පි- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම නුඹේ නළලත චන්ද්‍ර තිලකයක් තබමි
තරුවැල් වලින් නළලත සරසමි
ගැ- අහස තෙක් මාගේ සුරත දිගුකල හැකි නම්
මම සඳ කිරණින් මල්මාලය ගොතන්නෙමි
ආදරයේ හදගැස්මෙන් එය අලංකාර කොට නුඹට පළඳමි
පි-මගේ ළග හදවත හැර අන් කිසිවක් නැත
ගැ-මේ ලෝකයේ හදවතට වඩා වටිනා යමක් නැත
පි-ඉතින් එහෙනම් මවෙත එන්න මම නුඹව මගේ හදේ රඳවා තබා ගනිමි
ගැ-මා නුඹව මාගේ දෙඅතෙහි රේඛාවන් බවට පත්කොට ගනිමි
මේ සමුදුර මගේ වී නම් ආදරයේ මුතු මේ සයුරේ සගවන්නෙමි
නොඇසුනේද සුපෙම්වත අසන්න මගේ සකිසඳ
ගැ- මගේ පන ඔබෙන් වෙන්වුණොත් නම් මම මියයමි
පි- අනේ සත්තකින්ම එසේ නැවත නොකියන්න මගේ ආදරියේ
ගැ- නුඹේ ප‍්‍රාර්ථනය කුමක්ද මට පවසන්න මගේ පෙම්වත
පි- නුඹේ හදවතේ හදගැස්ම බවට පත්වී සිටීමයි මගේ පැතුම
මේ සුන්දර දස අත විශ්වය මගේ සුරතට ගුලිකර ගතහැකි නම්
සත්තමයි නුඹ වෙනුවෙන් එය සොරකම් කරමි
Sunday, February 15, 2015
Saturday, October 18, 2014
Aansoo Bhi Hain Khushiyaan Bhi Hain
රවීන්ද්‍ර ජෛන් උපතින්ම අන්ධ පුද්ගලයෙකු විය. හේ බොලිවුඞ් සංගීතයට පිවිසුනේ අපූරු ගීත රැුසක්ම නිර්මාණය කරමිනි. මා ඉතා ප‍්‍රිය කරන ගොරි තෙරා ආදි ගීත රැසකම සංගීතවේදියා ඔහුය. විශේෂත්වය ඔහුගේ ගීත බොහොමයක ගේයපදරචකයාද ඔහුම වීමය. අනෙක් කාරණය ඔහුගේ ගීත රැසකම සොබා සෞන්දර්යය වර්ණනා කර සංගීතවත්කොට ඇත්තේ සැබවින්ම ඔහු මේ සොබාදහම දුටු පුද්ගලයෙකු ලෙසිනි. මේ ඔහු විසින් ලියා සංගීතවත් කල ගීතයකි. අරුත්බර පදවැලකි. සාමාන්‍යයෙන් පේ‍්‍රමය ගැනම ලියැවෙන ගීත අතරින් වෙනස්වූවකි.
