිරියේ මා සැඟව නොයත්නම්
අන් තැන්හි මා සැඟව සිටින්නේ කුමටද?
baharon phool barsao
වසන්තය මල්වැසි වස්සන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
සුළඟ සුන්දරතම රාගයක් ගයන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
ඇගේ සුසුදු අත්ලෙහි රතුමල්වලින් මෙහෙන්දී තැවරෙනු ඇත
වලා පෙල අහසින් ඇදී අවුත් ඇගේ ආදර දෑසෙහි අංජන තවරන්න
තාරකාවනි, ඉදින් අවුත් ඇගේ නලල්තලය සරසන්න
සියලූ දෙන සෑම තැනම දෙනෙත් දල්වාගෙන සිටිති
මගේ පෙම්වතිය බොහෝ ලජ්ජාකාරියකි ඇය සැඟව යනු ඇත ලැජ්ජාවෙන්
ඉදින් මගේ හදවත අස්වසන්න මඳක්, මගේ ආදරිය පැමින සිටී
අද මංගල යහන මල් පොහොට්ටුවලින් ගැවසී ඇත
ඒවා දැන සිට ඇත මෙවැනි වසන්තයේ දිනයක් උදාවන බව
ඉදින් මා අවට සියල්ල වර්ණවත් කරන්න
මගේ සහකාරිය මෙහි සිටී
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
සුළඟ සුන්දරතම රාගයක් ගයන්න
මගේ සහකාරිය කැන්දාගෙන ආවෙමි
ඇගේ සුසුදු අත්ලෙහි රතුමල්වලින් මෙහෙන්දී තැවරෙනු ඇත
වලා පෙල අහසින් ඇදී අවුත් ඇගේ ආදර දෑසෙහි අංජන තවරන්න
තාරකාවනි, ඉදින් අවුත් ඇගේ නලල්තලය සරසන්න
සියලූ දෙන සෑම තැනම දෙනෙත් දල්වාගෙන සිටිති
මගේ පෙම්වතිය බොහෝ ලජ්ජාකාරියකි ඇය සැඟව යනු ඇත ලැජ්ජාවෙන්
ඉදින් මගේ හදවත අස්වසන්න මඳක්, මගේ ආදරිය පැමින සිටී
අද මංගල යහන මල් පොහොට්ටුවලින් ගැවසී ඇත
ඒවා දැන සිට ඇත මෙවැනි වසන්තයේ දිනයක් උදාවන බව
ඉදින් මා අවට සියල්ල වර්ණවත් කරන්න
මගේ සහකාරිය මෙහි සිටී
sagar kinare
ගැ-සාගර ලවැල්ලේ හදවත අඬගසයි
නුඹත් නැතිනම් මෙහි
මගේ කියා කිසිවෙකුත් නැත
පි-සාගර ලවැල්ලේ හදවත අඬගසයි
නුඹත් නැතිනම් මෙහි
මගේ කියා කිසිවෙකුත් නැත
පි-පෙනෙන මානයේ පෙනෙන සියල්ල
පමණක් නොව සුළඟද පිබිදී ඇත
ආදරය අවදිවූ විට සියල්ල අවදිවේ
ගැ-හදවත තුල නම් කිසි විටෙකත් නින්දක් නොවේ
ගැ-හිරු කිරණ නම් කිඳුරියන්
මුහුදු රල මත්තෙහි වැදී රඟයි
මා සයුරට බට ගංගාවක් මෙන්
අතරමංවී ගොසිනි
පි-අතරමංවූයේ ඔබ තනිව නොවේ
නුඹත් නැතිනම් මෙහි
මගේ කියා කිසිවෙකුත් නැත
පි-සාගර ලවැල්ලේ හදවත අඬගසයි
නුඹත් නැතිනම් මෙහි
මගේ කියා කිසිවෙකුත් නැත
පි-පෙනෙන මානයේ පෙනෙන සියල්ල
පමණක් නොව සුළඟද පිබිදී ඇත
ආදරය අවදිවූ විට සියල්ල අවදිවේ
ගැ-හදවත තුල නම් කිසි විටෙකත් නින්දක් නොවේ
ගැ-හිරු කිරණ නම් කිඳුරියන්
මුහුදු රල මත්තෙහි වැදී රඟයි
මා සයුරට බට ගංගාවක් මෙන්
අතරමංවී ගොසිනි
පි-අතරමංවූයේ ඔබ තනිව නොවේ
Monday, June 29, 2009
humein thumse pyar kitna
ඔබට කොයි තරම් ආදරේදැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
වෙන්වීමේ ශෝකය දරාගෙන
මිනිසුන් ජීවත්වන බව අසා ඇත්තෙමි
කොහොම ඒ දුක දරාගන්නවාදැයි
දැන්නම් සිතාගත නොහැක
එක දිනයක් වසරක් ලෙසින් දැනේ
මේ ලෙසින් කොපමණ කල් බලා ඉන්නදැයි නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
අන් කිසිවෙකු ඔබ දෙස බලද්දී
මගේ හිත ගින්නෙන් දැවෙයි
එහෙත් ඉන් පසු කෙසේ හෝ
හිතට සැබෑ කරුණු තේරුම් කරවන්නට
මම උත්සාහ ගනිමි
මා කෙතරම් පීඩාවට පත්ව ඇත්දැයි
ඔබ දන්නා එකක්යැ
මගෙ හදවත මෙතරම් දුර්වල වී දැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
වෙන්වීමේ ශෝකය දරාගෙන
මිනිසුන් ජීවත්වන බව අසා ඇත්තෙමි
කොහොම ඒ දුක දරාගන්නවාදැයි
දැන්නම් සිතාගත නොහැක
