Monday, June 29, 2009

rahi manwa

ගමන් සගය දුක දරාගත නොහී කුමට තැවෙනුද
දුක අපේ මිතුරෙක් නොවෙද?
සැප යනු පෙනී නොපෙනී යන මායාවක් නොවෙද?
ඉදින් දුක මිතුරෙක් ලෙසින් සිතනුව

ගමනේ නිමාව තව බොහෝ දුර වුවත්
ඒ මග දහසක් කටු අකුල් වුවත්
අප අතර බැඳීම සවිබල නම්
කුමට කම්පා වන්නද?

නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න

දුක පමණක්ම ඇති විටෙක
ගමනෙහි බලාපොරොත්තු පහන් දල්වා ගන්න
මෙතරම් දිගු ගමනක තනිව යෙදෙන විට
නුඹට නුඹේම කිසිවෙකු ඇතැයි පමණක් සිතන්න
ඉතින් කුමට කම්පා වන්නද?


Get this widget | Track details | eSnips Social DNA

gali mein aaj chand nikla

නුඹ ආ විටදි මට දැනුනා
වීදියට සඳ පායා
නොදනි කෙතරම්ද ගතවූ කල්
වීදියට සඳ පායා

දෑසේ අංජන වියැකී ගොස් ඇත
මේඝය ගොරවා වැහි පිට වැහි වැස
අද දෙවියනි දුක පෙනිලා
වීදියට සඳ පායා

අද රෑ මා නිදි යහනෙදි සැතපෙද
හෙට එලිවනතුරු මගෙ නෙතු අවදිව
මහද කම්පිතව නොඉවසිල්ලෙන්
වීදියට සඳ පායා

මා නුඹ එනවා ඈතින් දුටුවා
නැවතත් මගෙ හද මා හැර යනවා
එතෙකින් එහා සිහි නෑ
වීදියට සඳ පායා

Get this widget | Track details | eSnips Social DNA

in dinon dil mera

මේ දිනවල මගේ හද මට මෙසේ පවසයි
‘‘දැන්වත් සිහින දකින්න, ජීවිතය අත් විඳින්න.
ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’

අවපැහැ දිවිය වර්ණවත් කරම්ද
තනිකම උදෙසා කුමක් හෝ කරම්ද

නුඹට මඳක් හෝ වෙලාවක් ලැබුනොත් තමුන්ටම ආදරය කර බලන්න
‘‘ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’

ලොවට හොරා ඇයවත් ගෙන මා කොහේ හෝ දුරතක යම්ද
ඇගේ දෑසෙහි නුරාව මා අත්විඳින්නෙම්ද

මේ සමාජයෙන් සැඟව මගේ ආසාවන් ඉටුකරගනිම්ද
‘‘ඔබටත් අයිතියක් ඇත ආදරය කරන්නට’’