කඳුලූද වේ සතුටද වේ
කටුද මල්ද වේ
දුකින් සහ සතුටින් පිරී ඇති දෙයකි මේ ජීවිතය
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
තමන්ට ලැබුනේ කොපමණ දැයි නොසිතන්න
ලැබුනේ ලැබියයුතු උපරිමයයැයි සිතන්න
කරුමෙ කරුමෙ කියමින් නොසිට මහන්සිවී වැඩ කරන්න
අඬන්නත් සිදුවනු ඇත සිනහවන්නත් සිදුවනු ඇත
ලැබෙනවා මෙන්ම නොලැබී දරාගන්නටද සිදුවනවා ඇත
ඔය කියනා තරම් ජීවිතය නරක දෙයක් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
මිනිස්සු සඳටත් බනිති ඒ ඔවුන්ට පෙනෙන ආකාරයටයි
කෙනෙකුගේ අවගුණයම නොදකින්න ගුණයත් පොඞ්ඩක් සොයන්න
සැහැල්ලූවද වේ බරපතලකමද වේ
මිහිරිබවද තිත්තවූ දේ ද ඇත
තබනා හැම පියවරකම ජීවිතය රසවත් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
කඳුලූද වේ සතුටද වේ
කටුද මල්ද වේ
දුකින් සහ සතුටින් පිරී ඇති දෙයකි මේ ජීවිතය
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
තමන්ට ලැබුනේ කොපමණ දැයි නොසිතන්න
ලැබුනේ ලැබියයුතු උපරිමයයැයි සිතන්න
කරුමෙ කරුමෙ කියමින් නොසිට මහන්සිවී වැඩ කරන්න
අඬන්නත් සිදුවනු ඇත සිනහවන්නත් සිදුවනු ඇත
ලැබෙනවා මෙන්ම නොලැබී දරාගන්නටද සිදුවනවා ඇත
ඔය කියනා තරම් ජීවිතය නරක දෙයක් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
මිනිස්සු සඳටත් බනිති ඒ ඔවුන්ට පෙනෙන ආකාරයටයි
කෙනෙකුගේ අවගුණයම නොදකින්න ගුණයත් පොඞ්ඩක් සොයන්න
සැහැල්ලූවද වේ බරපතලකමද වේ
මිහිරිබවද තිත්තවූ දේ ද ඇත
තබනා හැම පියවරකම ජීවිතය රසවත් නොවේ
නුඹ ලද ජීවිතය කෙබඳුදැයි දැනගන්නට
මඳක් ජීවත්වී බලන්න
Thursday, October 09, 2014
Kesi Pagali Deewani Meri Kadar Na Jani
කොතරම් සගවා ගත්තාද
එහෙත් සගවාගත නොහැකිය කඳුලූ
ජීවත් වන්නට වුවමනායි
එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද?
කෙසේ හෝ මහද රෝගී වී ඇත
දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද?
සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත
එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය
හදවත දුකින් බර විය
නුඹ මේ කලේ කවරක්ද
අහෝ නපුරු පෙම්වතිය
දැන් මගේ ජීවිතය දුකින් පිරි කතාවක් බවට පත්ව ඇත
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
සිතෙහි දහසක් බලාපොරොත්තු තිබුණි
සියල්ල නුඹ විනාශ කළාය
අපහසුවෙන් හුස්ම ගනිමින් මම ජීවත්වන්නට වෙර දරමි
හදවතට මම මෙසේ පවසමි
"කමක් නැත ඇයට වෛර නොකර ආශිර්වාද කල යුතුය"
ඔව්, යන්න ආදරියේ දැන් නුඹේ සියලූ නොදන්නාකම් වලට මම සමාව දෙමි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
https://gaana.com/song/kaisi-pagli-deewani
එහෙත් සගවාගත නොහැකිය කඳුලූ
ජීවත් වන්නට වුවමනායි
එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද?
කෙසේ හෝ මහද රෝගී වී ඇත
දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද?
සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත
එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය
හදවත දුකින් බර විය
නුඹ මේ කලේ කවරක්ද
අහෝ නපුරු පෙම්වතිය
දැන් මගේ ජීවිතය දුකින් පිරි කතාවක් බවට පත්ව ඇත
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
සිතෙහි දහසක් බලාපොරොත්තු තිබුණි
සියල්ල නුඹ විනාශ කළාය
අපහසුවෙන් හුස්ම ගනිමින් මම ජීවත්වන්නට වෙර දරමි
හදවතට මම මෙසේ පවසමි
"කමක් නැත ඇයට වෛර නොකර ආශිර්වාද කල යුතුය"
ඔව්, යන්න ආදරියේ දැන් නුඹේ සියලූ නොදන්නාකම් වලට මම සමාව දෙමි
මාව වටහානොගන්න තරම්
ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද
https://gaana.com/song/kaisi-pagli-deewani
Friday, August 29, 2014
Purvaiyya leke chali meri naiyya
හින්දි සිනමා පසුබිම් ගායනයේ මා වඩාත් වසගයට පත් ගායකයෙකුගේ කටහඬක් ඇත්නම් ඒ ශයිලේන්ද්‍ර සිංග් ගේ හඬටය. මේ ඔහු විසින් ගයන ඉතාම මිහිරි ආදර ගීතයකි. මේ ගීතයට සංගීතය රවීන්ද්‍ර ජෛන් විසිනි. ඔහුගේ ගීත සරළය. සුන්දරය. මෙහි රංගනයෙන්ද දායක වන්නේ එවකට තරුණ වියේ සිටි ශයිලේන්ද්‍ර සිංග් මයැ. ඔහුගේ හඬ අපූරු හඬකි.
පෙම්වතිය- පචින සුළග, නුඹ මාගේ නෞකාව ගෙන යන්නේ කොහිද
පෙම්වතා- සුන්දරියේ එය දැනගන්න
නුඹද දැන් මෙහිය මාද දැන් මෙහිය
පෙම්වතිය- සාගරයේ රළ කෙතරම් වෙද
සිතෙහි එතරම් ඉටුවනු දකින සිහින ඇත
පෙම්වතා- මේ මෝසම කෙතරම් සුවදායීද
හැමෝගෙම දෙතොලෙහි ආදර ගීතමය
මනබඳනා පරිසරයයි
අපිත් ගයමු එක්වීමේ මිහිරි ආදර ගීතය
පෙම්වතා- මම නුඹේ දෑස තුල ගිලී යෙමි
මේ ජීවන මංසන්ධියෙහි අතරමං වෙමි
පෙම්වතිය-පෙම්වත ඉදින් බිමට නෙත් යොමු නොකරන්න
මා නුඹේ දැහැනින් අතැර නොදමන්න
ආදරයෙන් උමතුවී
මං සෑම තැනම සොයා යමි නුඹේ හැගුමන්
පෙම්වතිය- මේ සමාජය කුරිරය
පෙම්වතා- ඉන් මිදී අප දුරතකට යා යුතුය
පෙම්වතිය- වෙන්වන්නේ කෙලෙසකද නුඹගේ රුවම මැවෙයි
පෙම්වතා-සෑම සුසුමකම පිරී ඇත්තේ නුඹගේ සුවඳය
ඉදින් මා පැරදුනි ඔබේ ආදරයේ නාමයෙන්
පෙම්වතිය- පචින සුළග, නුඹ මාගේ නෞකාව ගෙන යන්නේ කොහිද
පෙම්වතා- සුන්දරියේ එය දැනගන්න
නුඹද දැන් මෙහිය මාද දැන් මෙහිය
පෙම්වතිය- සාගරයේ රළ කෙතරම් වෙද
සිතෙහි එතරම් ඉටුවනු දකින සිහින ඇත
පෙම්වතා- මේ මෝසම කෙතරම් සුවදායීද
හැමෝගෙම දෙතොලෙහි ආදර ගීතමය
මනබඳනා පරිසරයයි
අපිත් ගයමු එක්වීමේ මිහිරි ආදර ගීතය
පෙම්වතා- මම නුඹේ දෑස තුල ගිලී යෙමි
මේ ජීවන මංසන්ධියෙහි අතරමං වෙමි
පෙම්වතිය-පෙම්වත ඉදින් බිමට නෙත් යොමු නොකරන්න
මා නුඹේ දැහැනින් අතැර නොදමන්න
ආදරයෙන් උමතුවී
මං සෑම තැනම සොයා යමි නුඹේ හැගුමන්
පෙම්වතිය- මේ සමාජය කුරිරය
පෙම්වතා- ඉන් මිදී අප දුරතකට යා යුතුය
පෙම්වතිය- වෙන්වන්නේ කෙලෙසකද නුඹගේ රුවම මැවෙයි
පෙම්වතා-සෑම සුසුමකම පිරී ඇත්තේ නුඹගේ සුවඳය
ඉදින් මා පැරදුනි ඔබේ ආදරයේ නාමයෙන්
Saturday, April 12, 2014
Deva Tujhya Gabharyala देवा तुझ्या गाभाऱ्याला उंबराच नाही
දෙවියනි නුඹ සිටින්නේ කොතැනකදැයි
සළකුණක් හෝ නැත
මා කොතැනකදී නුඹට වඳින්නදැයි නොවැටහේ
නුඹ සිටිනා තැන පවසන්න
මා කළ එකම වරද කිසිවෙකුට ආදරය කිරීම පමණයි
එක් වරක් මට සවන් දෙන්න
මගේ ආත්මය දැවෙන හැටි නුඹට හෝ දැනේවි නම්
නුඹ මෙතරම් රලූවූයේ කෙසේද?
