Thursday, June 16, 2016
yeh zameen gaa rahi hai
අහසද ගයයි
මා සමගින් සොබාදමම ගයයි
ප‍්‍රියවූ මල්කැකුලූ සලූ මුදමින් පිපෙන්නේය
මත්වූ පිපුණු කුසුම් හදවත්ද රිද්මයට ගැහෙනු දැනෙයි
මේ වසන්ත ඍතුවම ගයනු ලබයි
වලාවන් ඇදී අවුත් ගිරි ශිඛරයන්හි පැටලෙයි
ආදරයේ සිතැත්තියක් අසළට පැමිනේවි
මේ මහද ගයන්නේ ආදරයේ ගීතයයි
යන මං අසාදැනගන්නට මංගල වේල් පටින් වහංවී ආදරියක් මා වෙත ඒවිද
ඒ ලෙසින් ගැයෙන්නේ මේ යව්වනයේ සුන්දර ආදර ගීතයයි
Thursday, January 07, 2016
Saathi Re Bhool Na Jana Mera Pyar Asha Bhosle
මා ජීවිතයේ අසා තිබෙන හින්දි ගීතවලින් ඉතාමත්ම සුන්දර සංගීත රචනාවකි මෙය. එසේම එය ගායනය ඉතාම සංකීර්ණ බව නම් අසන සැම විටම දැනේ. ආශා භෝංස්ලේ මේ ගීතයට පන දෙන ආකාරය කිසි දිනෙක අමතක කල නොහැකිය. ඇගෙන් පසු මේ ගීතය කවරෙකු හෝ කොතැනකදී හෝ ගැයුවානම් ඇය තරම් සාර්ථකව ගයන්නට නොහැකිවූ බව මම සෑම තැනකදීම දුටුවෙමි.
අරුතට පනදෙන මෙවැනි සංගීත රචනයක් කල හැක්කේ කෙසේද? මම බොහෝ විට සිතමි. රවීණ්ද්‍ර ජෛන් අන්ධ කලාකරුවෙකි. ඔහුගේ නොපෙනෙන දෙනෙතට කෙතරම් සුන්දර තැන් සොයා ගිය හැකිද? පදරචනයද සංගීත රචනයද ඔහුගේමය.
ගීතය පටිගත කරන්නට ගිය විට ඒ ගායනය සංකීර්ණ බව ආශා භෝංස්ලේ අවබෝධ කොට ගත්තාය. රවීන්ද්‍ර ජෛන් විමසා ඇත්තේ එක් දෙයකි.
මෙය ගයන්නට බැරි නම් නුඹත් ගායිකාවක්ද?
ඉන් ලද පන්නරය නිසා ඇය බොහෝ පුහුණුවී මෙය ගායනා කොට ඇත.
ඇගේ හැකියාවෙහි අගය ඇත්තේ එවකට මේ ගීත පටිගත කරන්නේ එක්වරම වන නිසාය. අද මෙන් පේලියෙන් පේලිය කොටසින් කොටස ගයා නොවේ. ඉන් වැටහෙන්නේ ඇය කෙතරම් දක්ෂද කියාය.
ගීතය මා තනිවූ සැම අවස්ථාවකම රස විඳින සදා ප‍්‍රිය කරන ගීතයකි. මේ සංගීත රචනය අප කෙතරම් දුර ගෙනියනවාද කියා සොයා බලන්න.
සුපෙම්වත
මගෙ ආදරය අමතක නොකරන්න
මා කළ කැපවීම කෙතරම්දැයි මඳකට සිතන්න
ඔබට මා දුරස් කළයුතුම වේ නම්
ඒ දුර නෙතු මානයම සීමාව කරගන්න
ඔබ හා බැඳීම ඇත්නම් එපමණයි ඒ මගේ ජීවිතයේ වසන්තය ළගාවීමයි
ඇතැම් විට මේ රාත‍්‍රිය කවදාකවත් නිමා නොවනු ඇත
සතුටෙහි මේ මධු කුසලානය කිසිදිනෙක නොසිඳෙනු ඇත
නමුදු එළැඹෙන අරුණෝදය ගැන හදෙහි කොතැනක හෝ සැමවිටම බයක් ඇත
එබැවින් සුපමේවත, මා තනි නොකරන්න
Saturday, October 24, 2015
Creep Qawaali
ප‍්‍රහසනය සමගින් අද තරුණියන්ට පොඩි පණිවුඩයක් දෙන අපූරු ගීතයකි මේ. ගීතයේ රසය එලෙසින්ම තබාගැනීමට හින්දි පද පමණක් සිංහළයට පරිවර්තනය කලෙමි.