එක දිනයක් වසරක් ලෙසින් දැනේ
මේ ලෙසින් කොපමණ කල් බලා ඉන්නදැයි නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
අන් කිසිවෙකු ඔබ දෙස බලද්දී
මගේ හිත ගින්නෙන් දැවෙයි
එහෙත් ඉන් පසු කෙසේ හෝ
හිතට සැබෑ කරුණු තේරුම් කරවන්නට
මම උත්සාහ ගනිමි
මා කෙතරම් පීඩාවට පත්ව ඇත්දැයි
ඔබ දන්නා එකක්යැ
මගෙ හදවත මෙතරම් දුර්වල වී දැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
qurbani qurbani
මම ඔබ වෙනුවෙන් ප්‍රාණය පවා කැප කරමි
මගේ හදවත, මගේ විශ්වාසය
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
දෙවියන් පවා ආදරය කරනුයේ එවැන්නන්ටය
අප ඉදිරිපිට සතුරන්ගේ කඩු දිදුලයි
එහෙත් මා සතුරන්ගේ නරකම සතුරාය
එපමණකුදු නොව
මිතුරන්ගේ හොඳම මිතුරාය
හෙණ පුපුරා ගියදෙන්,
කුණාටු ඇදී ආ දෙන්
අහා මිත්‍රත්වයේ අරුමය
මම ඒ සියල්ලටම මුහුණ දෙමි
මිතුදමක් ලැඛෙන තුරු
මම මේ සතුට අත් නොවිඳීමි
අප සියලූ දෙන එක් වූ විට ලෝකයම සෙලවෙයි
අප දෙදෙනාගේ දෑත් එක් වූ විට
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
මගේ හදවත, මගේ විශ්වාසය
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
දෙවියන් පවා ආදරය කරනුයේ එවැන්නන්ටය
අප ඉදිරිපිට සතුරන්ගේ කඩු දිදුලයි
එහෙත් මා සතුරන්ගේ නරකම සතුරාය
එපමණකුදු නොව
මිතුරන්ගේ හොඳම මිතුරාය
හෙණ පුපුරා ගියදෙන්,
කුණාටු ඇදී ආ දෙන්
අහා මිත්‍රත්වයේ අරුමය
මම ඒ සියල්ලටම මුහුණ දෙමි
මිතුදමක් ලැඛෙන තුරු
මම මේ සතුට අත් නොවිඳීමි
අප සියලූ දෙන එක් වූ විට ලෝකයම සෙලවෙයි
අප දෙදෙනාගේ දෑත් එක් වූ විට
මගේ මිත්‍රත්වය මට මෙසේ පවසයි
මිතුරන් වෙනුවෙන් දිවි වුවත් පුදන්න
aye mohobbat tere anjaam
ආදරය,
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.
සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි
විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය
මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි
නුඹේ වෙන්වීමෙන් මම හැඬුවෙමි
එහෙත් නොදනිමි අද නම්
නුඹේ නම ඇසුණු පමණින් හැඬුවෙමි.
සෑම සැඳෑවක්ම ගෙවී ගියේ බලාපොරොත්තු
නෙතු දරාගෙනය
අද නම් කුමන හෝ හේතුවකින්
සැඳෑ කළ එළඹෙත්ම මට හැඬුම් එයි
විටෙක ඉරණමෙහි සන්තාපයන්
විටෙක ලොවින් ගැරහුම්
ආදරය වෙන්කරන මංසන්ධියට තැබූ සෑම පියවරක්ම
මාව හැඬවීය
මේ කුරිරු ලොවම ඔවුන්ගේ ආදරය ගැන කතා කරන විට අහෝ
බිඳීගිය මගේ ආදරය මා හඬවයි
Chahoonga Main Tujhe Saanjh Savere
මම ඔබම ප්‍රිය කළෙමි
සැම විටම
එහෙත් මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මම සියල්ල දනිමි
නුඹ නුඹේම හදවතට හැමදාම සවන් දෙයි
මිතුර
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මගේ වේදනාව වූයේද නුඹය
මට වූ අස්වැසිල්ලද නුඹම විය
දැක්ම පමණක් නොව මගේ ඇස් දෙක වූයේද නුඹමය
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
සැම විටම
එහෙත් මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මම සියල්ල දනිමි
නුඹ නුඹේම හදවතට හැමදාම සවන් දෙයි
මිතුර
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
මගේ වේදනාව වූයේද නුඹය
මට වූ අස්වැසිල්ලද නුඹම විය
දැක්ම පමණක් නොව මගේ ඇස් දෙක වූයේද නුඹමය
එහෙත් නැවත මම පෙර පරිදි කිසි දිනෙක නුඹට අඬනොගසමි
|
Subscribe to:
Posts (Atom)