ඇයිද, කෙදිනද, කොතැනකදීද,
මට මගේ දුටු සිහින අහිමි වූයේ
මට මගේ ආදරය අහිමි වූයේ
අහෝ දෙවියනි ඔබ අප මැවූ දා ඇරඹු
ජීවන සෙල්ලම නවතන්නේ නැතිද?
ජීවිත අහිමිවීමත් බැඳීමක් බිඳිමක්
ජීවිතයට හද පාරන තුවාලයක් වූයේ කෙසේද?
ජීවිතයේ විසඳුම් ඇයි ගැටලූ බවට පත්වන්නේ
පරතර අතර නොවැටහෙන පරතරයක් මැවෙන්නේ ඇයි
Singer : Aadarsh Shinde - Kirti Killedar
Movie : Duniyadari (2013)
සළකුණක් හෝ නැත
මා කොතැනකදී නුඹට වඳින්නදැයි නොවැටහේ
නුඹ සිටිනා තැන පවසන්න
මා කළ එකම වරද කිසිවෙකුට ආදරය කිරීම පමණයි
එක් වරක් මට සවන් දෙන්න
මගේ ආත්මය දැවෙන හැටි නුඹට හෝ දැනේවි නම්
නුඹ මෙතරම් රලූවූයේ කෙසේද?
ඇයිද, කෙදිනද, කොතැනකදීද,
මට මගේ දුටු සිහින අහිමි වූයේ
මට මගේ ආදරය අහිමි වූයේ
අහෝ දෙවියනි ඔබ අප මැවූ දා ඇරඹු
ජීවන සෙල්ලම නවතන්නේ නැතිද?
ජීවිත අහිමිවීමත් බැඳීමක් බිඳිමක්
ජීවිතයට හද පාරන තුවාලයක් වූයේ කෙසේද?