There was one thing he forgot to mention
එකක friendsලා එවපු message තිබෙයි
And other folder එකේ creeeeeeeeps වෙයි
අපූරුයි
Couldn’t believe my eyes
එහෙම පිටින් පනහක් message
From all the පිස්සු guys
It was a revelation
Hey thr u lukn gr88888!!!!!
අයියෝ නොදන්න පොඩි එකෙක්, පිස්සු කොල්ලෙක්
Who the hell are you
ඔයා කවුද? ඔයා කවුද?
He is typing…
(oh beb ur really kewt..handsome කෙනා ගාවට එන්නකෝ)
ROFl, ROFL, ROFL, ROFL, LMAO
ROFl, ROFL, ROFL, ROFL, LMAO
මට හිතුනේ
Internet එකේ.. internet එකේ පෙම්වතුන්ගෙන් නම් අඩුවක් නෑ කියලයි
මගේ creepට වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ කියලයි
Isn’t even a legit creep
For my මංගල්ලෙ he is someone
My moooooooom would like to meet
මොන burn එකක්ද?
ගිනි තිබ්බා.. By God
හැන්දෑවෙ මං ගෙදර ආවා
After a long day at work, ඇත්තද?
හිටං හිටියා ඒ jerk.. oh
පහුවෙන්දා ආයෙ මුණ ගැහුනා
Watchmen වගේ වෙලා මුණ ගැහුනා whaaat?
Liftman වගේ වෙලා මුණ ගැහුනා
පහුවෙනිදා pizza ගෙනාවා
Said something really shady
Really shady..really shady..
What he said was really shady
Will you deliver my baby
I can bet you මගේ creep මෙතන කොහෙ හරි හැංගිලා ඇති
මං ඉන්න තැනක පෙම්වතුන් නම් අඩුවක් නැතිව ඉන්නවා
මගේ creep එයාගෙ අත අනිත් පැත්තට කරකෝගත්තා
එයා අපේ වෙඩින් එකේ කාර්ඩ් හිටන් බෙදුවා
එයා අපේ පොඩි එකාට නමත් දුන්නා
මගේ creep whatsapp එකෙන් එයාගෙ **** එව්වා
එයා එයාගෙ photos වලට මාව tag කරනවා
එයත් එයාගෙ photos වලට මාව tag කරනවා
මගේ creep මට ආදරේට කෝකිලාවිය කියල කතාකරනවා
සුරේශ් ? කුමාර්?
මේ ලෝකේ පෙම්වතුන්ගෙන් නම් අඩුවක් නෑ
අපි දෙන්නගෙ creepට වඩා creepy වෙච්ච වෙන කිසිම creep කෙනෙක් නෑ
Monday, October 12, 2015
'Ki Banu Duniya Da'
කෝක් ස්ටුඩියෝ සඳහා පදවැලෙහි වෙනසක් කල ගුරුදාස් මාන් තමන් සමග මේ ගීතය ගයන්නට පන්ජාබි තරුණ සුපිරි තරුවක් වූ දිල්ජීත් දෝසන්ජිවද යොදාගත්තේ තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කිරීමේ අරමුණින්මය.
අරුත විමසා බලන්න. දෙවනුව ගීතය අසා බලන්න. සුන්දර අත්දැකීමකි. ගීතයෙහි අරුතට කිඳා බැස එය තමන්ට ආරෝපණය කරගෙන ගායනා කරන්නේ කෙලෙසකදැයි කියන්නටත් මේ ගීතය කදිම උදාහරණයකි.
වර්තමානයේ සියලූ පෙම් සබඳතා තාවකාලික ඒවාය
ආදර සබඳකමක සුන්දරත්වය කුඩුපට්ටම් කර දමමින්
ආදරයේ අරුත කුමක්දැයි වටහා නොගනිමින්
සල්ලි තියෙනවනම් හෝටලයක රාත‍්‍රියක් ගත කොට අතැර දමන
ආදරයකි අද ඇත්තේ
අතීත පේ‍්‍රම පුරාණයේ පෙම්වතෙකු පෙම්වතියක් එක් වරක් හෝ දක්නට බොහෝ කාලයක් කැපකොට බලා සිටි කතන්දර එමටය.
