වීදියට සඳ පායා
නොදනි කෙතරම්ද ගතවූ කල්
වීදියට සඳ පායා
දෑසේ අංජන වියැකී ගොස් ඇත
මේඝය ගොරවා වැහි පිට වැහි වැස
අද දෙවියනි දුක පෙනිලා
වීදියට සඳ පායා
අද රෑ මා නිදි යහනෙදි සැතපෙද
හෙට එලිවනතුරු මගෙ නෙතු අවදිව
මහද කම්පිතව නොඉවසිල්ලෙන්
වීදියට සඳ පායා
මා නුඹ එනවා ඈතින් දුටුවා
නැවතත් මගෙ හද මා හැර යනවා
එතෙකින් එහා සිහි නෑ
වීදියට සඳ පායා
|
No comments:
Post a Comment