ජීවිතයේ විසඳුම් ඇයි ගැටලූ බවට පත්වන්නේ
පරතර අතර නොවැටහෙන පරතරයක් මැවෙන්නේ ඇයි
Singer : Aadarsh Shinde - Kirti Killedar
Movie : Duniyadari (2013)
Saturday, November 02, 2013
safer main dhoop to hogi
ගමනෙහි ගිනිඅව්වද වෙයි එහි දැවෙන්නට හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න
කිසිවෙකු නිසා හෝ මග වෙනස් වන්නේ නැත
ඔබටම ඔබව වෙනස්කොට ගතහැකිනම් පමණක් යන්න
මෙහි කිසිවෙකු කිසිවෙකුට මග කියා දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න
මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න
සැවොම එක්ව වසද්දී සියල්ලන් අතහරින්නට හැකිනම් පමණක් යන්න
කිසිවෙකු නිසා හෝ මග වෙනස් වන්නේ නැත
ඔබටම ඔබව වෙනස්කොට ගතහැකිනම් පමණක් යන්න
මෙහි කිසිවෙකු කිසිවෙකුට මග කියා දෙන්නේ නැත
මාව අතැර දමා ඔබට යා හැකියැයි සිතනවානම් පමණක් යන්න
මේ තමා අප ලද ජීවිතය සිහින සහ බලාපොරොත්තු කිහිපයක් ඇති
ඒ කිහිපයෙන් ඔබට සිත සනසාගෙන යා හැකිනම් පමණක් යන්න
Saturday, June 15, 2013
Radha na bole na bole re
දන්නෙහිද, රාධා නොපවසාවි
මුහුණෙහි සළුව විවර කර නොපෙන්වාවි
අහෝ රාධාගේ ලජ්ජාශීලී දෑස ගෝකුලයන් ඇදබැඳගන්නේ කෙසේද
බලන්න මෝහනගේ සිත සසළවී නොවෙද
මතක් කරගන්න යමුනා ඉවුරේ ගතකල සැඳෑවන්
රාධාගේ පා බැඳි නූපුර හැඬුවත්
මේ කාරණය ගැන පැවසුවේ නැත
හැමවිටම මගහැර යාම සුදුසු නොවෙයි
රාධාවගේ පා තබන ආකාරයට මුරලිය හඬවන්න
එවිට ඉබේම මේ කරුණ දැනගතහැකිවේවි
රාධා න බෝලේ න බෝලේ න බෝලේ රේ
ඝූංඝට් කේ පට් න ඛොලේ රේ
රාධා කී ලාජ් භරී අංඛියෝං කේ ඩෝරේ
දේඛෝගේ කෛසේ අබ් ගෝකුල් කේ චෝරේ
දේඛෝ මෝහන් කා මන්වා ඩෝලේ රේ
යාද් කරෝ ජමුනා කිනාරේ සාංවරියාං
ථෝඞී ථී රාධා කී කාහේ ගාගරියාං
ඉස් කාර්ණ් න තුම් සංග බෝලේ රේ
රූඨී හුඊ යූං න මානේගී චලියා
චරණෝ මේං රාධා කේ රඛ් දෝ මුරලියා
බාත් බන්ජායේගී හෞලේ හෞලේ රේ
ආසාද්(1955) සිනමාපටයට ලතාමංගේෂ්කර් ගායනා කරන ලද ගීතයකි. සංගීතය සී රාමචන්ද‍්‍රගෙනි.
මුහුණෙහි සළුව විවර කර නොපෙන්වාවි
අහෝ රාධාගේ ලජ්ජාශීලී දෑස ගෝකුලයන් ඇදබැඳගන්නේ කෙසේද
බලන්න මෝහනගේ සිත සසළවී නොවෙද
මතක් කරගන්න යමුනා ඉවුරේ ගතකල සැඳෑවන්
රාධාගේ පා බැඳි නූපුර හැඬුවත්
මේ කාරණය ගැන පැවසුවේ නැත
හැමවිටම මගහැර යාම සුදුසු නොවෙයි
රාධාවගේ පා තබන ආකාරයට මුරලිය හඬවන්න
එවිට ඉබේම මේ කරුණ දැනගතහැකිවේවි
රාධා න බෝලේ න බෝලේ න බෝලේ රේ
ඝූංඝට් කේ පට් න ඛොලේ රේ
රාධා කී ලාජ් භරී අංඛියෝං කේ ඩෝරේ
දේඛෝගේ කෛසේ අබ් ගෝකුල් කේ චෝරේ
දේඛෝ මෝහන් කා මන්වා ඩෝලේ රේ
යාද් කරෝ ජමුනා කිනාරේ සාංවරියාං
ථෝඞී ථී රාධා කී කාහේ ගාගරියාං
ඉස් කාර්ණ් න තුම් සංග බෝලේ රේ
රූඨී හුඊ යූං න මානේගී චලියා
චරණෝ මේං රාධා කේ රඛ් දෝ මුරලියා
බාත් බන්ජායේගී හෞලේ හෞලේ රේ
ආසාද්(1955) සිනමාපටයට ලතාමංගේෂ්කර් ගායනා කරන ලද ගීතයකි. සංගීතය සී රාමචන්ද‍්‍රගෙනි.