එහෙව් ආදරයක් අද පලාතකවත් දක්නට නැත.
අද තාරුණ්‍ය යන්නේ කොයිබටද? අපොයි අපි එය විනාශ කරගනිමින් සිටිමු.
සුන්දර ආකර්ශනීය තාරුණ්‍ය අද යන්නේ වැරදි දිශාවකටය. ඒ දෙසට ගොස් කෙටි කලකින් සියල්ල අසුන්දර කරගනී.
මල් ලියකම් ගෙත්තම් කල අපේ පැරණි ස්ත‍්‍රි ඇඳුම් ආයිත්තම් අද නැතිව ගොසිනි.
එදා තරුණියෝ පැලඳි සුන්දර අබරණ අද කිසිවක් නැත.
අද සියල්ලට වඩා විලිබිය නැතිවී ඇත
පරපුරින් ආ ඒ සුන්දර ඇඳුම් ආයිත්තම් අතැර තනිකර බටහිරට වුවමනා සංකර විලාසිතාවලට ඔවුන් නතුවී ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.
වතුර කලයක් අරන් ලිඳට ගිය එදා යුවතියගේ ලැසි ගමනෙහි ලාස්‍ය, පා තබනා විට නදදෙන කුඩා නූපුර වැල
අහෝ සුන්දර යුවතියේ ඒ එදා ඔබ අද මේ කවර ලෙසින් සංකර වී තිබේද?
ඔබට සුන්දරවූ අපේ සංස්කෘතිය අමතකව ගොස් නොවෙද?
බටහිර ගැති මානසිකත්වයක් ඇති ඔබ දැන් අඳින්නේ පළඳින්නේ විළිසංගයක් නැති ඇඳුම්ය. එපමණක්ද? ඉංග‍්‍රීසි ගීත පමණක් අසන්නේ ඇයි අපේ ජනගීත ලස්සන නැතිව ගොස්ද?
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.
මේ යන විදියෙන් අපට යහපතක් නම් උදාවන්නේ නැත
අපේ භූමිය පසුකර ගලායන ගංගා පවා එකිනෙකා විමසන්නේ අපට කුමක් සිදුව ඇතිද කියාය
අද අප කිසිවෙකු දුටුවිට අමතන්නේ හෙලෝ හායි කියාය. ඇයි අපට ආවේණික නමස්තේ, සත්ශ‍්‍රියාකාල් වැනි වදන් අමතක වෙලාද?
අපි ඇත්තටම දැන් කලූ සුද්දො වෙලා ඉවරයි නොවෙද?
දැන් කොටින්ම සියලූ තරුණ තරුණියන් ඉංග‍්‍රීසි බස ඉගෙනුමට මිස හින්දි හෝ පන්ජාබි බසට ඇල්මක් ඇත්තේම නැත. ඉංග‍්‍රීසි දැනගත් පසු අපේ බස පහළට ඇද දමයි. ඒවා පහත් භාෂා බව කියයි
ඔවුන් අපේ සංස්කෘතියට සදාචාරයට ශිෂ්ටාචාරයට පමණක් නොව මව්බසටද ගරහයි.
වෙනත් භාෂා ඉගෙනගත්තාට එහි වරදක් නැත. වරද ඇත්තේ ඒ භාෂා උගත් පමණින් අපේ බසට ගැරහීමේය.
වෙනත් සංස්කෘතීන්වලට හුරු වුණාට කමක් නැත. වරද ඇත්තේ අපේ සංස්කෘතියට ගැරහීමේය.
අද මත්ද්‍රව්‍ය අපේ රට අඩපණ කරයි
දුර්වල වෙන කිසිවකින් සමාජයට පලක් නැත.
දේශපාලනය සහ අසීමිත බලය විසින් තාරුණ්‍ය ආලපාලූ කර දමා ඇත
අප ආදරය කරන බොහෝ අය රැුවටීමටත් ගැරහීමටත් ලක්වනු අපට පෙනේ.
හෙට කුමක් සිදුවේද?
සර්ව අශුභවාදයද පමණට වඩා අන්‍යයන්ගෙන් යමක් බලාපොරොත්තුවීමද නරකයැයි අට වැඩිහිටියන් පවසා ඇත
අපොයි අපේකමට සංස්කෘතියට සදාචාරයට වුණ දේ දන්නේ දෙවියන්ම පමණි.
දෙවියන්ම පමණි.
