ඔබට කොයි තරම් ආදරේදැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
වෙන්වීමේ ශෝකය දරාගෙන
මිනිසුන් ජීවත්වන බව අසා ඇත්තෙමි
කොහොම ඒ දුක දරාගන්නවාදැයි
දැන්නම් සිතාගත නොහැක
එක දිනයක් වසරක් ලෙසින් දැනේ
මේ ලෙසින් කොපමණ කල් බලා ඉන්නදැයි නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
අන් කිසිවෙකු ඔබ දෙස බලද්දී
මගේ හිත ගින්නෙන් දැවෙයි
එහෙත් ඉන් පසු කෙසේ හෝ
හිතට සැබෑ කරුණු තේරුම් කරවන්නට
මම උත්සාහ ගනිමි
මා කෙතරම් පීඩාවට පත්ව ඇත්දැයි
ඔබ දන්නා එකක්යැ
මගෙ හදවත මෙතරම් දුර්වල වී දැයි
මම නොදනිමි
එහෙත් ඔබ නැතිව
මට ජීවත්විය නොහැක
No comments:
Post a Comment