Sunday, December 16, 2012
ummeed ab kahi nahi of firaaq
ඉන්දියාවේ නොනවතින ජාතිවාදී අරගලයේ කතාවක් ලෙසින් දිගහැරෙන ෆිරාඛ් චිත‍්‍රපටයේ ඇති ගීතයකි.
සිනමාපටය නම් පක්ෂග‍්‍රාහී අයුරින් නිමවා තිබුණු අතර මේ ගීතය සඳහා විශිෂ්ඨ සංගීතයත් රේඛා භාරද්වාජ්ගේ හඬත් මුසුව තිබීම විශේෂය.
සිතුවත් පැතුවත්
කිසිදු නිවසක දොරක් විවර නොවෙයි
දැල්වී නිවී ගිය පසු
පහනද නිහඬය
හුස්ම ඇදගෙන සතර අතටම ඇවිද ගියද
දැකිය හැක්කේ මරණයයි
ඇවිදින මුත් ඔහේ
ලයෙහි පණනල නැති ලෙසකි
නගරයේ සෑම දෙයක්ම
දැවෙමින් තිබෙනමුත්
අඳුරම වැඩිවෙයි
කිසිදු ආලෝකයක් දැකිය නොහැකිය
සිනමාපටය නම් පක්ෂග‍්‍රාහී අයුරින් නිමවා තිබුණු අතර මේ ගීතය සඳහා විශිෂ්ඨ සංගීතයත් රේඛා භාරද්වාජ්ගේ හඬත් මුසුව තිබීම විශේෂය.
සිතුවත් පැතුවත්
කිසිදු නිවසක දොරක් විවර නොවෙයි
දැල්වී නිවී ගිය පසු
පහනද නිහඬය
හුස්ම ඇදගෙන සතර අතටම ඇවිද ගියද
දැකිය හැක්කේ මරණයයි
ඇවිදින මුත් ඔහේ
ලයෙහි පණනල නැති ලෙසකි
නගරයේ සෑම දෙයක්ම
දැවෙමින් තිබෙනමුත්
අඳුරම වැඩිවෙයි
කිසිදු ආලෝකයක් දැකිය නොහැකිය
Tuesday, November 13, 2012
Nazar mujhse milati ho
මා දෙස බලන නුඹ දෙස
මා බැලූවහොත්
ලජ්ජාවෙන් බිම බලාගනී
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
මුවින් කිසිවක් නොපවසන්නී
දෙනෙතින් බොහෝ දේ කතා කරන්නීය
බොහෝ දේ නොකියන්නට වෙර දැරුවත්
ඉඟිබිඟියෙන් ඒ සියල්ල කියැවෙයි
බිම බලාගෙන ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන කල්පනාවක ගැලෙන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
සඟවාගැනීමට තැත් කිරීමෙන් මා සුන්දරියේ
කා වෙනුවෙන් හෝ ඇති ආදරයක් නොවෙද සැඟව යන්නේ
එහෙත් නුඹ නොදන්නේද මේ කස්තූරි මෙන් වූ ආදරයකි.
සඟවා තැබුවත් සැමදා දසත සුවඳ විහිදුවයි.