Wednesday, August 05, 2015
Shunya Gadh Shahar
හිස්ව ගිය බලකොටුවක නගරයක,
නගරයක නිවෙසක
කවුරු නිදන්නෙද කවුරු නොනිදන්නෙද
බැඳීම් තමන් සමගය තමන් බැඳීමෙහිය. ශරීරය නිදා වැටෙයි ආත්මය නිදි නැත
දියෙහි නෙලූමය, නෙලූමෙහි රොනවුල්ය. රොනවුලෙහි බමරුන් බමති. එහෙත් උන් කිකලෙකවත් එහි නවාතැන් ගනු නොවේ
මේ පවුරෙන් වට නගරයේ දොරටු දහයෙකි. ඒ නගරයෙහි මුනි දහමද නිතර සරයි.
ශරීරය වංගෙඩියක් සදිසිය මනස මෝල්ගසක් වන් සඳ
කෙතරම් ගැටෙමින් ඉරණම විසඳේඳ?
පස්කම් සැපෙහි පස් පවෙහි එය වැඩෙමින් තිබෙයි
ගිනිමැලයෙහි තපස්බව දැවෙයි එයද තපස් බවෙකැයි සිතේ
පංචශීලය තනිව මුමුණමින් සරන්නේ කිසිවෙකු තමන්ව නොදුටු බවය.
දෙවගනක් කරලියට බසී. නැවත අලස නෙතින් දෙවැන්නියක් ඉන්පසු තෙවැන්නිය කන්‍යාවක උද්යෝගී ලෙසින් සයනය සරසමින්
ඉනික්බිති බිඳී යයි බ‍්‍රහ්මචර්යාව මෙතෙකුත් රැකගත්
Monday, July 27, 2015
Kise Da Yaar Na Vichre
කිසිවෙකුට හෝ ඒ විරහවේ මහා දුක නොදැනේවා
සතුටෙහි හුස්ම පොදක්වත් වෙන්වීමෙන් පසු නොලැබෙන නිසා
වෙන්වීමේ දුකෙන් කිසිවෙකු මියයාමටද හැකිය
වේදනාව හද ගිලගනිද්දී දසඅත ගිලගන්නේ අඳුර විසිනි.
ලෝකයම වෙන්ව ගියදෙන් මට කමක් නැත
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා
රාත‍්‍රිය කෲර සර්පයෙකු මෙන් මා සපා කයි
අනෝරා වැස්සද වියැලී ගිය ලෙසින් දැනෙයි
දෙනෙත කඳුලින් මල්මාලා ගොතයි
ලෝකයම මට සිනහවෙද්දී දෙනෙත බොඳවී යයි
මොන දුකක් ආවත් මට කමක් නැත එහෙත් ආදරය කල පුද්ගලයා හැරයාම දරාගත හැකිද?
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා
කිසිවෙකුගේ ආදරය කල පුද්ගලයා හැර ගියේද ඔහු හෝ ඇය උමතුවෙන් ඉබාගාතේ යනු ඇත
ආදරයේ ආතුර බව විසින් කිසිවෙකු වනවාසයටද යොමු කරනු ඇත
එය එතරම් ප‍්‍රබලය
තමන් ආදරය කරන කෙනා තමාගෙන් වෙන්නොවේවායැයි දහස් වරක් හෝ මතුරන්න
අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා
Thursday, May 28, 2015
Payal mein geet hain cham cham ke
නුඹ දහස් වරක් ලාස්‍යයෙන් රගන්නී
එවිට නුඹේ පා බැඳි නූපුරු චම් චම් නදින් ගයන්නේ
ඒ නුඹේ ආදර ගීතයයි
නුඹ පැමිණ සිටින්නේ පෙම්වතා මුණගැසීය
ඉදින් දැන් අද සිට නුඹේ සිහින නුඹට අයිති නැත
අද සිට නුඹ දකින්නේ සිහිනයෙන් ඔහුවමය.
පෙම් කිරීම යනු මේ දිවිය පුරාවටම ඇති රෝගයකි
නුඹට ලෝකයා පිස්සියෙකැයි දැන් කියනු ඇත
නුඹට පෙම්වතා දුන් පොරොන්දු දැන් මතකයට එනු ඇත
මාද කවදාක හෝ කාට හෝ ආදරය කර ඇත
ඒ ආදරයේ නාදයද එදා කිසිවෙකුට හෝ ඇසෙන්නට ඇත
එනමුදු අද මා මේ ගයන්නේ විරහවේ ගීතයයි