ඔබ සියල්ලදනී. එසේ දැනගෙනද මා පීඩාවට පත්කරයි
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
නුඹ මට දක්වන ආදරයට කදිම සාධකය අන් කිසිවක් නොව
මාගේ නම ඇසුණු මොහොතේදී නුඹේ මුහුණ ලජ්ජාවෙන් රතුවී යාමයි
ඉතින් තවද මේ සංගීතවත් හදවත පුරා නුඹ ගයනුයේ මා ගැනම ගී නොවෙද
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
නුඹේ නිවසට මා ආවහොත් වහා මට නොපෙනෙන්නට මුවාවී සැඟව යන්නීය
දක්නට රිසිවූ විට සැඟවී බියෙන් සැලෙන්නීය
එහෙත් මා දනිමි ඉන්පසු නුඹ පැලැල්ල අතරින් අන් අයට හොරා මා දෙස එබී ඉඟිබිඟි පාන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
මා බැලූවහොත්
ලජ්ජාවෙන් බිම බලාගනී
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
මුවින් කිසිවක් නොපවසන්නී
දෙනෙතින් බොහෝ දේ කතා කරන්නීය
බොහෝ දේ නොකියන්නට වෙර දැරුවත්
ඉඟිබිඟියෙන් ඒ සියල්ල කියැවෙයි
බිම බලාගෙන ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන කල්පනාවක ගැලෙන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
සඟවාගැනීමට තැත් කිරීමෙන් මා සුන්දරියේ
කා වෙනුවෙන් හෝ ඇති ආදරයක් නොවෙද සැඟව යන්නේ
එහෙත් නුඹ නොදන්නේද මේ කස්තූරි මෙන් වූ ආදරයකි.
සඟවා තැබුවත් සැමදා දසත සුවඳ විහිදුවයි.
ඔබ සියල්ලදනී. එසේ දැනගෙනද මා පීඩාවට පත්කරයි
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
නුඹ මට දක්වන ආදරයට කදිම සාධකය අන් කිසිවක් නොව
මාගේ නම ඇසුණු මොහොතේදී නුඹේ මුහුණ ලජ්ජාවෙන් රතුවී යාමයි
ඉතින් තවද මේ සංගීතවත් හදවත පුරා නුඹ ගයනුයේ මා ගැනම ගී නොවෙද
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
නුඹේ නිවසට මා ආවහොත් වහා මට නොපෙනෙන්නට මුවාවී සැඟව යන්නීය
දක්නට රිසිවූ විට සැඟවී බියෙන් සැලෙන්නීය
එහෙත් මා දනිමි ඉන්පසු නුඹ පැලැල්ල අතරින් අන් අයට හොරා මා දෙස එබී ඉඟිබිඟි පාන්නීය
සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද.
Thursday, September 27, 2012
Malavun Taak Deep
කුමරුනි,
හදෙහි පහන ගත සෑම අංගයක්ම දවයි.
ඇතුලතින් ඒ විඳගනිමින් බොහෝ කල් තනිව හිඳිමි.
මලින් බර සිහින බොහෝ දකිමි
මන්ද රැය දැන් බොහෝ දිගු බැවිනි
අහෝ මේ සිහින නිම නොවේනම් අපූරුයැ
මේ හිරිගඩු පිපෙන සීතලෙහි මා තුරුලූ කරගන්න
එකවරක් මට දැනෙන්නට ඉඩදෙන්න
ඔබ අත්විඳින හැඟුමන්
තරු එළියේ නැහැවෙමින් බොහෝ ඈතින්
අරුණලූ පොරොත්තුවෙන් හිඳී
මේ අත්විඳි හැඟුම් සුපෙම්වත සුමටව හදෙහි රඳවාගන්න
ඔබ කවදා වටහාගන්නද
තනිව කිසිවෙකු දැවෙමින් හිඳින අයුරු
පවසන්න මට සැබවින්ම
පළඟැටියෙකු පහනට ඇදී දැවෙන්නේ තනිකම නිසාද
මේ නුඹේ සුසුම්රැල්ලද
මේ පැතිරෙන්නේ සුගන්ධය පතුරුවමින්
සෙමින් මා අමතන්න
අප සඳ එළියට බාධා කරමු ඉදින්
මාල්වූන ටාක දීප- චේතවූන අංග අංග
රාජසා කිතී දිසාංත- ලාභලා නිවාංත සංග
ත්යා තිථේ ෆුලා ෆුලාත්- පේංගතේ අජූන රාත්
හාය තූ කරූ නකෝස- ඒවඪ්යාත ස්වප්න භංග
ගාරගාර යා හවේත- ඝේඋනී මලා කවේත
මෝකලේ කරූන ටාක- ඒක්වාර අන්තරංග
දූර්දූර තාර්කාත- ෙබෙස්ලී පහාට් න්හාත
සාව්කාශ ඝේ ටිපූන- ඒක් ඒක රූප් රංග
හේ තුලා කසේ කළේල- කෝණ ඒකටේ ජලේල
සාංග කා කධී ඛරේච- ඒකටා ජළේ පතංග
කාය හා තුඣාච ශ්වාස- දර්වලේ ඉථේ සුවාස
බෝලරේ හලූ උඨේල- චාංදණ්යාවරී තරංග්
රචක- සුරේෂ් භාට්
සංගීතය- හෘදයනාත් මංගේෂ්කාර්
ගායනය- ලතා මංගේෂ්කර්
හදෙහි පහන ගත සෑම අංගයක්ම දවයි.
ඇතුලතින් ඒ විඳගනිමින් බොහෝ කල් තනිව හිඳිමි.
මලින් බර සිහින බොහෝ දකිමි
මන්ද රැය දැන් බොහෝ දිගු බැවිනි
අහෝ මේ සිහින නිම නොවේනම් අපූරුයැ
මේ හිරිගඩු පිපෙන සීතලෙහි මා තුරුලූ කරගන්න
එකවරක් මට දැනෙන්නට ඉඩදෙන්න
ඔබ අත්විඳින හැඟුමන්
තරු එළියේ නැහැවෙමින් බොහෝ ඈතින්
අරුණලූ පොරොත්තුවෙන් හිඳී
මේ අත්විඳි හැඟුම් සුපෙම්වත සුමටව හදෙහි රඳවාගන්න
ඔබ කවදා වටහාගන්නද
තනිව කිසිවෙකු දැවෙමින් හිඳින අයුරු
පවසන්න මට සැබවින්ම
පළඟැටියෙකු පහනට ඇදී දැවෙන්නේ තනිකම නිසාද
මේ නුඹේ සුසුම්රැල්ලද
මේ පැතිරෙන්නේ සුගන්ධය පතුරුවමින්
සෙමින් මා අමතන්න
අප සඳ එළියට බාධා කරමු ඉදින්
මාල්වූන ටාක දීප- චේතවූන අංග අංග
රාජසා කිතී දිසාංත- ලාභලා නිවාංත සංග
ත්යා තිථේ ෆුලා ෆුලාත්- පේංගතේ අජූන රාත්
හාය තූ කරූ නකෝස- ඒවඪ්යාත ස්වප්න භංග
ගාරගාර යා හවේත- ඝේඋනී මලා කවේත
මෝකලේ කරූන ටාක- ඒක්වාර අන්තරංග
දූර්දූර තාර්කාත- ෙබෙස්ලී පහාට් න්හාත
සාව්කාශ ඝේ ටිපූන- ඒක් ඒක රූප් රංග
හේ තුලා කසේ කළේල- කෝණ ඒකටේ ජලේල
සාංග කා කධී ඛරේච- ඒකටා ජළේ පතංග
කාය හා තුඣාච ශ්වාස- දර්වලේ ඉථේ සුවාස
බෝලරේ හලූ උඨේල- චාංදණ්යාවරී තරංග්
රචක- සුරේෂ් භාට්
සංගීතය- හෘදයනාත් මංගේෂ්කාර්
ගායනය- ලතා මංගේෂ්කර්
Subscribe to:
Posts (Atom)